slc
Home   |    News
සැප්තැම්බර් 18, 2020
පාසල් ක්‍රිකට් සභාපතිගෙන් බස්නාහිර ක්‍රිකට් සංගමයට ‘මල් මිටක්’

Sri Lanka Cricket

කණිෂ්ඨ මට්ටමේ පසු වුවද ක්‍රීඩකයින්ගේ දක්ෂතා ඇගැයීමට කටයුතු කිරීම ඔවුන්ගේ ක්‍රීඩා කෞෂල්‍යය සංවර්ධනය කිරීමට ඉමහත් සේ ඉවහල් වෙන බව පවසන ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ සභාපති තිලක් වත්තුහේවා මහතා, එවැනි ඇගැයීමක් පාසල් මට්ටමේ ක්‍රීඩකයින්ට සිදුකිරීම ගැන තමා ස්තූතිවන්ත වන බව සඳහන් කර සිටියේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති අන්තර් පළාත් වයස අවුරුදු 15 න් පහළ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනූ බස්නාහිර පළාත් කොළඹ උතුරු කණ්ඩායමේ ක්‍රීඩකයින් 16 දෙනාගේ දක්ෂතා ඇගැයීම වෙනුවෙන් බස්නාහිර පළාත් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරන ලද උපහාර උළෙලට සහභාගිවෙමින් පාසල් ක්‍රිකට් සභාපතිවරයා ඉහත කරුණු සඳහන් කර සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි වත්තුහේවා මහතා, පළාත් සංගම් ඔස්සේ පාසල් වලට ලබා දෙනු ලබන සහයෝගය මෙන්ම එම කටයුතු හරියාකාරව සිදුකිරීම වෙනුවෙන් පාසල් විසින් පළාත් සංගමයට සහයෝගය ලබා දීම ඉතා වැදගත් බව සඳහන් කර සිටි අතර ඉදිරියේදී ඒ කටයුතු වලට සහාය දෙන ලෙසද පාසල් ක්‍රිකට් බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර සිටියේය.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ස්ථාපනය කර ඇති බස්නාහිර පළාත් ක්‍රිකට් සංගම් ශ්‍රවණාගාරයේදී පැවැති මෙම උපහාර පිරිනැමීමේ උත්සවයේදී කොළඹ පාසල් 8 ක ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇගැයීමට ලක් කෙරිණ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විධායක කමිටු සාමාජික සහ තරගාවලි සංවිධාන කමිටු සභාපති බන්දුල දිසානායක, විධායක කමිටු සාමාජික ගිහාන් වීරසිංහ සහ පී. එච්. යූ. ඉමල්ෂ මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන අංශ ප්‍රධානී අරුණ ද සිල්වා මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උපහාර පිරිනැමීමේ උත්සවයේදී ඒ ඒ ක්‍රීඩකයින් නියෝජනය කරනු ලබන පාසල් වුණු, කොළඹ නාලන්දා, ශාන්ත ජෝශප්, කේරි, සහිරා, ශාන්ත ජෝන්, සිරි පියරතන, ශාන්ත බෙනඩික්ට්, සහ ඩි ලා සාල් යන පාසල් වලට රුපියල් ලක්ෂයකට ආසන්න වටිනාකමකින් යුතු ක්‍රිකට් උපකරණ ඇතුළත් කට්ටල ලබා දීමට පියවර ගැනුණි.

දක්ෂතා ඇගැයීමට ලක්වූ ක්‍රීඩකයින් – ෂෙවොන් ඩැනිලේ (නායක), සහන් දාබරේ, රුසිරු විලෝචන, හිරාන් ජයසුන්දර, දිනුර වනිගසේකර, මලිත් බිම්සර, චමත් චාතුර්ය, ඔමේෂ් උදාර, සජිත විතානගේ, සෙනුක් සේරසිංහ, හසංග නානායක්කාර, ආර්. මරුන්, ගගන් චමෝද්, රීඩ් රිස්වාන්, විදුනෙත් විල්සන්, කුෂ්මිත සිල්වා.

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest