slc
logo
Home   |    News
මාර්තු 21, 2020
කොරෝනා වළක්වන්න ක්‍රිකට් ක්‍රීඩකයින් මැදිහත් වෙයි

Sri Lanka Cricket

මරාන්තික ගෝලීය වසංගතයක් ලෙසින් පැතිර යන COVID -19 හෙවත් කොරෝනා වයිසරය මේ වන විට මුළු ලෝකයම භීතියෙන් වෙළාගෙන සිටියි. මෙම වසංගතයෙන් බේරීම සඳහා ලොව බොහෝ රටවල් සිය රට සම්පූර්ණයෙන් දොරගුළු ලා වසා දමන තත්ත්වයට පත්වී සිටින අතර ශ්‍රී ලංකාවද ඉකුත් සතියේ සිටම මේ වන තෙක් සිය පූර්ව ආරක්ෂන වැඩසටහන් දියත් කරමින් සිටිති. එම වැඩ සටහන් මාළාවේ මෙතෙක් ගන්නා ලද ආරක්ෂිතම පියවර බවට පත්ව ඇත්තේ සිකුරාදා ප.ව. 6 සිට ලබන සඳුදා පෙ.ව. 6 වන තෙක් මුලු දිවයින පුරාම ඇඳිරි නීතිය පැනවීමට පියවර ගැනීම වේ.

කෙසේ වෙතත් අදාළ වෛරස් තත්ත්වය ක්‍රිකට් ක්‍රීඩකයින් වෙත අසාධානය වී තිබෙන බවක් තවමත් නිල වශයෙන් දැන ගැනීමට නොහැකි වුවත් ලොව පුරා වූ සියළුම ක්‍රිකට් තරගාවලි අතර මඟ නවතා දැමීමට සිදුවීම සැබැවින්ම කණගාටුදායක තත්ත්වයකි.  කෙසේ වෙතත් මෙකී වෛරස් තත්ත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දෙසින් ගත් විට දැවැන්තම බලපෑම එල්ල වූයේ ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ වූ ටෙස්ට් තරග 2 කට ක්‍රීඩා කිරීම සඳහා මෙරටට පැමිණ සිටි එංගලන්තය සමඟ වූ තරගාවලිය හදිසියේ අවලංගු කර දැමීමට සිදුවීමය.

එහිදී මේ දිනවල පවත්වනු ලබන දේශීය පළමු පෙළ තුන් දින ක්‍රිකට් තරගාවලියේ ඒ සහ බී කොටසේ තරගාවලි ඇතුළු තවත් ක්‍රිකට් තරග රැසක්ම අතහැර හෙවත් දින නියමයක් නොමැතිව කල් දැමීමට තරග සංවිධායකයන්ට මේ වන විටත් සිදුවී තිබේ. එමණක් නොව කොරෝනා වෛරසය ශරීර ගත වූවකු නොදැනුවත්ව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පරිශ්‍රයට පැමිණ තිබීම හේතුවෙන් මුලු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පරිශ්‍රයම වසා දමා නීරෝධානයට ලක් කිරීමට එකී පාලනාධිකාරියට සිදුවිය.

කරුණු කාරණා එසේ පවතිද්දී මෙම වෛරසයෙන් ජනතාවට ආරක්ෂා වීම සඳහා උපදෙස් ලබාදීමට දෙස් විදෙස් ක්‍රීඩකයින් රැසක් ඉදිරිපත්ව සිටීම කැපී පෙනෙයි. එම උපදෙස් ලබා දුන් ක්‍රීඩකයින් අතර මෙරට ක්‍රිකට් ක්‍රීඩා කළ සහ ක්‍රීඩා කරන ක්‍රීඩකයින් රැසක් උපදෙස් ලබා දීම පමණක් නොව සිය සමාජ මාධ්‍යයන් ඔස්සේ ඔවුන් එම පණිවිඩය ජනතාව අතර ගෙන යෑමට උත්සාහ කර ඇත්තේ මෙම වෛරසයෙන් ආරක්ෂාවීමට අවශ්‍ය උපදෙස් හා පූර්ව ආරක්ෂක පියවර ඇතුළත්ව වීම විශේෂත්වයක් වේ.

එකී කර්තව්‍යය උදෙසා වත්මන් නායක දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස්, දිමුත් කරුණාරත්න, තිසර පෙරේරා මෙන්ම දිනේෂ් චන්දිමාල් ද ප්‍රධාන වශයෙන් ඇතුළත්ව සිටිති. ඔවුන්ට අමතරව හිටපු නායකයකු වන මහේල ජයවර්ධන ඇතුළු තවත් ක්‍රීඩකයින් රැසක් මෙම අසීරු අවස්ථාවේදී රට වෙනුවෙන් තමන්ට කළ හැකි වගකීම ඉටු කිරීමට කටයුතු යෙදීම සැබැවින්ම අගය කළ යුතු කරුණකි.

ඒ ඒ ක්‍රීඩකයින් දක්වන ලද අදහස් වල සාරාංශ ගත අදහස පහතින් දැක්වේ.

දිමුත් කරුණාරත්න

COVID – 19 හෙවත්කොරෝනා වෛරස් එක මේ වෙද්දී ලෝකයේ වගේම ලංකාවෙත් ඉතා සීග්‍රයෙන් පැතිරෙන්න පටන් අරගෙන තියෙනවා. ඉතිං අපි මේ කොවිඩ් 19 ගැන දැනුවත්ද වෛරස් එක පැතිරෙන හැටි දැනුවත්ද.. මං හිතන්නේ ඔව්. නමුත් පුද්ගලයින් විදියට මේ සම්බන්ධව නිසි ක්‍රියාමාර්ග ගන්නේ නෑ. මං හිත්නනේ අපිට පුලුවන් හරියට පිළිබැද්දොත් ව්‍යාප්ත වෙන එක  නතර කරගන්න. ඒක නිසා මං සියළු දෙනාගෙන් ඉල්ලන්නේ පුලුවන් තරම් සහයෝගය දෙන්න මේ වෛරසය ව්‍යාප්ත වන එක නතර කරගන්න. පුලුවන් තරම් තමන්ගේ දෑත් නිතරම පිරිසිදුව තබාගන්න. විශේෂයෙන් මිනිත්තු 20 කට සැරයක් සබන් දාලා අත හෝද ගන්න. ඒ වගේම පිරිසක් ඉන්න තැනකට එක් රොක් වෙන්න එපා. ඒ නිසා අපි ඒ ගැන පුලුවන් තරම් අවධානය යොමු කරන්න ඕන. ඒ ගැන පුලුවන් තරම් සැලකිලිමත් වෙන්න ඕන. ඒ හරහා මේ දේවල් පුලුවන් තරම් අවම කරගන්න ඕන. පුලුවන් තරම් පරෙස්සම් වෙන්න. මේක පැතිරෙන්න දෙන්න එපා. මොකද මේකෙන් අහිමි වෙන්නේ අපේ රටේම කෙනෙක්. මම කැමැති නෑ ලංකාවේ කෙනෙක් මේ වෛරස් එකෙන් මිය යනවට. ඒ හින්දා මම ආයිත් වරක් අපේ ලංකාවාසීන් සියළු දෙනාගෙන් බැගෑපත් වෙලා ඉල්ලා සිටිනවා පුලුවන් තරම් ගෙදරට වෙලා ඉන්න. පුලුවන් තරම් සති 2 තුළ පරෙස්සම් වෙන්න. පරිස්සම් වෙලා කොරෝනා වෛරස් එක තුන් කරලා දාමු.

ඇන්ජලෝ මැතිව්ස්

සියළුම දෙනාම හොඳින් ඉන්නවා කියලා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පොඩි ඉල්ලීමක් කරන්න කැමැතියි. අපි රටක් විදියට සියලුමම දෙනා එක් වෙන්න ඕන මේ අවස්ථාවේදී. අපේ රටට සහ ලෝකයටම ඉතාමත් භයානක ලෙස මෙම වෛරසය ඇතුල් වෙලා තියෙනවා. මේ දේ මර්දනය කරන්න නම් අපේ උපරිම සහයෝගය ත්‍රිවිධ හමුදාවට, රජයට, සෞඛ්‍ය සේවාවට පොලිසියට අපි ලබා දිය යුතුයි. මොකද ඒ සියළුම අංශ දිවා රෑ නොබලා ඔවුන්ගේ ජීවිතය ගැනත් නොබලා තමයි මේ අපි හැම දෙනාටම උදව් කරන්න ලෑස්ති වෙලා ඉන්නේ. ඉතිං අපි ඒ ගොල්ලන්ව ආරක්ෂා කරන්න ඕන රැක ගන්න ඕන. ඉතිං හොඳට අත හෝදලා හැමතිස්සේම ඒ කියන සෑම දෙයක්ම අපි පිළිපදිමු. ඒ නීති රීති අපේම හොඳට තමයි පනවලා තියෙන්නේ. අපි ඒවා උල්ලංඝණය කරන්නේ නැතිව අපි සියලුම දෙනා උපරිම සහයෝගය ලබා දෙමු මේ වෛරසය මර්දනය කරන්න සහ අපේ රටෙන් තුරන් කරන්න.

තිසර පෙරේරා

දිනෙන් දින වැඩි වන කොරෝනා රෝගීන් නැවැත්වීම සඳහා අපි සියලු දෙනාම රටක් – ජාතියක් වශයෙන් එකට එකතු වී වැඩ කරන්න ඕන. අපි අපි වගේම අන් අයගේත් ආරක්ෂාක්ව සඳහාත් පුලුවන් අන්දමින් අපි උදව් කරන්න ඕන. මොකද ඔබ තවමත් පොදු ස්ථානවල ගැවසෙනවා නම් අපි ඒ දේවල් වලින් වැළකී සිටින්න ඕන. ඒක තමයි අපිට මේ වෙලාවේ කරන්න පුලුවන් ලොකුම දේ. ඒක නිසා සෞඛ සංවිධානවලට කරන්න දීලා තියෙන රාජකාරි වලට අපේ උපරිම සහයෝගය ලබා දෙන්න ඕන. ත්‍රිවිධ හමුදාව, විශේෂයෙන්ම එයාලගේ ජීවිත ගැනවත් හිතන්නේ නැතුව මේ වගේ අවස්ථාවක රට වෙනුවෙන් සියලු දේ කරන්නේ. ඉතිං නිරෝධායනය කරන කටයුතු සඳහා අහන ප්‍රශ්න වලට සහ අනෙක් කරුණු කාරණාවලට අපි උපරිම අපේ සහයෝගය ලබා දෙන්න ඕන. අපි හිතනවා රටක් හැටියට ඉදිරියට යන්න නම් කොරෝනා රෝගය මැඩ පවත්වන්න උදව් කරන්න ඕන. රට වෙනුවෙන් අපි සියලු දෙනාම උදව් කරමු.

දිනේෂ් චන්දිමාල්

https://twitter.com/chandi_17/status/1240875647821434882

ශ්‍රී ලංකාවේ සහ ලෝකයේම වසංගතයක් විදියට පැවැත්වෙන කොරෝනා වෛරසයෙන් මිදීමට අපි ශ්‍රී ලාංකිකයින් විදියට කටයුතු කළ යුතුයි. ඒ කෙසේද…? අපි හැමෝම දන්නවා ශ්‍රී ලංකා යුද හමුදාව සහ සියළුම ආරක්ෂක අංශ වගේම සෞඛ්‍ය සංවිධාන තමන්ගේ උපරිම උත්සාහය මේ සඳහා යොදනවා. ඉතිං අපි ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් ඔවුන්ට සහයෝගය දක්වන්නේ කොහොමද…? අපිට පුලුවන් පැයකට වරක් වත් අපේ දෑත් පිරිසිදුව තබා ගන්න. ඒ වගේම මූණ, කට, නාසය ස්පර්ෂ නොකර ඉන්න විදිය. ඒ වගේම පුලුවන් තරම් පොදු ස්ථානවලට නොගොස් සිය නිවෙස් වලට වී සිය සහයෝගය දැක්වීම. ඉතිං මේ සියලු අංශ වලට ඔවුන් කරගෙන යන නීරෝධානය කටයුතු සඳහා අපි ශ්‍රී ලාංකිකයින් විදියට අපේ සහයෝගය ලබා දීලා කොරෝනා වෛසරය හෙවත්  Covid – 19 වෛරසය ශ්‍රී ලකාවෙන් තුරන් කරන්න අපි අපේ උපරිම දායකත්වය ලබා දෙමු.

කුසල් මෙන්ඩිස්

නිරෝෂන් දික්වැල්ල

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar