slc
logo
Home   |    News
ජූනි 22, 2026
කැන්ඩි කස්ටම්ස් ලකුණු 33 කට සීමා වෙද්දී පළමු දිනයේදී ශතක 3 ක්

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලිය සමාරම්භක දිනය වූ ජුනි මස 21 වැනිදා පැවැති තරග වලදී  විශේෂ අවධානය දිනාගත් සිදුවීම බවට පත්වුණේ නිගම්බු ක්‍රීඩා සමාජයට එරෙහි තරගයේදී කැන්ඩි කස්ටම්ස් පිල ලකුණු 33 කට සීමා වීමයි.

දොඹගොඩ යුද හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති එම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් නිගම්බු කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 83ක් පමණක් රැස් කළද, ඊට පිළිතුරු ලෙස ඉනිම ඇරඹූ කැන්ඩි කස්ටම්ස් පිල ලකුණු 33කට සීමා විය. ඒ අනුව පළමු ඉනිමේදී ලකුණු 50ක වාසියක් නිගම්බු පිලට හිමිවිය.

එහිදී නිගම්බු පිල  වෙනුවෙන් අමිත පෙරේරා විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 12කට කඩුලු 6ක් දවා ගත් අතර, ශෙහාන් ප්‍රමෝද් ලකුණු 19කට කඩුලු 4ක් දවා ගනිමින් අනගි සහායක් ලබා දුන්නේය. තරගයේ දෙවැනි ඉනිම ක්‍රීඩා කළ නිගම්බු කණ්ඩායම දිනය නිමාවන විට කඩුලු 2ක් දැවී ලකුණු 43ක් ලබා සමස්ථ තරගයේදී ලකුණු 93 ක වාසියක් අත්කරගෙන සිටියි.

පළමු දිනයේ ශතක ත්‍රිත්වයක්

තරගාවලියේ පළමු දිනයේම ශතක ත්‍රිත්වයක් වාර්තා වීම තවත් කැපී පෙනුණු සිදුවීමක් විය. එහි වැඩිම ලකුණුලාභියා බවට පත්වුණේ කෝල්ට්ස් ක්‍රීඩා සමාජය‍ෙ ආරම්භක පිතිකරු හිරුන් ජයසුන්දරයි. ඒස් කැපිටලන් පිලට එරෙහිව ඔහු පන්දු 233කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ එක් හයේ පහරක් සමඟ නොදැවී ලකුණු 139ක් රැස් කළේය.

පොලිස් කණ්ඩායමට එරෙහිව යුද හමුදා පිල වෙනුවෙන් දිමන්ත අරූශ ද විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 141කදී හතරේ පහර 14ක් සමඟ නොදැවී ලකුණු 138ක් ලබා ගත්තේය. එමෙන්ම කුරුණෑගල යූත් කණ්ඩායමට එරෙහිව බී.ආර්.සී. පිලේ කුසල් විජේතුංග පන්දු 201කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහර 2ක් සමඟ නොදැවී ලකුණු 106ක් ලබා ශතක ලැයිස්තුවට එක් විය.

අර්ධ ශතක රැසක්

ශතකලාභීන්ට අමතරව පළමු දිනයේ තවත් පිතිකරුවන් රැසක් සාර්ථක ඉනිම් වාර්තා කළහ. බදුරලිය  වෙනුවෙන් හිරුන් ගාල්ලගේ ලකුණු 55ක් සහ ශෙහාන් මදුසංක ලකුණු 58ක් ලබා ගත් අතර, චිලව් මේරියන්ස් කණ්ඩායම වෙනුවෙන් කෙවින් සැමුවෙල් ලකුණු 72ක් සහ සසංක නිර්මාල් නොදැවී ලකුණු 56ක් ලබා ගත්හ.

එන්.සී.සී. සහ බ්ලූම්ෆීල්ඩ් අතර තරගයේදී බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 245ක් ලබා සිටි අතර, එහිදී මිනෙත් ප්‍රේමරත්න ලකුණු 84ක්, අමීෂ රසාංජන ලකුණු 41ක් සහ ශානික්‍ය දේශප්‍රිය නොදැවී ලකුණු 41ක් ලබා ගත්හ.

දක්ෂතම පන්දු යැවීම අමිත පෙරේරාගෙන්

දිනයේ කැපී පෙනුණු පන්දු යැවීම වාර්තා කළේ මීගමුව කණ්ඩායමේ අමිත පෙරේරායි. කැන්ඩි කස්ටම්ස් කණ්ඩායම ලකුණු 33කට සීමා කිරීමේදී ඔහු ලකුණු 12කට කඩුලු 6ක් දවා ගනිමින් ප්‍රධාන භූමිකාව ඉටු කළේය.

එමෙන්ම මීගමුව පළමු ඉනිමේදී කඩුලු 5ක් දවා ගත් කැන්ඩි කස්ටම්ස් කණ්ඩායමේ කවීෂ ඉඳුවර ද පළමු දිනයේ කැපී පෙනුණු පන්දු යවන්නෙකු ලෙසින් ලකුණු 34කට කඩුලු 5ක් දවා ගත්තේය.

  • එන්.සී.සී. සහ බ්ලූම්ෆීල්ඩ් – කොළඹ NCC ක්‍රීඩාංගණයේදී

බ්ලූම්ෆීල්ඩ් පිල පළමු ඉනිම පන්දුවාර 73 දී කඩුලු 5 කට ලකුණු 245/5 යි – (මිනෙත් ප්‍රේමරත්න 84, අමීෂ රසාංජන 41, ශානික්‍ය දේශප්‍රිය 41*, රනුක මලවිආරච්චි 37/2, ශක්ති උදාර 89/2)

  • බදුරලිය සහ ටැමිල් යුනියන් – මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී 

බදුරලිය පන්දුවාර 81 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 232 යි  – (හිරුන් ගාල්ලගේ 55, ශෙහාන් මදුසංක 58, රුසද සිල්වා 43*, විශ්ව තෙව්මික 66/4)

  • රාගම සහ යුනයිටඩ් සදර්න් – කොස්ගම සාලාව යුද හමුදා ක්‍රීඩාංගණයේදී 

රාගම පන්දුවාර 28 කදී කඩුලු 2 ක් දැවී ලකුණ 87 යි  – (දෙනුර දිමන්සිත් 20, ලහිරු අබේසිංහ 37*)

  • චිලව් මේරියන්ස් සහ මොරටුව – වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදී

චිලව් මේරියන්ස් පන්දුවාර 54.2 කදී සියලු දෙනා දැවී ලකුණු 209 යි – (කෙවින් සැමුවෙල් 72, සසංක නිර් මාල් 56*, ප්‍රභාෂ් වටවල 70/4, මනුජ චන්තුක 53/3)

මොරටුව පන්දුවාර 11.1 දී කඩුල්ලක් දැවී ලකුණු 47 යි – (ලෙස්ටර් ජයවීර 32,

  • කුරුණෑගල යූත්  සහ බී.ආර්.සී. – වෙලගෙදර ක්‍රීඩාංගණයේදී

බී.ආර්.සී, පළමු ඉනිම පන්දුවාර 73.2 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 219 යි – (කුසල් විජේතුංග 106*, කවීෂ පෙරේරා 49, ශෙෂාන් මාරසිංහ 33/2

  • කෝල්ට්ස් සහ ඒස් කැපිටල් – කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී

කෝල්ට්ස් ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 86 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 304 යි – (හිරාන් ජයසුන්දර  139*, රිශ්ම අමරසිංහ 60, ආරොන් කොඩිතුවක්කු 45, රචින්ත ද සිල්වා 33/3

  • නිගම්බු සහ කැන්ඩි කස්ටම්ස් – දොඹගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේදී

නිගම්බු පන්දුවාර 32.1 කදී සියලු දෙනා දැවී ලකුණු 83 යි – (කවීෂ ඉඳුවර 34/5

කැන්ඩි කස්ටම්ස් පන්දුවාර 21.3 කදී සියලු දෙනා දැවී ලකුණු 33 යි – (අමිත පෙරේරා 12/6, ශෙහාන් ප්‍රමෝද් 19/4)

නිගම්බු පන්දුවාර 15 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 43 යි – (නදුන් සිල්වා 07/2)

  • පොලිස් සහ යුද හමුදාව – කොළඹ පොලිස් ක්‍රීඩාංගණය

යුද හමුදා කණ්ඩායම පන්දුවාර 73 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 286 යි – (දිමන්ත අරූශ 138*, අශාන් සුදර්ශන 42, චතුම් කුලසේකර 50/2, පූර්ණ සුලක්ෂණ 74/2

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee