slc
logo
Home   |    News
අප්‍රේල් 24, 2024
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග

Sri Lanka Cricket

බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) තායිලන්තය සමඟ තරග වදී.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී මැයි 01 වැනිදා උගන්ඩාව සමඟත් මැයි 03 වැනිදා අමෙරිකාව සමඟත් තරග වදී.

මේ තරගාවලියේ අවසාන පූර්ව තරග දෙක මැයි 05 වැනිදා පැවැත්වෙන අතර අවසාන තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ මැයි 07 වැනිදාය. අවසාන තරගයට සුදුසුකම් ලබන කණ්ඩායම් දෙක බංග්ලාදේශයේ ලෝක කුසලාන කාන්තා විස්සයි 20 අවසාන තරගයට සුදුසුකම් ලබයි.

පසුගියදා දකුණු අප්‍රිකාවේ තරග වැදුණු ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම එම තරගාවලියෙන් පසුව කෙළින්ම අබුඩාබි බලා පිටත්ව ගියේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වීම සඳහාය.

මේ වන විටත් ලෝක කුසලාන කාන්තා අවසාන තරගාවලියට කණ්ඩායම් හයක් තේරී සිටින්නේ 2023 වසරේ අන්තර් ජාතික ක්‍රිකට් සමුළුවේ කාන්තා ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමේ ප්‍රථම ස්ථානයේ සිට හයවන ස්ථානය තෙක් තේරුණු කණ්ඩායම් ඊට ඇතුළත් කර ගැනීමෙනි. බංග්ලාදේශය ඊට තේරී ඇත්තේ සත්කාරක රට ලෙසටය.

 අබුඩාබි නගරයේ තරග වදින ශ්‍රී ලංකා කණ්ඩායම

චමරි අතපත්තු (නායිකා) විශ්මි ගුණරත්න, නිලක්ෂි ද සිල්වා, හර්ෂිතා සමරවික්‍රම, කවීෂා දිල්හාරි, හෂිනි පෙරේරා, අවිශ්කා සංජීවනී, උදේශිකා ප්‍රබෝධනී, ඉනෝකා රණවීර, අචිනි කුලසූරිය, හංසිමා කරුණාරත්න, කාව්‍යා කවිඳි, ඉනෝෂි ප්‍රනාන්දු, සුගන්ධිකා කුමාරි සහ ශෂිනි ගිම්හානි

 ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන තරග (මූලික වටය)

අප්‍රේල් 25 – ශ්‍රී ලංකාව – තායිලන්තය – අබුඩාබි ටොලරන්ස් ඕවල්  සවස 4.30ට

මැයි 01 – ශ්‍රී ලංකාව – උගන්ඩාව – අබුඩාබි සෙයියඩ් ක්‍රීඩාංගණය

මැයි 03 – ශ්‍රී ලංකාව – අමෙරිකාව – අබුඩාබි ටොලරන්ස් ඕවල්

මැයි 05 – (අවසාන පූර්ව තරග දෙක I සහ  II) ශ්‍රී ලංකාව සුදුසුකම් ලැබුවොත්

මැයි 07 – (අවසාන තරගය)

Active filters

Recent Posts

  • ජනිත් ලියනගේ කලම්බු කැප්ස්ට ජය ගෙන එයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ පස්වැනි තරගයේදී ජනිත් ලියනගේ හා ජේම්ස් නීෂම් ගොඩනැගූ නොබිඳුණු පස්වැනි කඩුල්ලේ සබඳතාවයේ ශක්තිය හේතුවෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට කලම්බු […]
  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]
  • එන්.සී.සී. පිලේ චන්දූපගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ නවතම ශතකලාභියා බවට පත්වීමට එන්.සී.සී. කණ්ඩායමේ චන්දූප සේනාරත්න අද (18) පත්විය. මුවර්ස් කණ්ඩායමට […]
  • දඹුල්ල සික්සර්ස්ට ජයග්‍රාහී ආරම්භයක්
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ දෙවැනි තරගයෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 18ක විශිෂ්ට ජයක් වාර්තා කළ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම මෙවර තරගාවලිය ජයග්‍රාහී ලෙස ආරම්භ කිරීමට සමත් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee