slc
logo
Home   |    News
ඔක්තෝබර් 5, 2020
NPL අභිනව ශූරතාව ජැෆ්නා ග්ලැඩියේටර්ස් ට

Sri Lanka Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පූර්ණ සවිබල ගැන්වීමෙන් උතුරු පළාත් ක්‍රිකට් සංගමය සහ වව්නියා දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය එක්ව පළමු වතාවට සංවිධානය කරන ලද උතුරු ප්‍රිමියර් ලීග් (NPL)ක්‍රිකට් තරගාවලියේ අභිනව ශූරයින් ලෙස කිරුළු පැළඳීමට ජැෆ්නා ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමත්විය.

වව්නියාව නගර සභා ක්‍රීඩාංගණයේ පැවැති මෙම අවසන් මහ තරගයේදී මුල්ලයි පැන්තර්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 134 ක දැවැන්ත ජයක් වාර්තා කළ ජැෆ්නා ග්ලැඩියේටර්ස්, ශූරතා කුසලානට අමතරව මුදලින් ලක්ෂ 2 ක මුදලක්ද දිනා ගනු ලැබීය. අනුශූරතාවයට පත් මුල්ලයි පැන්තර්ස් පිලට මුදලින් රුපියල් ලක්ෂයක ත්‍යාග මුදලක් හිමිවිය.

වසර 30 කට අධික කාලයක් තිස්සේ පැවැති කුරිරු යුද්ධය නිමාවට පත් වීමත් සමඟ පළමු වතාවට උතුරට ක්‍රිකට් වසන්තය කැඳවමින් පැවැති මෙම තරගාවලිය සඳහා උතුරු පළාතේ දිස්ත්‍රික් 5 වන වව්නියාව, යාපනය, කිලිනොච්චි, මුලතිව් සහ මන්නාරම් යන දිස්ත්‍රික් නියෝජනය කරමින් කණ්ඩායම් 5 ක් මූලික වටය යටතේ ලීග් ක්‍රමයට තරග වැදුණහ. එහිදී එලිමිනේටර් තරග වටයද ඇතුළුව පැවැති අවසන් වටයේ තරගවලදී මුල්ලයි පැන්තර්ස් සහ ජැෆ්නා ග්ලැඩියේටර්ස් අවසන් මහ තරග වරම උදා කරගත්හ.

ප්‍රධාන ආරාධිතයා ලෙසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා මහතා සහභාගි වුණු මෙම අවසන් මහ තරග අවස්ථාවේදී ක්‍රිකට් ආයතන උප සභාපති රවීන් වික්‍රමරත්න, මානව සම්පත් ජ්‍යෙෂ්ඨ කළමනාකරු මේජර් ටනේෂ් ඩයස්, ජාතික ක්‍රිකට් සංවර්ධන ප්‍රධානී කමල් ධර්මසිරි යන මහත්වරුන් ආරාධිත අමුත්තන් ලෙසින් සහභාගිවූහ. මීට අමතරව මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ සාමාජිකයන් වන භානුක රාජපක්ෂ සහ විශ්ව ප්‍රනාන්දුද සහභාගිවූහ.

පන්දුවාර 20 තරගයක් ලෙසින් පැවැති මෙම අවසන් මහ තරගයේ කාසියේ වාසිය දිනූ ජැෆ්නා ග්ලැඩියේටර්ස් පිල නියමිත පන්දුවාර 20 තුළදී කඩුලු 7 කට ලකුණු 191 ක් ලබා ගැනීමට සමත්වූ නමුත් එය හඹා යෑමේදී මුල්ලයි පැන්තර්ස් පිලට පන්දුවාර 12.3 කදී සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 53 ක් පමණි.

ජැෆ්නා ග්ලැඩියේටර්ස් පිල වෙනුවෙන් තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වූ සූරියකුමාර් අජිත් අවසන් මහ තරගයේ වීරයා ලෙසින් සම්මාන දිනා ගත්තේය. ලකුණු 13 කට කඩුලු 3 ක් දවා ගනිමින් පන්දුවෙන් දැක්වූ දස්කම් වලට අමතරව පන්දු 32 කදී වේගවත් ලකුණු 57 ක් ලබාගත් අජිත්, අවසන් මහ තරගයේ දක්ෂතම පිතිකරු සම්මානයෙන්ද පිදුම් ලැබීය. ඔහුට අමතරව නායක එස්. නිරෝෂන් පන්දු 37 කදී ලකුණු 50 ක්ද රැස් කරමින් පිත්තෙන් දස්කම් දැක්වූවේය.

ඊට අමතරව තරගාවලිය තුළ සමස්ථ කඩුලු 15 ක් දවා ගත් ජැෆ්නා ග්ලැඩියේටර්ස් පිලේ ටී. ප්‍රදීප් තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා ලෙසින්ද,  සමස්ථ තරගාවලියේ පිත්තෙන් ලකුණු 180 ක් පන්දුවෙන් කඩුලු 8 ක් බිඳ හෙළීමට සමත් වූ මුල්ලයි පැන්තර්ස් කණ්ඩායමේ ඒ. අන්චයන් තරගාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය.

Active filters

Recent Posts

  • චමරිගේ පිතිහරඹයෙන් ශ්‍රී ලංකාව රන් පදක්කම් සටනට
    පාකිස්තානයට එරෙහිව කඩුලු 8ක විශිෂ්ට ජයක් – විස්සයි20 ඉතිහාසයේ ඉහළම ලකුණු හඹා යෑම චමරි අතපත්තුගේ විශිෂ්ට නොදැවුණු ලකුණු 83ක ප්‍රහාරාත්මක ඉනිම හමුවේ පාකිස්තානය කඩුලු 8කින් පරාජය කළ ශ්‍රී […]
  • අගෝස්තුවේ ICC ක්‍රීඩකයා සම්මානය සොනාල් දිනූෂට
    එංගලන්තයේ ඔලී රොබින්සන් සහ බංග්ලාදේශයේ හසන් මහ්මුද් අභිබවා යමින් අගෝස්තු මාසයේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ විශිෂ්ටතම ක්‍රීඩකයා ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) මාසික ක්‍රීඩකයා සම්මානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ […]
  • විස්සයි-20 තරගාවලියේ 3-0 ක් ලෙස එංගලන්තය ජය ගනියි
    ඕල්ඩ් ට්‍රැෆර්ඩ්හි පැවැති තෙවැනි විස්සයි-20 තරගයේදී ශ්‍රී ලංකා පිතිකරුවන් ලකුණු 124කට දවාගත් එංගලන්තය, එම ඉලක්කය පන්දුවාර 9යි පන්දු 4කදී කඩුල්ලක් පමණක් වැය කරමින් හඹා ගොස් විස්සයි-20 තරගාවලිය 3-0කින් අද […]
  • බෘක් – බට්ලර් ප්‍රහාරයෙන් විස්සයි-20 එංගලන්තය පෙරමුණට
    එංගලන්ත පිතිකරුවන්ගේ දැවැන්ත ප්‍රහාරය හමුවේ කිසිදු පිළිතුරක් සොයාගත නොහැකි වූ ශ්‍රී ලංකා කණ්ඩායමට සවුත්හැම්ප්ටන්හි යුටිලිටා බෝල් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු විස්සයි-20 ජාත්‍යන්තර තරගයෙන් ලකුණු 119ක දැවැන්ත පරාජයක් අත්විය. ඒ […]
  • එංගලන්ත අභියෝගයට ශ්‍රී ලංකාව සවුත්හැම්ප්ටන්හිදී පිටියට
    එංගලන්තය සමඟ පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි-20 ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම අද (15) සවුත්හැම්ප්ටන්හි යූටිලිටා බෝල් ක්‍රීඩාංගණයේදී මුහුණ දෙයි. කුසල් මෙන්ඩිස් ආබාධයක් හේතුවෙන් T20I තරගාවලියෙන් […]

Pin It on Pinterest

USD United States (US) dollar