slc
logo
Home   |    News
මාර්තු 8, 2020
එංගලන්තය ලකුණු 110 කින් පෙරමුණ ගනියි

sinhala editor

Chamila Karawita reporting from Katunayake

ලකුණු 50 ට වැඩි සම්බන්ධතාවයක් හැරුණු කොට කඩුලු අතර සාර්ථක සම්බන්ධතා ගොඩ නංවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය XI පිතිකරුවන්ට නොහැකි වීම මත කටුනායක මේරියන්ස් ක්‍රීඩා පිටියේ පැවැත්වෙන තුන් දින පුහුණු තරගයේ දෙවැනි දිනයේදී ලකුණු 71 කින් පළමු ඉනිමේදී පෙරමුණ ගැනීමට එංගලන්ත ක්‍රීඩකයෝ සමත්වූහ. ඒ අනුව දෙවැනි දිනය වූ අද (08 දා) සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටින එංගලන්ත කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 39 ක් ලබා දෙවැනි ඉනිමේදී ලකුණු 110 කින් පෙරමුණ ගෙන සිටියි.

දිනය හමාර කරන විට සැක් ක්‍රෝව්ලි ලකුණු 27 ක් සහ ජෝ ඩෙන්ලි ලකුණු 11 ක් ලබා තෙවැනි දිනය වන හෙට දිනයේදීත් පන්දුවට පහර දීමට අවස්ථාව උදා කරගත්හ. දැවි ගිය ඩොබ් සිබ්ලේ කවිෂ්ක අංජුලගේ පන්දුවක් හමුවේ ලකුණු නොලබා දැවී ගියේය.

වඩා උණුසුම් වුණු හලාවත මේරියන්ස් පිටියේදී ලකුණු 316 ක පළමු ඉනිමේ ඉලක්කය හඹා යෑම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය XI පිල ලකුණු 245 කටං නවතාලීම සඳහා කැපී පෙනෙන පන්දු යැවීමක නිරත පා දඟ පන්දු යවන මැට් පාර්කිංසන් ලකුණු 68 කට කඩුලු 4 ක් දවා ගනිද්දී වේග පන්දු යවන්නන් වුණු ඩොම් බෙස් කඩුලු(3) සහ ක්‍රිස් වෝක්ස් (2) අතර කඩුලු 5 ක් බෙදා ගත්හ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය XI වෙනුවෙන් වාර්තා කරන ලද ඉහළම කඩුලු සම්බන්ධතාවය බවට පත්වූයේ අශාන් ප්‍රියන්ජන් සහ ප්‍රියමාල් පෙරේරා අතර 5 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවුණු ලකුණු 60 ක සම්බන්ධතාවය විය. ඒ සම්බන්ධතාව හැරුණු කොට තෙවැනි කඩුල්ල වෙනුවෙන් සහ 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 40 ට ඉහළ සම්බන්ධතා දෙකක් ගොඩනැංවුණු අතර ඒ සම්බන්ධතා 2 ටම නායක අශාන් ප්‍රියන්ජන් දායකත්වය දැක්වීම කැපී පෙනුණි. එහිදී ප්‍රථමයෙන් ළහිරු මිලන්තට එක්වූ ප්‍රියන්ජන් තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 49 ක සම්බන්ධතාවක්ද 6 වැනි කඩුල්ල වෙනුවෙන් ප්‍රමෝද් මධුවන්ත සමඟ එක්ව ලකුණු 41 ක සම්බන්ධතාවක්ද පැවැත්වූහ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන XI ඉනිම ඇරැඹූ ළහිරු උදාර සහ සංගීත් කුරේ පන්දු 5 ක් ඇතුළතදී දැවී ගොස් තිබියදී පිටියට එක්වූ ළහිරු මිලන්ත සහ ප්‍රියන්ජන් ලකුණු 49 ක සම්බන්ධතාවක් පැවැත්වූ අතර එහිදී මිලන්ත ලකුණු 31 කට දැවී ගියේය. ඉනිමේ එල්ල කරන එකම හයේ පහරේ හිමිකරුවා බවට පත්වූ මිලන්ත තවත් හතරේ පහර 4 කින් තම ඉනිම වර්ණවත් කරගත්තේය.

මිලන්තගේ දැවී යෑමත් සමඟ පිටියට පිවිස් මිලින්ද සිරිවර්ධන මුහුණ දුන් පළමු පන්දුවෙන්මදවා ගැනීමට මැට් පාර්කිංසන් සමත්විය. එම දැවී යෑම් නිසා ලකුණු 83 කට කඩුලු 2 ක් ලෙසින් සටහන් වුණු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ඉනිම එක වරම ලකුණු 83 කට කඩුලු 4 ක් ලෙසින් සටහන් විය.

සාර්ථක සම්බන්ධතා තුනටම දායකත්වය දැක්වූ ප්‍රියන්ජන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය XI ඉනිමේ එකම අර්ධ ශතක ලාභියා බවටද පත්වූවේය. පිටියට පැමිණි විගසම ක්‍රිස් වෝක්ස්ගේ පන්දුවකට පළමු ස්ලිප් ස්ථානයේ පන්දු රැකි ජෝ රූට් වෙත උඩ පන්දුවක් ලබා දුන්නද එය ගිලිහී යෑමෙන් වරම් ලබා ගත් ප්‍රියන්ජන් තම පෞද්ගලික ලකුණු සංඛ්‍යාව 77 ක් දක්වා ඉහළ දමා ගත්තේය. පන්දු 126 කින් සමන්විත වූ ප්‍රියන්ජන්ගේ ඉනිම හතරේ පහර 11 කින් වර්ණවත් විය.

සමස්ථ දිනයේදී ප්‍රියන්ජන්ගේ උඩ පන්දුව හැරුණු කොට ජෝ රූට් අතින් තවත් උඩ පන්දු 2 ක් ගිලිහී යෑම කැපී පෙනුණි. ලකුණු 06 ක් ලබා සිටියදී ප්‍රියමාල් පෙරේරා විසින් ලබා දුන් උඩ පන්දුව ස්ලිප් ස්ථානයේ සිටද සහ මනෝජ් සරත්චන්ද්‍ර ලකුණු 16 ක් ලබා සිටියදී සිලිමිඩ් ඕන් කළාපයේ සිටද රූට් අතින් ගිලිහී ගියේය.

හෙට තරගයේ තෙවැනි සහ අවසන් දිනයයි.

Active filters

Recent Posts

  • ගාල්ලට පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ලකුණු 145ක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ගාල්ල පිලට […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තායිලන්තය පරාජය කරයි
    මීළඟ කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පැවැති ප්‍රථම තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා […]
  • ගාල්ල පිලේ ඔෂධ ප්‍රනාන්දුගෙන් ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ අද (24) දෙවැනි දිනයේදී ගාල්ල […]
  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]

Pin It on Pinterest

USD United States (US) dollar