slc
logo
Home   |    News
ජූනි 2, 2020
හැමෝම ඉන්නේ බිංදුවේ – සීයට සීයක් නොවෙයි සීයට දෙසීයක් දෙනවා

Sri Lanka Cricket

  • දිමුත් කරුණාරත්න

By Chamila Karawita 

මාස 3 කට ආසන්න කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටීමට සිදුවීම නිසා නැවත පුහුණුවීම් ආරම්භ කිරීමේදී ක්‍රීඩකයින්ට යළිත් පුහුණුවීම්වලට අනුගත වීම තරමක් අසීරු කරුණක් වන බව පවසන ශ්‍රී ලංකා ටෙස්ට් සහ එක්දින නායක දිමුත් කරුණාරත්න සෞඛ්‍ය පුරුදු සමඟ කටයුතු කිරීමේදී එය වෙනදාටත් වඩා අසීරුවනු ඇති බව සඳහන් කර සිටියි. කෙසේ වෙතත් ඉදිරියේදී ක්‍රිකට් ක්‍රීඩාව කරගෙන යෑමට සිදුවන්නේ සෞඛ්‍ය පුරුදු අනුගමනය කරමින් බැවින්, ඒ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන පුහුණු වැඩසටහන හොඳ අඩිතාලමක් වන බවද සඳහන් කර සිටියි.

දැඩි සෞඛ්‍ය නීති රීති සහ කොන්දේසි මත ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මාර්ගෝපදේශන මැද ශ්‍රී ලංකා කණ්ඩාය සති 2 ක නේවාසික පුහුණු කඳවුරට අද (ජුනි 01) සහභාගිවිය. මේ සඳහා වේග පන්දු යවන්නන් 6 දෙනෙකු ඇතුළු 13 දෙනෙකුගෙන් සමන්විත ක්‍රීඩකයින් පිරිසක් සහභාගිවී සිටිති. සමාජ දුරස්ථ භාවය ඇතුළු ක්‍රීඩාව කරගෙන යෑමේදී අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග පිළිබඳව ක්‍රීඩා වෛද්‍ය විද්‍යායතන, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ සෞඛ්‍ය අමාත්‍යෘංශ නිලධාරී නිලධාරිණියන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණු දැනුවත් කිරීමකින් පසු මෙම පුහුණු වැඩසටහන ආරම්භ කෙරුණු අතර සවස් යාමයේ කණ්ඩායම නේවාසිකව සිටින හෝටලයේදී ශාරීරික යෝග්‍යතා පුහුණුවීම් වල නිරත වීමට නියමිතව තිබිණ. 

“ඇත්තටම අපි අද දවසේදී සෞඛ්‍ය අනුගමනය කළ යුතු සෞඛ්‍ය පුරුදු ගණනාවක්ම පිළිබඳව දැනුවත් වුණා. ඒ වැඩසටහන මෙහෙයවපු පිරිස ඉතා හොඳින් අපිට ඒ දේවල් කියලා දුන්නා. ඇත්තම කිව්වොත් අපිට මේක වෙනදාට වඩා ටිකක් අමාරු වෙයි. විශේෂයෙන්ම සෞඛ්‍ය පුරුදුත් එක්ක ක්‍රීඩාව කරගෙන යෑමේදී. නමුත් අපිට ඉදිරියට ක්‍රීඩාව කරගෙන යන්න වෙන්නේ මේ සෞඛ්‍ය පුරුදුත් එක්ක. ඒකට මේ වැඩසටහන හොඳ අඩිතාලමක් වෙනවා. ඒ නිසා එවැනි වැඩසටහනකට අපිව නැඹුරු කරවපු එක ගැන ක්‍රිකට් ආයතනයට ස්තූතිවන්ත වෙනවා”යි ශ්‍රී ලංකා නායකයා පවසා සිටියේය.

“මේ පුරුදු අතර මීටරේ පරතරය වැදගත්. නමුත් කණ්ඩායම් ක්‍රීඩාවකදි ඒ වගේ දෙයක් පවත්වාගෙන යන්න ගොඩක් අමාරුයි. නමුත් ඒ වටත් හරියන විදියට පියවර කීපයක් තියෙනවා. ඊට අමතරව, විෂබීජය පැතිරෙන්න පුලුවන් විදිහවල්, ඒ වලින් බේරෙන්න කොහොමද කියන එක තමයි ගොඩක්ම එයාලා කියලා දුන්නේ. ගොඩක් වෙලාවට අපි පාවිච්චි කරන ඇඳුම්, තුවාය වගේම පන්දුව පරිහරණය කරන විදියට, ක්‍රීඩා උපකරණ, හෝටලේදී කොහොමද පිට්ටනියෙද් කොහොමද ඉන්න ඕන, උණ පරීක්ෂා කරන එක. වගේම පී. සී. ආර්. පරික්ෂාව ගැනත් එයාලා මේ වැඩසටහනේදී අපිව දැනුවත් කළා. ඒ වගේම පිහිණුම් තටාකය පාවිච්චි කරන විදය වගේම ජිම් එකේ කොහොමද කළ යුත්තේ ගැනත් කිව්වා. ඒ දේවල් ටිකක් අමාරු වෙයි මුලින්. නමුත් කණ්ඩායමේ අය ඒවට ඉක්මනින්ම පුරුදු වෙයි”. 

ටෙස්ට් තරග 2 කට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටි එංගලන්ත කණ්ඩායම මාර්තු 13 වැනිදා තරගාවලිය අතහැර දමා සිය රට වෙත යන විටත් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පුහුණුවීම් වල නිරත වූ නමුත් අනතුරුව අද වන තෙක්ම සිය පුහුණු සැසි සියල්ලම නවතා දැමීමට සිදුවිය. එහෙත් ක්‍රීඩකයෝ සිය පෞද්ගලික මට්ටමින් සිය ක්‍රියාකාරකම් තම නිවෙස් වල සිට සිදු කළහ. 

එම කාලය පිළිබඳවද දිමුත් අදහස් පළ කර සිටියේය. “ඇත්තටම ඒ කාලෙදි අපි එදිනෙදා සිදුකරගෙන යන පුහුණු කටයුතු වලට අමතරව එක එක දේවල් වලට නැඹ්රු වුණා. ක්‍රිකට් ක්‍රීඩකයෝ විදියට අපිට ගෙදර වෙලා ඉන්න තියෙන කාලය ගොඩක් අඩුයි. විශේෂයෙන්ම අම්මලා තාත්තාලා එක්ක සතුටින් ජීවත් වෙන්න, එකට කෑමක් වේලක් ගන්න. ඔවුන්ගේ අඩුපාඩු සොයලා බලන්න. ඒ වගේම මගේ සුරතලත් එක්ක ඉන්න. පෞද්ගලිකවම මම ගත්තොත් ගොඩක් වෙලාවට ගෙදර තීන්ත ගෑවා. පැල සිටෙව්වා. ඒ වගේම අනිත් අයත් විවිධ වෙන්න ඇති” යනුවෙනි. 

මෙම අදහස් දැක්වීම අතතුරදී දිමුත් තවත් විශේෂ දෙයක් සඳහන් කර සිටියේය. “අපි විතරක් නොවෙයි. ලෝකේ හැම කණ්ඩායමක්ම මේ තත්ත්වයට මුහුණ පාල ඉන්නවා. හැමෝම දැන් ඉන්නේ බිංදුවේ. අපිට දැන් අවස්ථාවක් ලැබිලා තියෙනවා ඔවුන් සමඟම නැගිටින්න. බැලුවොත් වෛරස් එකට කළින්,  හිටපු තැනත් එක්ක බලද්දී අපි රටවක් කීපයක් අතුරින් පහළ හිටියේ. නමුත් මේ අවස්ථාවේදී අපේ ශාරීරික යෝග්‍යතාවය ඇතුළු සියළුම අංශ පිළිබඳව වෙනදට වඩා වැඩියෙන් කරන්න උත්සාහ ගත්තොත් අපිට පුලුවන් අනිත් කණ්ඩායම් වලට වඩා ගොඩක් උඩින් ඉන්න. මං හිතනවා මේක හොද අවස්ථාවක් නැවතත් කණ්ඩායමක් විදියට ගොඩනැඟෙන්න. අපි ඒකයි ගොඩක් මහන්සි වෙන්නේ. මිකී ආතර්ටත් ඕන ඒකයි. අපි මේ පුහුණු සැසියෙදි සීයට සීයක් නොවෙයි සීයට දෙසීයක් දෙන්න බලාපොරොත්තු වෙනවා”යි සඳහන් කළේය. 

Active filters

Recent Posts

  • දෙවැනි තරගයේ පරාජයේ වගකීම පිතිකරුවන් භාර ගන්නවා – ජනිත් ලියනගේ
    සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් පිලට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකා පිල ලද පරාජයේ වගකීම සම්පූර්ණයෙන්ම පිතිකරණ අංශය භාර ගන්නා බව ජනිත් ලියනගේ පැවැසීය. […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල ජයග්‍රාහී මාවතට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම පරදවා ලකුණු 51 ක ජයග්‍රහණයක් වාර්තා කරමින් ජයග්‍රාහී මාවතට අවතීර්ණ වීමට […]
  • ලකුණු 16 ක ජයක් සමගින් බංග්ලාදේශය එක්දින තරගාවලිය සම කරයි
    බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 248 කට නවතාලීමට පන්දු යවන්නන්ට හැකියාව ලැබුණද පිතිකරුවන් යැයි නම් දරූ බහුතරයකගෙන් බලාපොරොත්තු වූ සේවය ඉටු නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අකමැත්තෙන් වුවද දෙවැනි එක්දින තරගයේදී ලකුණු […]
  • මුවර්ස් ක්‍රීඩා සමාජයෙන් සුපිරි හඹා යෑමක්
    සිතාර ගිම්හාන සහ රමේෂ් මෙන්ඩිස් දෙදෙනා එකව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද නොබිඳුණු ලකුණු 228 ක සම්බන්ධතාව ප්‍රධාන කොට අන්තර් සමාජ ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රබල […]
  • පල්ලියගුරුගේ ‘ශතකයට‘ ක්‍රිකට් ආයතනයෙන් උපහාර
    පුරා වසර 13 ක කාලයක් තිස්සේ අන්තර්ජාතික එක්දින තරග බිමේ විනිසුරුවරයකු වශයෙන් සුවිශාල මෙහෙවරක යෙදුණු අන්ර්ජාතික ක්‍රිකට් සභාවේ විනිසුරුවරයකු වන රුචිර පල්ලියගුරුගේ මහතාගේ 100 වැනි එක්දින තරග විනිශ්චය […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee