slc
logo
Home   |    News
අගෝස්තු 14, 2020
විශ්‍රාමික විනිසුරු දෙපළකට ක්‍රිකට් ආයතනයෙන් ඇගැයීමක්

Sri Lanka Cricket

මාධ්‍ය නිවේදනය

2020 අගෝස්තු 14

වසර 20 කට වැඩි කාලයක් ක්‍රිකට් විනිසුරුකරණයේ නියැළෙමින් විශ්‍රාම දිවියට එළැඹි ක්‍රිකට් විනිසුරු ඩී.එන්. පතිරණ සහ විනිසුරුවරියක වන කේ. ආර්. පී. දූල්වල  විසින් ක්‍රිකට් ක්‍රීඩාවට සිදුකරන ලද සේවාව අගය කිරීමක් ඉකුත්දා ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී පැවැත්විණ.

මෙහිදී පතිරණ මහතාට සහ දූල්වල මහත්මියට මුදලින් ත්‍යාග ප්‍රධානය කිරීමක්ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු සාමාජික සහ විනිසුරු කමිටු සභාපති දීපාල් මදුරප්පෙරුම සහ දේශීය ක්‍රිකට් තරග අංශ ප්‍රධානී චින්තක එදිරිමාන්න මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණ.

1982 වසරේ සිට 2006 දක්වා කාල සීමාවේදී දේශීය පමණක් නොව ජාත්‍යන්තර මට්ටමේ තරගවලදී විනිසුරුවරයෙක් ලෙස කටයුතු කරන ලද පතිරණ මහතා ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරග 30 කදී ප්‍රධාන විනිසුරුවරයකු ලෙසද ටෙස්ට් තරග 8 කදී අතිරේක විනිසුරුවරයෙකු ලෙසද කටයුතු කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු සාමාජික සහ විනිසුරු කමිටු සභාපති දීපාල් මදුරප්පෙරුම මහතා විසින් පතිරණ මහතාට හිමි චෙක්පත ලබා දෙමින්.

අගය කිරීමට ලක් වුණ දූල්වෙල මහත්මියද ශ්‍රී ලංකා ජාතික කාන්තා පිල නියෝජනය කර තිබෙන අතර ක්‍රීඩාවෙන් විශ්‍රාම යෑමෙන් පසු වසර 20 කට වැඩි කාලයක් ක්‍රිකට් විනිසුරුකරණයේ නියැළී තිබේ. විනිසුරුකරණයෙන් ඇය විශ්‍රාම යන විට සරා තරග මට්ටමේ විනිසුරුවරියක් ලෙසින් කටයුතු කරමින් සිටියාය.

*මූණුවර ඡායාරූපය – දේශීය ක්‍රිකට් තරග අංශ ප්‍රධානී චින්තක එදිරිමාන්න මහතා විසින් දූල්වෙල මහත්මිය වෙත මුදල් චෙක්පත ලබාදෙමින්.

මාධ්‍ය අංශය

ශ්‍රී ලංකා ක්‍රිකට්

  • Ends –

Active filters

Recent Posts

USD United States (US) dollar

Pin It on Pinterest