slc
logo
Home   |    News
අප්‍රේල් 25, 2024
ගාල්ල පිලේ ඔෂධ ප්‍රනාන්දුගෙන් ද්විත්ව ශතකයක්

Sri Lanka Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ අද (24) දෙවැනි දිනයේදී ගාල්ල පිලේ ඔෂධ ප්‍රනාන්දු නොදැවී ද්විත්ව ශතකයක් වාර්තා කිරීමට සමත් වූවේය. එය මේ තරගාවලියේ මෙතෙක් වාර්තා වූ තෙවැනි ද්විත්ව ශතකය වූ අතර, මෙයට පෙර ගාල්ල පිලේ පසිඳු සූරියාරච්චි (ලකුණු 242) හා දඹුල්ල පිලේ පවන් රත්නායක (ලකුණු 240) ද්විත්ව ශතක වාර්තා කළහ.

රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන කොළඹ – ගාල්ල අතර තරගයේ කාසියේ වාසිය දිනාගත් කොළඹ පිල මුලින් පන්දුවට පහරදුන් අතර, පළමු දිනය නිමාවෙද්දී සියලු දෙනා ලකුණු 296කට දැවී ගියේය. ඔෂධ ප්‍රනාන්දු පන්දු 280කදී හයේ පහරක් හා හතරේ පහර 23ක් සමඟ නොදැවි ලකුණු 200ක් ලැබීම හේතුවෙන් අද දිනයේ තරගය නතර කරද්දී ගාල්ල පිල කඩුලු 5ක් දැවී ලකුණු 361ක් ලබා සිටියේය. එබැවින් කොළඹට වඩා තවත් කඩුලු 5ක් අතැතිව ගාල්ල පිල පළමු ඉනිමේ ලකුණු 65කින් ඉදිරියෙන් සිටී.

කොළඹ පළමු ඉනිම සියලුම දෙනා දැවී 296 (ඕවර් 78.3)
දිමුත් කරුණාරත්න 89, නිපුන් ධනංජය 29, දිනුර කළුපහන 27, නිසල තාරක 38, ඉසිත විජේසුන්දර 37, ධනංජය ලක්ෂාන් 2/41, රමේෂ් මෙන්ඩිස් 2/73, අසංක මනෝජ් 3/70

ගාල්ල පිල පළමු ඉනිම කඩුලු 5කට ලකුණු 361(ඕවර් 89)
ඔෂධ ප්‍රනාන්දු නොදැවි 200, නිශාන් පීරිස් 46, පසිඳ සූරියාරච්චි 33, ලක්ෂාන් එදිරිසිංහ 46, අතිරේක 23 (ඉසිත විජේසුන්දර 36/2, ප්‍රභාත් ජයසූරිය 108/1, අශේන් බණ්ඩාර 53/1, නිපුන් ධනංජය 15/1)

දඹුල්ල – යාපනය

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දඹුල්ල හා යාපනය අතර තරගයේ කාසියේ වාසිය දිනාගත් දඹුල්ල පිල මුලින් පන්දුවට පහරදීමට තීරණය කළ අතර, සියලු දෙනා දැවී ලකුණු 392ක් ලබා ගත්තේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන යාපනය පිල කඩුලු 3ක් දැවී ලකුණු 121ක් ලබා සිටී.

දඹුල්ල පිල වෙනුවෙන් 22 හැවිරිදි රනේෂ් සිල්වා පන්දු 176කදී හතරේ පහර 9ක් සමඟ ලකුණු 100ක් වාර්තා කළේය. සනෝජ් දර්ශික පන්දු 202කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 69ක් ලබාගත් අතර, රනේෂ් හා සනෝජ් අතර 2 වැනි කඩුල්ලට එක් කළ ලකුණු සබඳතාව 179ක් විය.

අද දිනයේ පන්දු 146කදි හයේ පහරක් හා හතරේ පහර 11ක් සමඟ ලකුණු 112ක් ලබා ගැනීමට නායක සොනාල් දිනූෂ සමත් විය.

දඹුල්ල පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 392 (ඕවර 122.3)
රිසිර වීරසූරිය 15, සනෝජ් දර්ශික 69, රනේෂ් සිල්වා 100, සොනාල් දිනූෂ 112, නවීන් ප්‍රනාන්දු 32, අතිරේක 35 (ළහිරු මධුසංඛ 57/1, දිලුම් සුධීර 130/5, ජනිත් ලියනගේ 45/1, කල්හාර සේනාරත්න 49/2)

යාපනය පිල පළමු ඉනිම කඩුලු 3කට ලකුණු 121 (ඕවර් 31)
සදුන් වීරක්කොඩි 25, සන්තුෂ් ගුණතිලක 43, නිපුන් කරුණානායක නොදැවී 28, ජනිත් ලියනගේ නොදැවී 17, අතිරේක 5 (නවීන් පුනාන්දු 28/2, වමිඳු විජේසිංහ 26/1)

 

 

 

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 67කින් උගන්ඩාව පරාජය කරයි
    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ උගන්ඩා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර අද (01) අබුඩාබිහි පැවැති කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 67ක […]
  • මහනුවර පළමු ඉනිමේ ලකුණු 69ක් ඉදිරියෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ මහනුවර – ගාල්ල අතර අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ලකුණු […]
  • ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායම දෙවැනි තරගය කඩුලු 8කින් ජය ගනී
    ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායම සහ සංචාරක ඇෆ්ගනිස්තාන ‘ඒ ‘ කණ්ඩායම අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අද (30) පැවැති දෙවැනි එක්දින තරගයෙන් ද ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට කඩුලු […]
  • මහනුවර පිල පළමු දිනයේ කඩුලු 8කට ලකුණු 279යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ මහනුවර – ගාල්ල අතර අද ආරම්භ වූ අවසන් මහා තරගයේ […]
  • ශ්‍රී ලංකා ‘ඒ ‘ ලකුණු අටකින් ජය ගනී
    ශ්‍රී ලංකා ‘ඒ ‘ සහ ඇෆ්ගනිස්තාන ‘ඒ‘ කණ්ඩායම් අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අද (28) පැවැති එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා ‘ ඒ ‘ කණ්ඩායම ඩක්වර්ත් ලුවිස් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee