slc
logo
Home   |    News
මාර්තු 1, 2020
දුවිඳු තිලකරත්නගෙන් කඩුලු 8ක්

Sri Lanka Cricket

බදුරලිය ක්‍රීඩා සමාජයේ සාහිඩ් යුසුෆ් නොදැවී ලකුණු 133ක් ලබාගැනීමත් බී.ආර්.සී කණ්ඩායමේ දුවිඳු තිලකරත්න විසින් ලකුණු 147කට කඩුලු 8ක් දවාලීමත් සති අන්තයේදී සිකුරාදා (28) ආරම්භවූ ප්‍රිමියර් ලීග් තෙදින තරගාවලියේ ඒ කොටසේ ප්‍රථම දින පන්දුවෙන් සහ පිත්තෙන් කැපී පෙනුණු දක්ෂතා බවට පත්විය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේ තරගාවලියේ කෝල්ට්ස් – බී.ආර්.සී තරගයේදී කෝල්ට්ස් කණ්ඩායමේ ප්‍රියමල් පෙරේරා ලකුණු 99 ක් සහ සී.සී.සී කණ්ඩායමේ ප්‍රවීන් රත්නායක නොදැවී ලකුණු 94ක් ලබා ගත්හ.

සී.සී.සී. – මුවර්ස්

සි.සී.සී. පිටියේ පැවැත්වෙන මේ තරගයේදී සී.සී.සී.කණ්ඩායම පන්දුවාර 90කදී කඩුලු 8කට ලබාගත් ලකුණු 385ට අර්ධ ශතක 03ක් ඇතුළත්විය. ප්‍රවීන් රත්නායක මෙදින හතරේ පහර දහයක් සමග නොදැවී ලකුණු 94ක් ලබා සිටියේය.

සී.සී.සී. පළමු ඉනිම පන්දුවාර 90දී කඩුලු 8ක් දැවී 385යි – (ප්‍රවීන් රත්නායක නොදැවී 94, ළහිරු මධුශංඛ 89, රොන් චන්ද්‍රගුප්ත 54, මළිදු මධුරංග 45, අෂාන් ප්‍රියංජන් 41, චතුර රන්දුණු 130/3, කවිශ්ක අංජුල 65/2, සචිත්‍ර සේරසිංහ 32/2)

කෝල්ට්ස් – බී.ආර්.සී

බී.ආර්.සී ක්‍රීඩාංගණයේ දී පැවැති මේ තරගයේදී පළමු පන්දුවට පහරදුන් කෝල්ට්ස් කණ්ඩායම පන්දුවාර 86.1කදී සියලු ක්‍රීඩකයන් දැවී ලකුණු 366ක් ලැබීය. ප්‍රියමාල් පෙරේරා පන්දු 120කදී හයේ පහර පහක් සහ හතරේ අටක් සමග ලකුණු 99ක් රැස්කළ අතර ඔහුට අහිමිව ගියේ ලබාගත හැකිව තිබූ ශතකයකි. සංගීත් කුරේ (62) සහ සධීර සමරවික්‍රම (66) පළමු විකට්ටුවට ඕවර 19.4කදී එක්කළ ලකුණු ප්‍රමාණය 121කි.

කෝල්ට්ස් පළමු ඉනිම පන්දුවාර 86.1කදී සියලු ක්‍රීඩකයන් දැවී 366යි – (ප්‍රියමාල් පෙරේරා 99, සධීර සමරවික්‍රම 66, සංගීත් කුරේ 62, විෂාඩ් රන්දික ද සිල්වා 60, දුවිදු තිලකරත්න 147/8)

බී.ආර්.සී පළමු ඉනිම පන්දුවාර 1කදී කිසිවෙකු නොදැවී 05යි.

එස්.එස්.සී – යුද හමුදාව

එස්.එස්.සී.කණ්ඩායම පන්දු වාර 71කදී ලකුණු 229කට දැවීගිය අතර ෂම්මු අෂාන් පමණක් අර්ධ ශතකයක් ලබාගත්තේ හයේ පහර දෙකක් හතරේ පහර නවයක් සමග නොදැවී ලකුණු 77ක් ලබාගනිමිනි. 

එස්.එස්.සී පළමු ඉනිම පන්දුවාර 71දී සියලුදෙනා දැවී 229යි – (ෂම්මු අෂාන් නොදැවී 77, ක්‍රිෂාන් සංජුල ආරච්චිගේ 37,කවිදු කුලසේකර 27, සචිත්‍ර සේනානායක 27,ජනිත් සිල්වා 46/4, හෙෂාන් හෙට්ටිආරච්චි 60/2, දුෂාන් විමුක්ති 15/2)

යුද හමුදාව පළමු ඉනිම පන්දුවාර 16දී කිසිවෙකු නොදැවී 54 – (ලක්ෂාන් එදිරිසිංහ නොදැවී 25, පැතුම් දිල්ෂාන් නොදැවී 26)

එන්.සී.සී. – ටැමිල් යූනියන්

එන්.සී.සී ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මේ තරගයේදී මුලින් පන්දුවට පහර දුන් එන්.සී.සී.කණ්ඩායම පන්දුවාර 69.2කදී ලකුණු 339ක් රැස් කළ අතර ඊට ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක ලබාගත් ලකුණු 94ත් සහන් ආරච්චිගේ ලබාගත් ලකුණු 70ත් ඇතුළත් විණි.

එන්.සී.සී.පළමු ඉනිම පන්දුවාර 69.2දී සියලුදෙනා දැවී 339යි – (පැතුම් නිශ්ශංක 94, සහන් ආරච්චිගේ 70, චතුරංග ද සිල්වා 37, මහේල උඩවත්ත 35, උපුල් තරංග 42, ලසිත් ඇඹුල්දෙණිය 27,ප්‍රමෝද් මධුෂාන් ලියනගමගේ 67/4, තිලංග උදේෂන් 77/3,මධුක ලියනපතිරිණගේ 19/2)

ටැමිල් යූනියන් පළමු ඉනිම ඕවර 18දී කඩුලු 1ක් දැවී 62 – (යොහාන් මෙන්ඩිස් නොදැවී 35, චතුරංග ද සිල්වා 25/1)

බදුරලිය ක්‍රීඩා සමාජය – සරසන්ස්

බදුරලිය කණ්ඩායමේ සාහිඩ් යුසුෆ් මේ තරගයේදී බදුරලිය වෙනුවෙන් නොදැවී ලකුණු 133ක් රැස් කිරීමට සමත්විය. තිලකරත්න සම්පත් ලකුණු 49ක්ද ළහිරු සමරකෝන් ලකුණු 75ක්ද ලබාගත්හ.

බදුරලිය පළමු ඉනිම පන්දුවාර 88කදී කඩුලු 8ට 347 – (සහිඩ් යුසුෆ් නොදැවී 133, තිලකරත්න සම්පත් 49, ළහිරු සමරකෝන් 75, සලින්ද උෂාන් පෙරේරා 31, ගමිදු අමරසිංහ 54/4, චාමික එදිරිසිංහ 79/3)

රාගම – හලාවත මේරියන්ස්

රාගම කණ්ඩායමේ ළහිරු තිරිමාන්න ලකුණු 97ක් ලබාගත් අතර විමුක්ති ලකුණු 62කට කඩුලු හයක් දවාලුවේය.

රාගම පළමු ඉනිම පන්දුවාර 62.2දී සියලු ක්‍රීඩකයන් දැවී 204යි – (ළහිරු තිරිමාන්න 97, රොෂේන් සිල්වා 34, අමිල අපොන්සු නොදැවී 21,නිමේෂ් විමුක්ති 62/6)

හලාවත මේරියන්ස් පන්දුවාර 25දී කඩුලු 2ට 117යි – (ලසිත් කෲස්පුල්ලේ නොදැවී 55, ඕෂද ප්‍රනාන්දු 22, කල්හාර සේනාරත්න 24/1)

බන්දුල මොල්ලිගොඩ

Active filters

Recent Posts

USD United States (US) dollar

Pin It on Pinterest