slc
logo
Home   |    News
අගෝස්තු 25, 2020
පළමු දිනයේදී ශතක 4 ක්

Sri Lanka Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 8 අතර තරග වටයේ සිව්වැනි සහ අවසාන සති අන්තයේ ප්‍රථම දිනය වූ අද  (25) දිනයේ බී. ආර්. සී, පිලට එරෙහිව පැවැති තරගයේදී රාගම ක්‍රීඩා සමාජයේ ළහිරු තිරිමාන්න (140) සහ උදාර ජයසුන්දර (නොදැවී 154) දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 305ක දැවැන්ත සබදතාවයක් පැවැත්වීමට සමත්වූහ.

දැනට මේ තරගාවලියේ ශූරතාව දිනා සිටින සී.සී.සී කණ්ඩායම පළමු ඉනිමේදී ලකුණු 287කට සීමා කිරීමට මේරියන්ස් කණ්ඩායම සමත්වූයේ ඔවුනගේ ප්‍රබල පන්දු යවන්නෙකු වන නිමේෂ් විමුක්ති ලකුණු 59කට කඩුලු පහක්ම දවාලීමෙනි.

එන්.සී.සී නායක ඇන්ජලෝ පෙරේරා ලකුණු 107ක් ලබා සාර්ථක සබඳතාවන් තුනකට සම්බන්ධවීමෙන් ඔවුනට කෝල්ට්ස් සමඟ පළමු ඉනිමේදී ලකුණු 458 ක් ලබාගැනීමට මගපෑදිණි. ශ්‍රී ලංකා හිටපු නායක දිනේෂ් චන්දිමාල් යුද හමුදාව වෙනුවෙන් දක්ෂ පිතිහරඹයක නියැළී සැරසන්ස් පිලට එරෙහිව ලකුණු 136ක් රැස්කිරීමෙන් දිනය නිමවන විට යුද හමුදාව කඩුලු පහකට ලකුණු 344ක් ලබා ප්‍රබල තත්ත්වයක පසුවිය.

එන්.සී.සී කණ්ඩායමේ ළහිරු උදාන මෙවර ලකුණු දහස ඉක්මවීම සහ කොල්ට්ස් කණ්ඩායමේ දිල්රුවන් පෙරේරා කඩුලු 800 දවාලීම ද මෙදින විශේෂ වූ සිද්ධීන්ය.

සී.සී.සී. පළමු ඉනිම 287 න් නවතියි

එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මේ තරගයේ දී කාසියේ වාසිය දිනූ සී. සී. සී. පිල ප්‍රථමයෙන් පන්දුවට පහර දුන්නද ලකුණු 287 කට සීමා කිරීමට මේරියන්ස් සමත් විණි. විශිෂ්ට පන්දු යැවීම නිරතව මේරියන්ස් කණ්ඩායමේ නිමේෂ් විමුක්ති ලකුණු 59කට කඩුලු පහක්ද අසිත ප්‍රනාන්දු ලකුණු 75කට කඩුලු තුනක්ද දවාලූහ.

සී.සී.සී පන්දුවට පහරදෙන අවස්ථාවේ මිනෝද් භානුක (06) රොන් චන්ද්‍රගුප්ත (18) සහ නායක කුසල් මෙන්ඩිස් (04) මුළු ලකුණු 31ක් වන විට දැවීයාමෙන් පසු ලසිත් අබේරත්න සහ අෂාන් ප්‍රියංජන සිව්වන කඩුල්ලට ලකුණු 67ක්ද හයවන කඩුල්ලට ලසිත් සහ සහන් ආරච්චිගේ ලකුණු 78ක්ද දහවන කඩුල්ලට ලක්ෂාන් සඳකැන් සහ විශ්ව ප්‍රනාන්දු ලකුණු 48ක් ද එක්කළහ.

සී.සී.සී පළමු ඉනිම පන්දු වාර 59.5දී ලකුණු 287 – (ලසිත් අබේරත්න 68, ළහිරු මධුශංඛ 45, අෂාන් ප්‍රියංජන් 35, ලක්ෂාන් සඳකැන් 35,විශ්ව ප්‍රනාන්දු 16*, වනිඳු හසරංග 23, නිමේෂ් විමුක්ති 59/5, අසිත ප්‍රනාන්දු 75/3

හලාවත මේරියන්ස් පළමු ඉනිම පන්දුවාර 85කදී කඩුලු 2කට 83යි – (ලසිත් කෲස්පුල්ලේ 50, ඕෂධ ප්‍රනාන්දු 25*, ළහිරු මදුශංඛ 19/1, මාලින්ද පුෂ්පකුමාර 29/1)

ඇන්ජලෝ පෙරේරාගෙන් ශතකයක්

සී.සී.සී ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මේ තරගයේ මුලින් පන්දුවට පහරදීමට තීරණය කළ එන්.සී.සී.කණ්ඩායමේ පළමු විකට්ටුවට ළහිරු උදාන (ලකුණු 66යි පන්දු 69යි හතරේ 8යි හයේ එකයි) සහ නිරෝෂන් දික්වැල්ල (ලකුණු 57යි, පන්දු 63යි, හතරේ 5යි, හයේ 1යි) පන්දුවාර 22කදී (ඕවරයකට සාමාන්‍ය හයක් පරිදි) ලකුණු 122ක් වැනි සාර්ථක අඩිතාලමක් දැමීමමත ඔවුනට පහසුවෙන් ලකුණු 458ක් වැනි සංඛ්‍යාවක් කරායාමට අවස්ථාව උදාවිණි. මැදපෙළ ශක්තිමත් කළ නායක ඇන්ජලෝ පෙරේරා ලකුණු 107ක් ලබාගත්තේ පන්දු 111කට මුහුණදී හතරේ නවයක් සහ හයේ හතරක්ද සමගිනි. 

ඇන්ජලෝ සිව්වන කඩුල්ලට චතුරංග ද සිල්වා සමග ලකුණු 82ක්ද පස්වන කඩුල්ලට සහන් ආරච්චිගේ සමග ලකුණු 69ක්ද හයවන කඩුල්ලට කමිල් මිෂාර සමග ලකුණු 48ක්ද එක්කළහ. දිනයේ විශේෂත්වය වූයේ අවසාන කඩුල්ලට කමිල් මිෂාර සහ දුෂ්මන්ත චමීර (දසවන කඩුල්ලට) ලකුණු 70ක් රැස්කිරීමය.

කමිල් මිෂාර පන්දු 99කදී හතරේ 8ක් හයේ දෙකක් සමග නොදැවී 72ක් ලැබීය. කෝල්ට්ස් කණ්ඩායමේ දිල්රුවන් පෙරේරා ලකුණු 119කට කඩුලු 4ක්ද දවාලූ අතර එය මෙවර ඔහු ලැබූ 800වන කඩුල්ලවේ.

එන්.සී.සී.පළමු ඉනිම පන්දු වාර 88.2කදී ලකුණු 458යි – (ඇන්ජලෝ පෙරේරා 107, කමිල් මිෂාර 72*, ළහිරු උදාන 66, නිරෝෂන් දික්වැල්ල 57, සහන් ආරච්චිගේ 44, චතුරංග ද සිල්වා 41, දුෂ්මන්ත චමීර 28, දිල්රුවන් පෙරේරා 119/4, ප්‍රභාත් ජයසූරිය 117/4)

තිරිමාන්න සහ උදාර ශතක සම්බන්ධතාවයක

සරවනමුත්තු ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයේදී කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදුන් රාගම කණ්ඩායමේ ළහිරු තිරිමාන්න සහ උදාර ජයසුන්දර දෙවැනි කඩුල්ලට පන්දුවාර 83කදී ලකුණු 305ක සබදතාවයක් තබාගනිමින් රාගම කණ්ඩායම ප්‍රබල තත්ත්වයකට ගෙන ආහ.

තිරිමාන්න පන්දු 224කදී හතරේ දහයක් සමග ලකුණු 140ක්ද ජයසුන්දර පන්දු 290කදී හතරේ 13ක් සහ හයේ තුනක් සමග නොදැවී ලකුණු 154ක් ද ලැබීය.

රාගම පළමු ඉනිම පන්දුවාර 90කදී කඩුලු 2ක් දැවී ලකුණු 309යි. – (උදාර ජයසුන්දර නොදැවී 154, ළහිරු තිරිමාන්න 140, හසේන් රාමනායක 49/1, මොහොමඩ් ශිරාෂ් 57/1)

චන්දිමාල්ගේ ඉනිමෙන් යුද හමුදාවට ශක්තිමත් ආරම්භයක් 

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක දිනේෂ් චන්දිමාල් නොදැවී ලබාගත් ශතකයත්, අෂාන් රන්දික සහ පැතුම් දිල්ෂාන් ලබාගත් අර්ධ ශතකත් මත යුද හමුදාවට දිනය නිමවන විට කඩුලු 5කට ලකුණු 344ක් ලබාගැනීමට අවස්ථාව උදාවිණි.

චන්දිමාල් මෙදින නොදැවී ලකුණු 136ක් රැස්කළේ පන්දු 186කට මුහුණදී හතරේ 16ක් සහ හයේ පහරක් සමගිනි. සිව්වන කඩුල්ලට දිනේෂ් චන්දිමාල් සමග ලක්ෂාන් එදිරිසිංහ ලකුණු 111ක්ද තෙවන කඩුල්ලට චන්දිමාල් සහ පැතුම් දිල්ෂාන් ලකුණු 91ක්ද එක්කළහ.

යුද හමුදාව පළමු ඉනිම පන්දුවාර 90කදී කඩුලු පහකට 344යි – දිනේෂ් චන්දිමාල් නොදැවී 136, පැතුම් දිල්ෂාන් 67, අෂාන් රන්දික 63, ලක්ෂාන් එදිරිසිංහ 45, තුලින දිල්ෂාන් 19, මොහොමඩ් දිල්ෂාඩ් 82/2, සාලිය සමන් 59/2)

බන්දුල මොල්ලිගොඩ

Active filters

Recent Posts

  • ගාල්ල – මහනුවර තරගය ජය පැරදුමින් තොරයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගය ජය පරාජයෙන් තොරව […]
  • කොළඹ පිලට ලකුණු 87ක ජයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ කොළඹ – යාපනය අතර තරගයෙන් කොළඹ පිලට ලකුණු […]
  • නවසීලන්ත කාන්තාවෝ එකට එක කරති
    නවසීලන්ත නායිකා සුසී බේට්ස් සහ බෘෘක් හෝලිඩේගේ තුන් ඉරියව්වේ දක්ෂතාත් බ්‍රී ඉලිං ගේ පන්දු යැවීමේ දක්ෂතාවත් නිසා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව ක්‍රයිස්චර්ච්හි පැවැති දෙවැනි පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් […]
  • ගාල්ල පිල ලකුණු 265ක් ඉදිරියෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගයේ තෙවැනි දිනය නිමාවෙද්දී ගාල්ල […]
  • යාපනයේ ජයග්‍රහණයට ලකුණු 381ක් පසුපසින්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ ජයග්‍රහණය හඹා යන යාපනය පිල කඩුලු 9ක් අතැතිව […]

Pin It on Pinterest

USD United States (US) dollar