slc
logo
Home   |    News
අගෝස්තු 31, 2020
කරුණු 3 කට අති විශේෂ මහ සභාවේ අනුමැතිය

Sri Lanka Cricket

අද (අගෝස්තු 31 දා) කොළඹදී පැවැති අති විශේෂ මහ සභා රැස්වීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති ධුරයට පත් ජයන්ත ධර්මදාස මහතාගේ පත්වීම සම්බන්ධව ක්‍රීඩා සමාජවල සාමාජිකයින් සිය අනුමැතිය ලබා දී තිබේ. සාමාජිකයින් ලබා දුන් අනුමැතියෙන් අනතුරුව උප සභාපති තනතුරට පත් ආචාර්ය ජයන්ත ධර්මදාස මහතාගේ පත්වීම පිළිබඳ වූ ව්‍යවස්ථාමය පටිපාටිය ඒ සමඟම අවසන් වනු ඇත.

එම පත්වීමට අමතරව මින් ඉදිරියට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ක්‍රිකට් තරගාවලිවල ලකුණු සටහන් කිරීමේ කටයුතු සිදුකළ යුත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් පිළිගනු ලැබූ ලකුණු සටහන්කරුවන් විසින්මය යන්න වෙනුවෙන් වූ යොමු කරන යෝජනාවට අදාළ වූ නීති හා රෙගුලාසි සංශෝධනය කිරීමටද අද අවසරය හිමිවිය.

මේ අතර වාර්ෂික සාමාජික ගාස්තුව ගෙවීම් පැහැර හැරීම නිසා තාවකාලිකව සාමාජිකත්වය අහෝසි කර තිබුණු ක්‍රීඩා සමාජ 4 කට අද යළි සාමාජිකත්වය පිරිනැමීමටද අවසරය හිමිවිය. සාමාජික ගාස්තුව ගෙවීමට නොහැකිවීම සම්බන්ධව එම සාමාජික ක්‍රීඩා සමාජ විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව වෙත ඉදිරිපත් කරන ලද සාධාරණ කරුණු පිළිබඳව අවධානය යොමු කරමින් එකී සාමාජිකත්වය ලබා දීමට අවසරය හිමිව තිබේ.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee