slc
logo
Home   |    News
අගෝස්තු 4, 2020
2023 වර්ල්ඩ් කප් එකට සුදුසුකම් ලබන්නේ කොහොමද…?

Sri Lanka Cricket

2023 වසරේ ඉන්දියාවේ පැවැත්වීමට නියමිත පන්දුවාර 50 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් හඳුන්වා දී තිබෙන නවතම තරගාවලි ව්‍යුහයට අනුව ශ්‍රී ලංකාව ඇතුළු ටෙස්ට් තත්ත්වය හිමි සෑම රටකටම ද්වී පාර්ශ්වික එක්දින තරගාවලි 8 කට ක්‍රීඩා කළ යුතු වේ. ඒ අතරින් වැඩිම ප්‍රසාද ලකුණු ලබන කණ්ඩායම් 7 ට සෘජුවම ලෝක කුසලාන වරම හිමිවනු ඇත.

2023 ලෝක කුසලාන තරගාවලිය සඳහා වන ගමනේදී රටවල් 32 ක් අදිර 3 ක් ඔස්සේ තරග වැදීමට නියමිතව තිබුණද ශ්‍රී ලංකා කණ්ඩායමට වැදගත් වන්නේ  අයි. සී. සී. ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීග් අදියර යටතේ රටවල් 13 ක් තරග වදිනු ලබන වටයේ වැඩිම ප්‍රසාද ලකුණු ලබා ගනු ලබන කණ්ඩායම් 7 අතරට ඇතුළුවීම පමණි.

එම කණ්ඩායම් 13 අතර ටෙස්ට් වරම් හිමි සාමාජිකයින් 12 දෙනාට අමතරව 2015-2017 අයි. සී. සී. සී. ලෝක ක්‍රිකට් සුපර් ලීගයේ ශූරයින් බවට පත් වුණු නෙදර්ලන්ත පිල ඇතුළත් වුවද එම තරග වටයේදී ඔවුන්ට එරෙහිව තරග කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට අහිමිව තිබේ. එම තරග වටය යටතේ නෙදර්ලන්තයට අමතරව ඔස්ට්‍රේලියාව, අයර්ලන්තය සහ පාකිස්තානයට එරෙහිවද ශ්‍රී ලංකාව තරග වැදීමෙන් වැළකී සිටිනු ඇත.

තරග කාල සටහනට අනුව එම සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව හිමිවන්නේ 2022 මාර්තු මස 31 වැනිදා වන විට ලෝක කුසලාන සුපර් ලීග් තරග වටයේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථාන 7 අතිරේ සිටින කණ්ඩායම්වලට පමණි.

සහභාගිවන රටවල් අතුරින් පළමු රටවල් 7 ට අතරට ඉන්දීය කණ්ඩායම පැමිණියහොත් ප්‍රසාද ලකුණු සටහනේ 8 වැනි ස්ථානයට පත් කණ්ඩායමටද සෘජුවම ලෝක කුසලාන තරගාවලි වරම හිමිවනු ඇත. යම් හෙයකින් පළමු කණ්ඩායම් 7 අතරට පැමිණීමේ අවස්ථාව අහිමි වුවද සත්කාරක රටට ලෝක කුසලාන අවස්ථාවට සුදුසුකම් ලැබීමට හිමිවන වාසිය ද ඉන්දීය පිල සතුවේ.

යම් හෙයකින් පළමු කණ්ඩායම් 7 ට පැමිණීමේ අවස්ථාව රටකට අහිමි වුවද ඔවුන්ට තවදුරටත් ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කිරීමේ බලාපොරොත්තු අහිමි නොවනු ඇත. ඒ අනුව ඔවුන්ට ලෝක කුසලාන සුපර් ලීග් දෙවැනි තරග වටය යටතේ තරග කිරීමට සිදුවන අතර එහිදී වැඩිම ලකුණු ලබන කණ්ඩායම් 2 අතරට පැමිණිය හොත් නැවතත් ලෝක කුසලාන වරම හිමිකර ගැනීමේ අවස්ථාව ඔවුන්ට උදාවනු ඇත.

ලීග් ආකෘතිය යටතේ ද්වී පාර්ශ්වික තරගාවලි ලෙසින් පැවැත්වෙන මෙම තරග වටයේදී තරගාවලි 4 ක සත්කාරකත්වයද තරගාවලි 4 ක් සංචාරකයින් ලෙසද තරග කිරීමට සිදුවනු ඇත. මෙම තරග වටය යටතේ සමස්ථ තරග 156 ක් පැවැත්වෙනු ඇත. මෙහිදී ශ්‍රී ලංකාව ඉන්දියාව, දකුණු අප්‍රිකාව, සිම්බාබ්වේ සහ ඇෆ්ගනිස්ථානයට එරෙහිව සත්කාරක වාසිය සමඟ තරග වදිනු අතර බංග්ලාදේශය, නවසීලන්තය, බටහිර ඉන්දීය කොදෙව් සහ එංගලන්තය සමඟ එතෙර ගොස් තරග වැදීමට නියමිතව තිබේ.

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee