slc
logo
Home   |    News
ඔක්තෝබර් 7, 2020
කොවිඩ් නිසා “සභාපති” කුසලාන තරගාවලියත් කල් යයි

Sri Lanka Cricket

ක්‍රීඩකයින්ගේ දක්ෂතා එක ලෙසින් පවත්වාගෙන යෑමේ අරමුණින් මෙම ඔක්තෝම්බර් මස 14 වැනිදා සිට 20 වැනිදා දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පැවැත්වීමට සැලසුම් කර තිබූ ‘ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති කුසලාන’ පන්දුවාර 50 ක්‍රිකට් තරගාවලිය වර්තමාන කොවිඩ් 19 තත්ත්වය හේතුවෙන් දින නියමයක් නොමැතිව කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සිදුව තිබේ. 

කණ්ඩායම් 4 කගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබූ මෙම තරගාවලියේ සෑම කණ්ඩායමක් සඳහාම ජාතික සංචිතයේ සිට පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරමින් දක්ෂතා දක්වන ලද ක්‍රීඩකයින් ඇතුළත්ව සිටියහ. දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සම දසුන් ශානක විසින් නායකත්වය ලබාදීමට නියමිතව තිබූ මෙම කණ්ඩායම් සියල්ල ක්‍රීඩකයින් 14 දෙනෙකුගෙන් යුක්ත වේ. 

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධව කටයුතු කරනු ලබන ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති ජයන්ත ධර්මදාස මහතාගේ සංකල්පයක් අනුව මෙම තරගාවලිය පැවැත්වීමට සැලසුම් කර තිබූ අතර එහිදී පළමු වටය ලීග් ක්‍රමයට පැවැත්වෙන අතර එහිදී ඉදිරියෙන් සිටින කණ්ඩායම් 2 අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලැබීමට නියමිතව තිබුණි. තරගාවලි ව්‍යුහයේ ඇති තවත් විශේෂත්වයක් බවට පත්වූයේ තෙවැනි ස්ථානය තේරීම සඳහාද තරගයක් පැවැත්වීමට සැලසුම් කර තිබීමය. 

මෙම තරගාවලිය සංවිධානය කිරීම පිළිබඳව අදහස් දක්වා සිටි උප සභාපති ජයන්ත ධර්මදාස මහතා, “කොවිඩ් 19 වසංගතයත්සමඟ ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයින්ට තරගකාරී ක්‍රිකට් ක්‍රීඩාවක නියැළීමේ අවශ්‍යතාවය තදින්ම දැනිලා තිබුණා. ඒ පිළිබඳව වූ අවශ්‍යතාවය වැටහී යෑම නිසා තමයි අපි මේ වගේ තරගකාරීත්වයකින් යුතු තරගාවලියක් පැවැත්වීමට සැලසුම් කළේ. නමුත් වර්තමාන තත්ත්වයත් එක්ක යළිත් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට සුදුසු පරිසරයක් නිර්මාණය වන තෙක් මෙම තරගාවලිය කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කළා” යනුවෙන් සඳහන් කර සිටියේය.  

කුසල් මෙන්ඩිස් පිලනිරෝෂන් දික්වැල්ල පිලදසුන් ශානක පිලදිමුත් කරුණාරත්න පිල
ඕෂධ ප්‍රනාන්දුධනුෂ්ක ගුණතිලකළහිරු තිරිමාන්නදිමුත් කරුණාරත්න (නායක)
මිනෝද් භානුකනිරෝෂන් දික්වැල්ල (නායක)ළහිරු උදාරඅවිශ්ක ප්‍රනාන්දු
කුසල් මෙන්ඩිස් (නායක)දිනේෂ් චන්දිමාල්කුසල් පෙරේරාඇන්ජලෝ මැතිව්ස්
භානුක රාජපක්ෂධනංජය ද සිල්වා රොෂේන් සිල්වාකමිඳු මෙන්ඩිස් 
අශාන් ප්‍රියන්ජන්සංතුෂ් ගුණතිලකඇන්ජලෝ පෙරේරාසධීර සමරවික්‍රම
අශේන් බණ්ඩාරඅසේල ගුණරත්නදසුන් ශානක (නායක)අකිල ධනංජය
තිසර පෙරේරාසුරංග ලක්මාල්වනිඳු හසරංගලසිත් අබේරත්න
ඩිල්රුවන් පෙරේරාදුවිඳු තිලකරත්නදුෂ්මන්ත චමීරළහිරු කුමාර
ලක්ෂාන් සඳකැන්විශ්ව ප්‍රනාන්දුලසිත් ඇඹුල්දෙණියනුවන් ප්‍රදීප්
කසුන් රජිතජෙෆ්රි වැන්ඩර්සිඅසිත ප්‍රනාන්දුමොහොමඩ් ශිරස්
බිනුර ප්‍රනාන්දුළහිරු මධුශංකරමේෂ් මෙන්ඩිස්ප්‍රභාත් ජයසූරිය
චතුරංග ද සිල්වාදුශාන් විමුක්තිකවිෂ්ක අංජුලසඳුන් වීරක්කොඩි
ඩිල්ශාන් මදුශංකලසිත් කෲස්පුල්ලේචාමික කරුණාරත්නකවිඳු නදීශාන්
සචිඳු කොළඹගේඅමිල අපෝන්සුනිපුන් ධනංජය අෂේන් ඩැනියල්




ග්‍රාන්ට් ෆ්ලවර්-පුහුණුකරුෂේන් මැක්ඩමට්-පුහුණුකරුරුමේෂ් රත්නායක-පුහුණුකරුචමින්ද වාස් (පුහුණුකරු)
රුවින් පීරිස්-ස. පුහුණුකරුමනෝජ් අබේවික්‍රම-ස. පුහුණුකරුසජීව වීරකෝන්-ස. පුහුණුකරුමලින්ද වර්ණපුර-ස.පුහුණුකරු

Active filters

Recent Posts

  • ගාල්ලට පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ලකුණු 145ක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ගාල්ල පිලට […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තායිලන්තය පරාජය කරයි
    මීළඟ කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පැවැති ප්‍රථම තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා […]
  • ගාල්ල පිලේ ඔෂධ ප්‍රනාන්දුගෙන් ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ අද (24) දෙවැනි දිනයේදී ගාල්ල […]
  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee