slc
logo
Home   |    News
අගෝස්තු 19, 2020
පහසුකම් අඩු ක්‍රීඩාංගණ 6ක් සංවර්ධනයට ශ්‍රී ලංකා ක්‍රිකට් අත හිත

Sri Lanka Cricket

මාධ්‍ය නිවේදනය

2020 අගෝස්තු 19

පිට පළාත් තුළ ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය කිරීම සහ ගුණාත්මක භාවය ඉහළ දැමීමේ අරමුණ ඇතිව ජාතික මට්ටමේ සියළුම පහසුකම්වලින් සමන්විත ක්‍රිකට් ක්‍රීඩාංගණ 6 ක් වසරක් තුළ සංවර්ධනය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

රත්නපුර (මොනරවිල), බදුල්ල නගර සභා ක්‍රීඩාංගණය, යාපනය මල්ලාකම් පිටිය, පොලොන්නරුව ජාතික ක්‍රීඩාංගණය, අම්බලන්ගොඩ නගර සභා ක්‍රීඩාංගණය සහ හෙට්ටිපොළ ක්‍රීඩා පිටිය මෙලෙස සංවර්ධනය වන ක්‍රීඩාංගණයන් වේ.

කොළඹින් බැහැර, ලණු පැදුරු (Matting) විකට්ටු පමණක් භාවිතයෙන් දැනට ක්‍රිකට් ක්‍රීඩාවේ නියැළෙන ප්‍රදේශයන්හි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තණතීරුවල (Turf) ක්‍රීඩා කිරීමේ අත්දැකීම් ලබා දෙමින් ජාතික සහ ජාත්‍යන්තර තලයට යෑමට අවශ්‍ය ඉඩ කඩ සැලසීම මෙම වැඩසටහනේ මූලික පරමාර්ථය බවට පත්ව තිබේ.

එම ක්‍රීඩාංගණ අතුරින් අම්බලන්ගොඩ, පොලොන්නරුව සහ හෙට්ටිපොළ ක්‍රීඩාංගණ ඉදිරි තෙමස ඇතුළත විවෘත කෙරෙන අතර සෙසු ක්‍රීඩාංගණ ඉදිරි තෙවසරක කාලය ඇතුළත නිමා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බලාපොරොත්තු වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාතික සංවර්ධන අංශයේ සහ ජාතික ව්‍යාපෘති කමිටුවේ ප්‍රධානී වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතාගේ මඟ පෙන්වීම යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.

රත්නපුර, පොලොන්නරුව සහ යාපනය ප්‍රදේශයන්හි හිස්භූමි භාගයන්හි ඉදිවන මෙම ක්‍රීඩාංගණයන්ට තණතීරු දහය බැගින් වූ ප්‍රධාන තණතීරුවලට අමතරව පැති විකට්ටුද සපයනු ලැබේ. මීට අමතරව මෙහි අලුතින් තණකොළ සිටුවීම ඇතුළු සංවර්ධන කටයුතු සියල්ලම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිදුකරනු ඇත.

මාධ්‍ය අංශය

ශ්‍රී ලංකා ක්‍රිකට්

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee