slc
logo
Home   |    News
සැප්තැම්බර් 28, 2020
බංග්ලාදේශ පිලේ ශ්‍රී ලංකා තරග සංචාරය ආයෙත් කල් යයි

Sri Lanka Cricket

කොවිඩ් 19 වසංගත තත්ත්වය තවමත් යහපත් අතට පත් නොවීම හේතුවෙන් මෙම සැප්තැම්බර් මස සිට ඔක්තෝම්බර් මස දක්වා කාලය තුළ පැවැත්වීමට නියමිතව තිබූ බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය නැවතත් දින නියමයක් නොමැතිව කල් දැමීමට දෙරටේ ක්‍රිකට් බලධාරීහු තීරණය කර තිබේ.

රටකින් රටකට සංචාරය කිරීමේදී නීරෝධායන අවශ්‍යතා වැනි වර්තමාන සෞඛ්‍ය තත්ත්වයන් සහ එහි රෙගුලාසීන් සලකා බැලීමෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයත් එම තීරණයට එළැඹ තිබේ.

ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වීමට නියමිතව තිබූ තරග 3 කින් සමන්විත මෙම තරගාවලිය, ඉදිරි කාලයේදී දෙරටේම ක්‍රීඩා කාල සටහන විවේකීව පවතින අවස්ථාවකදී  පැවැත්වීමට දෙපාර්ශ්වය අදහස් කර සිටිති.

මෙම තරගාවලිය ඉකුත් ජුලි මස අග භාගයේදී පැවැත්වීමට නියමිතව තිබුණත් එම කාල සීමාවේදීත් කොවිඩ් 19 වසංගත තත්ත්වය බලපෑම හේතුවෙන් සැප්තැම්බර් සහ ඔක්තෝම්බර් මාසයන් දක්වා කල් දැමිණ. යෝජිත වූ පරිදි ටෙස්ට් තරග සංචාරය සඳහා බංග්ලාදේශ ක්‍රිකට් පිල සැප්තැම්බර් මස 27 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබුණි.

ඉකුත් පෙබරවාරි මාසයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැති එක්දින සහ විස්සයි-20 තරගාවලි පැවැත්වීමෙන් අනතුරුව ගෙවී ගිය කාල සීමාවේදී පැවැත්වීමට නියමිතව තිබූ එකම තරගාවලියක් හෝ පැවැත්වීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට අහිමිව ගියහ. තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියකට සහභාගිවීම සදහා එංගලන්ත කණ්ඩායම ඉකුත් මාර්තු මසදී මෙරටට පැමිණියද කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් සරා ඕවල් පිටියේ පැවැති සිව්දින පුහුණු තරගය අතරතුරදී  තරගාවලිය අතහැර එංගලන්ත පිල යළි සිය රට බලා පිටත්ව ගියේය.

Active filters

Recent Posts

  • චමරිගේ පිතිහරඹයෙන් ශ්‍රී ලංකාව රන් පදක්කම් සටනට
    පාකිස්තානයට එරෙහිව කඩුලු 8ක විශිෂ්ට ජයක් – විස්සයි20 ඉතිහාසයේ ඉහළම ලකුණු හඹා යෑම චමරි අතපත්තුගේ විශිෂ්ට නොදැවුණු ලකුණු 83ක ප්‍රහාරාත්මක ඉනිම හමුවේ පාකිස්තානය කඩුලු 8කින් පරාජය කළ ශ්‍රී […]
  • අගෝස්තුවේ ICC ක්‍රීඩකයා සම්මානය සොනාල් දිනූෂට
    එංගලන්තයේ ඔලී රොබින්සන් සහ බංග්ලාදේශයේ හසන් මහ්මුද් අභිබවා යමින් අගෝස්තු මාසයේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ විශිෂ්ටතම ක්‍රීඩකයා ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) මාසික ක්‍රීඩකයා සම්මානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ […]
  • විස්සයි-20 තරගාවලියේ 3-0 ක් ලෙස එංගලන්තය ජය ගනියි
    ඕල්ඩ් ට්‍රැෆර්ඩ්හි පැවැති තෙවැනි විස්සයි-20 තරගයේදී ශ්‍රී ලංකා පිතිකරුවන් ලකුණු 124කට දවාගත් එංගලන්තය, එම ඉලක්කය පන්දුවාර 9යි පන්දු 4කදී කඩුල්ලක් පමණක් වැය කරමින් හඹා ගොස් විස්සයි-20 තරගාවලිය 3-0කින් අද […]
  • බෘක් – බට්ලර් ප්‍රහාරයෙන් විස්සයි-20 එංගලන්තය පෙරමුණට
    එංගලන්ත පිතිකරුවන්ගේ දැවැන්ත ප්‍රහාරය හමුවේ කිසිදු පිළිතුරක් සොයාගත නොහැකි වූ ශ්‍රී ලංකා කණ්ඩායමට සවුත්හැම්ප්ටන්හි යුටිලිටා බෝල් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු විස්සයි-20 ජාත්‍යන්තර තරගයෙන් ලකුණු 119ක දැවැන්ත පරාජයක් අත්විය. ඒ […]
  • එංගලන්ත අභියෝගයට ශ්‍රී ලංකාව සවුත්හැම්ප්ටන්හිදී පිටියට
    එංගලන්තය සමඟ පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි-20 ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම අද (15) සවුත්හැම්ප්ටන්හි යූටිලිටා බෝල් ක්‍රීඩාංගණයේදී මුහුණ දෙයි. කුසල් මෙන්ඩිස් ආබාධයක් හේතුවෙන් T20I තරගාවලියෙන් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee