slc
Home   |    News
ජූලි 10, 2020
පළමු පෙළ ක්‍රිකට් තරගාවලි ආරම්භයේ තීරණය අති විශේෂ මහ සභා රැස්වීමෙන් අනතුරුව

Sri Lanka Cricket

අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය යළිත් මෙම මස 14 වැනිදා සිට යළි ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණද තරගාවලි ව්‍යුහය තුළ සිදුකරන ලද ඇතැම් සංශෝධන පිළිබඳව අති විශේෂ මහ සභා රැස්වීමක් කැඳවා සාමාජිකයින්ගේ විශේෂ අනුමැතිය ලබා ගැනීම කෙරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබේ. 

කොවිඩ් 19 වෛරස් තත්ත්වය හේතුවෙන් අතරමඟ නතර කර දැමුණු තරගාවලිය යළි ආරම්භ කිරීමේදී තරගාවලියේ තරග නීති රීති සහ තරගාවලි ව්‍යුහයේ සංශෝධන කීපයක් සිදු කළ යුතු බැවින් ඒ පිළිබඳව සලකා බලා අදාළ අති විශේෂ මහ සභා රැස්වීම පැවැත්වීම කෙරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනාධිකාරියේ තීරණය වී තිබේ.

එම අතිවිශේෂ මහ සභා රැස්වීමේ අනුමැතිය ලබා ගන්නා තෙක් ඉදිරි සතියේදී ආරම්භ කිරීමට නියමිතව තිබූ පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දැමීමට තරගාවලි සංවිධාන කමිටුව තීරණය කර තිබේ.

මාධ්‍ය අංශය

ශ්‍රී ලංකා ක්‍රිකට්

Active filters

Recent Posts

  • යුද හමුදාවේ අසේල ගුණරත්න නැවත ලකුණු අතරට
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (31) පැවැති යුද හමුදාව සහ පොලීසිය අතර තරගයේදී යුද හමුදාව නියෝජනය කරන හිටපු ශ්‍රී ලංකා […]
  • ඉසුරු උදානගේ ප්‍රහාරයෙන් ටැමිල් යුනියන්ට ජය
    ටැමිල් යුනියන් සහ එස්.එස්.සී. අතර අද (30) එන්.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැති ‘සී‘ කොටසේ තියුණුම මුහුණුවරක් ගත් තරගයේ අවසාන පන්දුවාරයේ පන්දුවක් ඉතිරිව තිබියදීම කඩුලු 4 ක ජයක් වාර්තා කර ගැනීමට […]
  • දිමුත් කරුණාරත්න යළිත් එක්දින පිලට
    ඇෆ්ගනිස්තානු පිලට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරග 2 සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායමට දිමුත් කරුණනාරත්නව එක් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ක්‍රීඩකයින් […]
  • ලෝක ටෙස්ට් ශූරතාවලියෙන් ශ්‍රී ලංකා පිලට කෝටි 6ක තෑග්ගක්
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙහයවූ ලෝක ටෙස්ට් ශූරතාවලියේ පස්වැනි ස්ථානයට පත් වූ දිමුත් කරුණාරත්න ප්‍රමුඛ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට ත්‍යාග මුදල ලෙස ඇමෙරිකානු ඩොලර් 200,000 ක් පිරිනැමීමට ජාත්‍යන්තර ක්‍රිකට් […]
  • පළමු කඩුලු 5 චමෝද්ගෙන්
    එන්.සී.සී. ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල යුද හමුදාව සමඟ අද (29) පැවැති අන්තර් සමාජ විස්සයි 20 තරගයේදී පන්දු 11කදී හයේ පහර තුනක් හතරේ පහර තුනක් සමඟ ලකුණු 34ක් රැස් […]
USD United States (US) dollar

Pin It on Pinterest