slc
logo
Home   |    News
මාර්තු 10, 2020
එංගලන්තයට එරෙහි ටෙස්ට් පිලේ වෙනස්කමක්

Sri Lanka Cricket

එංගලන්තයට එරෙහිව ලබන 18 වැනිදා ගාල්ලේදී ආරම්භවීමට නියමිත ටෙස්ට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට නැවතත් කුසල් පෙරේරාව කැඳවීමට තේරීම් කමිටුව පියවරගෙන තිබේ.

ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විතව නම් කරන ලද කණ්ඩායමට ඉකුත්දා බටහිර ඉන්දී කොදෙව් පිලට එරෙහිව පැවැති තරගාවලියේදී කැපී පෙනෙන දක්ෂතා දැක්වූ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගගේ නමද ඇතුළත්ව තිබුණද එම තාරගාවලියේ අවසන් තරගය අතරතුර ආබාධයකට ගොදුරුවීම නිසා ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඔහුට අහිමිව තිබේ.

කෙසේ වෙතත් සිම්බාබ්වේට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියේදී කණ්ඩායමට ඇතුළත්ව සිටි වමත් පිතිකරු ළහිරු තිරිමාන්නට එංගලන්තයට එරෙහි තරගාවලිය අහිමිව තිබේ.  

එම වෙනස්කම් කීපය හැරුණු කොට අනෙක් සියලුම ක්‍රීඩකයින් සිම්බාබ්වේට එරෙහිව පැවැති තරග සංචාරයට ඇතුළත්ව සිටින ක්‍රීඩකයෝ වෙති.

බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැති තරගාවලිය අතරතුර විවාහ දිවියට එළැඹි කුසල් පෙරේරා මධුසමය පසෙකලා පළමු විස්සයි-20 තරගවට ක්‍රීඩා කරමින් අර්ධ ශතකයක් රුස් කරගැනීමට සමත්වූවේය.

සිම්බාබ්වේට එරෙහිව පැවැති තරගාවලිය සඳහා කුසල්ව ඇතුළත් නොවූ හෙයින් ඔහු සුදු පන්දුව භාවිතයෙන් සිදුකෙරෙන එක්දින සහ විස්සයි-20 තරග සඳහා වැඩි අවධානයක් යොමු කරමින් සිය පුහුණුවීම් සිදු කරනු ලැබීය.

කෙසේ වෙතත් වනිඳුගෙන් හිස්වන ස්ථානය සඳහා ලබන 15 වැනිදා එංගලන්තයට එරෙහිව ඇරඹෙන සිව්දින පුහුණු තරගයේදී දක්ෂතා දක්වන ක්‍රීඩකයකුට අවස්ථාව පවතිනු ඇත.

ඇතුළට – කුසල් පෙරේරා, වනිඳු හසරංග.

ඉවතට – ළහිරු තිරිමාන්න

ශ්‍රී ලංකා කණ්ඩායම – දිමුත් කරුණාරත්න, ඕෂධ ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, කුසල්පෙරේරා, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, සුරංග ලක්මාල්, ළහිරු කුමාර, විෂ්ව ප්‍රනාන්දු, ලක්ෂාන් සඳකැන්, ඩිල්රුවන් පෙරේරා, ලසිත් ඇඹුල්දෙණිය, කසුන් රජිත, වනිඳු හසරංග.  (පළමු ටෙස්ට් තරගයට පෙර ආදේශක ක්‍රීඩකයකු නම් කිරීමට නියමිතය)

Active filters

Recent Posts

  • බංග්ලාදේශය ලකුණු 187 කින් පෙරමුණට
    ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී ලකුණු 10 ක පළමු ඉනිමේ වාසියද සමඟ නැවතත් සිය දෙවැනි ඉනිම ආරම්භ කළ බංග්ලාදේශ කණ්ඩායම තරගයේ සිව්වැනි දිනය වූ අද (20 […]
  • එක්දින සහ විස්සයි-20 ප්‍රවේශ පත්‍ර අලෙවිය 24 වැනිදා සිට
    බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන එක්දින සහ විස්සයි-20 තරග සඳහා වන ප්‍රවේශ පත්‍ර අලෙවිය මේ ජුනි මස 24 වැනිදා සිට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් […]
  • ලකුණු 250ක ඉලක්කයක් දුන්නොත් තරගයේ වැඩි වාසි අපිටයි
    – පැතුම් නිශ්ශංක බංග්ලාදේශයට එරෙහි පළමු ටෙස්ට් තරගයට තව දුරටත් හොදින් අවතීර්ණ වීමට නම් ශ්‍රී ලංකා පිල ලකුණු 200ක් 250ක් පමණ ඉදිරියෙන් සිට ඔවුන්ට තුන්වැනි ඉනිමේ පන්දුවට පහරදීමට […]
  • තරගයේ පාලනය ශ්‍රී ලංකාව අතට
    සංචාරක බංග්ලාදේශය ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී  තෙවැනි දිනය වූ අද (19 වැනිදා) තරගය නිමාවෙද්දී තරගයේ පාලනය ශ්‍රී ලංකා කණ්ඩායම වෙත රඳවා ගැනීමට පිතිකරුවෝ […]
  • ගාලු තණතිල්ල තවමත් පිතිකරුවන්ට හිතකරයි – මිලාන් රත්නායක
    ගාලු තණතිල්ල තවමත් පිතිකරුවන්ට පාරාදීසයක් වන තත්ත්වයක ඇතැයි ශ්‍රී ලංකාව වෙනුවෙන් දෙවැනි වේග පන්දු යවන්නා ලෙසින් ක්‍රීඩා කළ මිලාන් රත්නායක පැවැසීය. බංග්ලාදේශ පිතිකරුවන් ‍හොඳින් පන්දුවට පහර දුන්නාසේම ශ්‍රී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee