slc
logo
Home   |    News
ඔක්තෝබර් 23, 2020
ටෙස්ට් ලෝක ශූරතාවය ගැන අයි.සී.සී. ය විකල්ප සොයයි

Sri Lanka Cricket

By Chamila Karawita

ලබන 2021 වසරේ ජුනි මසදී පැවැත්වීමට නියමිතව තිබෙන ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහ තරගය එලෙසම පැවැත්වීම කෙරෙහි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ අවධානය යොමුව තිබේ. එහෙත් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මුහුණ දී සිටින බරපතලම ගැටළුව බවට පත්ව ඇත්තේ කෙරෝනා වසංගතයේ බලපෑමත් සමඟ පැවැත්වීමට නොහැකි වුණු තරගාවලි සම්බන්ධව ගත හැකි විකල්පයන් කුමක්ද යන්නය.

කෙසේ වෙතත් අවලංගු වුණු තරගාවලිවලට අදාළව ඒ ඒ කණ්ඩායම් සඳහා සම ලකුණු ප්‍රදානය කිරීමට මේ වන විට යෝජනා වී ඇතත් ඒ පිළිබඳව වූ අවසන් තීරණය ඉදිරි නොවැම්බර් මසදී පැවැත්වීමට නියමිත අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල ක්‍රිකට් මණ්ඩල රැස්වීමේදී ගැනීමට නියමිතය. මෙහිදී ඉකුත් මාර්තු මස වන විට කණ්ඩායම් ලබා සිටි ප්‍රසාද ලකුණු සංඛ්‍යාවන් මත පදනම්ව ක්‍රමවේදයක් නිර්මාණය කරමින් ලකුණු ලබා දීම මෙන්ම ඉදිරියේදී පැවැත්වීමට නියමිත තරගාවලි අවසන් වූ පසු අවසන් මහ තරගයට සුදුසුකම් ලබන්නේ කවුරුන්ද යන්න තීරණය කිරීමය.

ලෝක ටෙස්ට් ශූරතාවලියේ ඉදිරිය පියවරයන් සම්බන්ධව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සිටින්නේ කුමන මතයකද යන්න පිළිබඳව සියළුම රටවල් දැනුවත් කිරීම අයි.සී.සී. යේ අරමුණ වන අතර එය ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ මීළඟට ආරම්භ වීමට නියමිතව ඇති නවසීලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර ටෙස්ට් තරගාවලියට පෙර එම දැනුවත් කිරීම සිදු කිරීමට බලාපොරොත්තුවෙන් පසුවේ.

කොරෝනා වෛරසය හේතුවෙන් අවලංගු කර දැමුණු තරගාවලි පැවැත්වීම කෙරෙහි බහුතරයක් රටවල් උත්සාහ ගනිමින් සිටින නමුත්, ජාත්‍යන්තර තරගාවලියන්හි කාල සටහන් දෙස බැලීමේදී අවසන් මහ තරගයට පෙර එම තරගාවලි පැවැත්වීම ප්‍රායෝගිකව අසීරු කටයුත්තකි. එමෙන්ම ඇතැම් කණ්ඩායම් එකිනෙකට වෙනස් තරග සංඛ්‍යාවක් ක්‍රීඩා කිරීමද ව්‍යාකූලත්වයක් නිර්මාණය කරවන්නකි.

මේ සියල්ල පිළිබඳව අවධානය යොමු කිරීමේදී ඉහතින් කී පරිදි අවලංගු වුණු තරගාවලි සියල්ලටම නිසි නීති මාලාවකට යටත්ව සෑම තරගයක්ම ජය පැරදුමෙන් තොරව අවසන් වුණු තරගාවලි ලෙස සලකමින් එක් එක් කණ්ඩායමට ප්‍රසාද ලකුණු පිරිනැමීම කෙරෙහි වැඩි අවධානයක් යොමුව තිබේ.

තරගාවලියේ මූලික සැලසුම අනුව ටෙස්ට් තරගාවලියක් සඳහා ලකුණු 120 ක් පිරිනැමෙන අතර ජය පැරදුමෙන් තොර තරගාවලියක් වුවහොත් කණ්ඩායමකට ප්‍රසාද ලකුණු 40 ක් හිමිවනු ඇත. මෙය තරගාවලියේ පැවැත්වීමට නියමිත තරග සංඛ්‍යාව වෙනස් වුවද ලැබෙන ප්‍රසාද ලකුණු සංඛ්‍යාව නොවෙනස්ව පවතී.  

ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ ශ්‍රී ලංකාව නවසීලන්තය සහ පාකිස්තානයට එරෙහිව ටෙස්ට් තරගාවලි 2 කට සහභාගිවී සිටින අතර ප්‍රසාද ලකුණු 80 ක් හිමිකරගෙන සිටියි. අදාළ ශූරතාවලිය යටතේ ශ්‍රී ලංකාවට තවත් ටෙස්ට් තරගාවලි 4 කට සහභාගිවීමට නියමිතව තිබේ. මෙම වසර මුලදී එංගලන්තය සමඟ තරග 2 කින් සමන්විතද, දකුණු අප්‍රිකාව සමඟ තරග 2 කින් සමන්විතවද සහ බංග්ලාදේශය සමඟ තරග 3 කින් සමන්විත තරගාවලියකට ක්‍රීඩා කිරීමට නියමිතව තිබුණද කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් එම තරගාවලි 3ම කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සිදුවිය.

කෙසේ වෙතත් ප්‍රසාද ලකුණු 80 ක් හිමිකරගෙන සිටින ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ 6 වැනි ස්ථානයේ රැඳී සිටින අතර ඉන්දියාව ප්‍රසාද ලකුණු 360 ක් ලබා එහි පෙරමුණේ පසුවන්නේය.

2020 ඔක්තෝම්බර් මස තෙක් යාවත්කාලීන වී තිබෙන ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහන මෙසේය.

ස්ථානය රට ප්‍රසාද ලකුණු
1 ඉන්දියාව 360
2 ඔස්ට්‍රේලියාව 296
3 එංගලන්තය 292
4 නවසීලන්තය 180
5 පාකිස්තානය 166
6 ශ්‍රී ලංකාව 80
7 බ.ඉ.කොදෙව් 40
8 දකුණු අප්‍රිකාව 24
9 බංග්ලාදේශය 00

Active filters

Recent Posts

  • ගාල්ලට පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ලකුණු 145ක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ගාල්ල පිලට […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තායිලන්තය පරාජය කරයි
    මීළඟ කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පැවැති ප්‍රථම තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා […]
  • ගාල්ල පිලේ ඔෂධ ප්‍රනාන්දුගෙන් ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ අද (24) දෙවැනි දිනයේදී ගාල්ල […]
  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee