slc
logo
Home   |    News
මාර්තු 29, 2020
කොරෝනා මඬින්න ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ අඛණ්ඩ දායකත්වය

sinhala editor

කොරෝනා හෙවත් Covid-19 වසංගතය මැඬපැවැත්වීම වෙනුවෙන් හෝමාගම මූලික රෝහලේ වෛද්‍ය කාර්යය මණ්ඩලය සඳහා වන පුද්ගලික ආරක්ෂණ උපකරණ තොගයක් මිලදී ගැනීම සඳහා වූ මූල්‍ය ප්‍රතිපාදනයන්හි බරපැන ද දැරීමට  ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉදිරිපත් වී සිටියි. අදාළ උපකරණ කට්ටල තොග ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්නගේ ප්‍රධානත්වයෙන් අද (29 දා) එම රෝහල් පාලනාධිකාරියට භාර දෙනු ලැබීය.

කොරෝනා වෛරසය වැළඳී ඇතැයි සැක කෙරෙන රෝගීන් සඳහා ප්‍රතිකාර සිදුකෙරෙන මධ්‍යස්ථානයක් ලෙසින් ක්‍රියාත්මක වන මෙම හෝමාගම රෝහලේ පාලනාධිකාරිය විසින් සිදුකරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ඉහත දායකත්වය ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් පියවර ගනු ලැබීය. ශ්‍රී ලංකා නායකයා විසින් එම රෝහලේ වෛද්‍ය අධිකාරී වෛද්‍ය ජනිත හෙට්ටිආරච්චි මහතා වෙත පිරිනමන ලද අදාළ ආරක්ෂක උපකරණ කට්ටිල වෛද්‍ය කාර්යය මණ්ඩලයට අවශ්‍ය වන පරිදි භාවිතා කෙරෙනු ඇත.

අදාළ උපකරණ කට්ටිල බෙදාදීමේ අවස්ථාවේදී අදහස් දක්වා සිටි ශ්‍රී ලංකා නායක කරුණාරත්න, “මාරාන්තික වෛරසය නිමා කිරීම සඳහා ක්‍රීඩකයින් වශයෙන් සිදුවිය යුතු උපරිම සහයෝගය ශ්‍රී ලංකා රජයට ලබා දීමට අපි කටයුතු කරනවා” යි සඳහන් කර සිටියේය.

මෙම උපකරණ කට්ටල ලබා දීමට ප්‍රථම කොළඹ ජාතික රෝහලට අවශ්‍යය ස්වරාලය හෙවත් උගුර ආශ්‍රිත ප්‍රදේශයේ වූ පටක පරීක්ෂා කිරීම සඳහා යොදා ගැනෙන ලැරින්ගෝස්කෝප් (Laryngoscopes) නම් උපකරණය ද මිලදී ගැනීම සඳහා කණ්ඩායමේ සියළුම සාමාජිකයෝ සිය පෞද්ගලික මුදලින් දායකත්වය දැක්වූහ. මෙම උපකාරවලට අමතරව ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් ඔවුන්ගේ සමාජ මාධ්‍ය හරහා කොවිඩ් – 19 වසංගතයට එරෙහි සටනට නිරතරයෙන් සහයෝගය දෙන ලෙසද ක්‍රීඩා ලෝලීන්ගෙන් ඉල්ලා සිටීමටද කටයුතු කළහ.

මේ අතර ජාතික රෝහල වෙත ලැරින්ගෝස්කෝප් (Laryngoscopes) උපකරණය ගෙන්වා ගැනීම සඳහා ලබා දුන් සහයෝගය වෙනුවෙන් නායක දිමුත් කරුණාරත්න ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයින්ට ස්තූතිය පළ කරමින් එම රෝහලේ නිර්වින්දන සහ දැඩි සත්කාර දෙපාර්තමේන්තුව මගින් ස්තූතිය පළ කරමින් වූ ලියුමක් ශ්‍රී ලංකා කණ්ඩායම වෙත ලබා දීමට කටයුතු කිරීමද  විශේෂත්වයක් වේ.

Active filters

Recent Posts

  • දෙපිළම තීරණාත්මක කඩඉමක් අභියස
    පිතිකරුවන් අතින් සිදුවූ අතපසුවීම හේතුවෙන් ලකුණු 249 ක ජයග්‍රාහී පහසු ඉලක්කය අතහැර ගැනීම නිසා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට පැමිණීමට පෙරම තරගාවලියේ ජය තමන් සතු කර ගැනීමට ශ්‍රී ලංකාවට තිබූ පහසුම අවස්ථාව මඟ […]
  • දසුන් සහ චාමිකට විස්සයි-20 සංචිතයට කැඳවුම්
    බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට හිටපු නායකයකු වන තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක සහ චාමික […]
  • දෙවැනි තරගයේ පරාජයේ වගකීම පිතිකරුවන් භාර ගන්නවා – ජනිත් ලියනගේ
    සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් පිලට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකා පිල ලද පරාජයේ වගකීම සම්පූර්ණයෙන්ම පිතිකරණ අංශය භාර ගන්නා බව ජනිත් ලියනගේ පැවැසීය. […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල ජයග්‍රාහී මාවතට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම පරදවා ලකුණු 51 ක ජයග්‍රහණයක් වාර්තා කරමින් ජයග්‍රාහී මාවතට අවතීර්ණ වීමට […]
  • ලකුණු 16 ක ජයක් සමගින් බංග්ලාදේශය එක්දින තරගාවලිය සම කරයි
    බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 248 කට නවතාලීමට පන්දු යවන්නන්ට හැකියාව ලැබුණද පිතිකරුවන් යැයි නම් දරූ බහුතරයකගෙන් බලාපොරොත්තු වූ සේවය ඉටු නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අකමැත්තෙන් වුවද දෙවැනි එක්දින තරගයේදී ලකුණු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee