slc
logo
Home   |    News
මාර්තු 6, 2020
එංගලන්තයට එරෙහි නිල නොවන පුහුණු තරගයට දේශීය තරගාවලියේ දක්ෂයින් රැසකට අවස්ථාව

Sri Lanka Cricket

ටෙස්ට් තරග 2 කට සහභාගිවීම සඳහා මෙරටට පැමිණ සිටින එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමට පෙර සූදානමක් ලෙසින් පැවැත්වෙනු ලබන තුන් දින නිල නොවන පුහුණු තරගය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය XI කණ්ඩායමට දේශීය ක්‍රීඩා සමාජ තුන් දින තරගාවලියේදී දක්ෂතා දක්වන ලද ක්‍රීඩකයින් කීප දෙනෙකුටම  අවස්ථාව ලබා දීමට ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

ඒ අතර මෙවර තරගාවලියේ ද්විත්ව ශතක ලාභීන් දෙදෙනකු වන එන්. සී. සී. කණ්ඩායමේ ළහිරු උදාර සහ බදුලිය ක්‍රීඩා සමාජයේ ළහිරු මිලන්ත පසුවන අතර, තරගාවලියේ මෙතෙක් වැඩිම ශතක ලාභියා මෙන්ම ලකුණු ලාභියා බවට පත්ව සිටින ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජය් මනෝජ් සරත්චන්ද්‍ර ඒ අතර වෙති. මෙවර තුන් දින තරගාවලියේ තරග 5 කට සහභාගිවී ඇති සරත්චන්ද්‍ර ශතක 3 ක්ද සමඟින් ලකුණු 526 ක් ලබාගෙන  සිටින්නේ ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 105.2 ක් රඳවා ගනිමිනි.

ඔහුට අමතරව එක්ව සිටින ළහිරුලා දෙදෙනා අතරින් මිලන්ත වැඩිම ලකුණු ලාභීන්ගේ සටහනේ දෙවැනි තැන පසුවන්නේ තරගාවලියේ වැඩිම සාමාන්‍යයක් හිමි (116.25) පිතිකරුවා බවට පත්වෙමිනි. ලංකන්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 252 ක් රැස් කළ ළහිරු තරග 4 කදී ලකුණු 465 ක් ලබා සිටියි. ඒ කණ්ඩායම නියෝජනය කරනු ලබන උදාර ද රාගමට එරෙහිව නොදැවී ලකුණු 290 ක් රැස් කරගත්තේය.

අශාන් ප්‍රියන්ජන්ගේ නායකත්වයෙන් යුතුව නම් කරන ලද මෙම කණ්ඩායමට තුන් ඉරියව් ක්‍රීඩකයකු වන මිලින්ද සිරිවර්ධන ද ඇතුළත්ව සිටීම කැපී පෙනෙයි. ඉකුත් ලෝක කුසලාන තරගාවලියට සහභාගිවීමෙන් පසු පැවැති එකම ජාත්‍යන්තර තරගාවලියකට හෝ ක්‍රීඩා කිරීමේඅවස්ථාව මිලින්දට අහිමිවූ බැවින් ඔහුගේ දක්ෂතා මැන බැලීම කෙරෙහි අවධානය යොමු කරමින් තේරීම් කමිටුව විසින් එම අවස්ථාව ඔහුට ලබා දී තිබේ.

පන්දු යවන්නන් අතරින් තරග 5 කදී කඩුලු 38 ක් බිඳ හෙළමින් වැඩිම කඩුලු ලාභියා බවට පත්ව සිටින දුවිඳු තිලකරත්න සහ වේග පන්දු යවන කවිෂ්ක අංජුල ද නම් කරන ලද 15 දෙනා අතර වේ. පන්දු යැවීමේ අංශය ශක්තිමත් කිරීම වෙනුවෙන් ටෙස්ට් වරම් ලාභී වමත් දඟ පන්දු යවන මාලිංද පුෂ්පකුමාරවද මෙම තරගයට නම් කිරීමට තේරීම්වලදී තීරණය වී තිබේ.

නිල නොවන පුහුණු තරගයක් බැවින් මෙම තරගාවලියට නම් කරන ලද කණ්ඩායමේ 15 දෙනාටම තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව පවතින බැවින් පිතිකරුවන් සියල්ලටම සහ පන්දු යවන්නන් සියල්ලටම සිය දක්ෂතා පෙන්නුම් කිරීමේ හැකියාව උදාවී තිබේ.

ක්‍රිකට් ආයතන XI අශාන් ප්‍රියන්ජන් (නායක), ළහිරු උදාර, සංගීත් කුරේ, ළහිරු මිලන්ත, මිලින්ද සිරිවර්ධන, ප්‍රියමාල් පෙරේරා, ප්‍රමෝද් සරත්චන්ද්‍ර, චාමික කරුණාරත්න, නිසල් තාරක, තරිඳු කෞෂාල්, කවිෂ්ක අංජුල, ළහිරු සමරකෝන්, දුවිඳු තිලකරත්න, මාලින්ද පුෂ්පකුමාර.

Active filters

Recent Posts

  • බංග්ලාදේශය ලකුණු 187 කින් පෙරමුණට
    ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී ලකුණු 10 ක පළමු ඉනිමේ වාසියද සමඟ නැවතත් සිය දෙවැනි ඉනිම ආරම්භ කළ බංග්ලාදේශ කණ්ඩායම තරගයේ සිව්වැනි දිනය වූ අද (20 […]
  • එක්දින සහ විස්සයි-20 ප්‍රවේශ පත්‍ර අලෙවිය 24 වැනිදා සිට
    බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන එක්දින සහ විස්සයි-20 තරග සඳහා වන ප්‍රවේශ පත්‍ර අලෙවිය මේ ජුනි මස 24 වැනිදා සිට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් […]
  • ලකුණු 250ක ඉලක්කයක් දුන්නොත් තරගයේ වැඩි වාසි අපිටයි
    – පැතුම් නිශ්ශංක බංග්ලාදේශයට එරෙහි පළමු ටෙස්ට් තරගයට තව දුරටත් හොදින් අවතීර්ණ වීමට නම් ශ්‍රී ලංකා පිල ලකුණු 200ක් 250ක් පමණ ඉදිරියෙන් සිට ඔවුන්ට තුන්වැනි ඉනිමේ පන්දුවට පහරදීමට […]
  • තරගයේ පාලනය ශ්‍රී ලංකාව අතට
    සංචාරක බංග්ලාදේශය ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී  තෙවැනි දිනය වූ අද (19 වැනිදා) තරගය නිමාවෙද්දී තරගයේ පාලනය ශ්‍රී ලංකා කණ්ඩායම වෙත රඳවා ගැනීමට පිතිකරුවෝ […]
  • ගාලු තණතිල්ල තවමත් පිතිකරුවන්ට හිතකරයි – මිලාන් රත්නායක
    ගාලු තණතිල්ල තවමත් පිතිකරුවන්ට පාරාදීසයක් වන තත්ත්වයක ඇතැයි ශ්‍රී ලංකාව වෙනුවෙන් දෙවැනි වේග පන්දු යවන්නා ලෙසින් ක්‍රීඩා කළ මිලාන් රත්නායක පැවැසීය. බංග්ලාදේශ පිතිකරුවන් ‍හොඳින් පන්දුවට පහර දුන්නාසේම ශ්‍රී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee