slc
logo
Home   |    News
ඔක්තෝබර් 1, 2020
ශ්‍රී ලංකා ක්‍රිකට් වසර 3 කට රෙඩ්බුල් සමඟ එක්වෙයි

Sri Lanka Cricket

2020 සැප්තැම්බර් මස 30 වැනිදා 

ලොව සුපතල ශක්ති ජනක පාන සමාගමක් වන ‘රෙඩ්බුල්’ ආයතනය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල ශක්ති ජනක පාන සහකරු ලෙසින් අනුග්‍රාහකත්වයකට එළැඹ සිටියි. අදාළ අනුග්‍රාහකත්වය පිරිනැමීම වෙනුවෙන්‘රෙඩ්බුල්’ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ වූ ගිවිසුම අත්සන් තැබීම සහ හුවමාරු කර ගැනීම 2020 අගෝස්තු මස 31 වැනි දින කොළඹදී සිදුවිණ.

වසර 3 ක කාලයක් බලපැවැත්වෙන පරිදි අත්සන් තැබුණු මෙම අනුග්‍රාහක ගිවිසුම යටතේ මෙරටදී පැවැත්වෙන ද්වීපාර්ශවික ජාත්‍යන්තර තරගවලදී දෙපිළේම නිල ශක්ති ජනක පානය සපයන්නා ලෙසින් ‘රෙඩ්බුල්’ කටයුතු කරනු ඇති බව 2020 සැප්තැම්බර් මස 30 වැනිදා කොළඹදී පැවැති උත්සවයේදී ප්‍රසිද්ධියට පත් කරනු ලැබීය. මීට අමතරව අදාළ අනුග්‍රාහකත්වය යටතේ ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව ඉලක්ක කර ගනිමින් මූල්‍යමය වශයෙන්ද ‘රෙඩ්බුල්’ ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත දායකත්වය ලබා දෙනු ඇත.

“ලොව පුරා ඇති ක්‍රීඩාවන්හි ක්‍රියාකාරකම් සහ කණ්ඩායම් ප්‍රවර්ධනය කිරීම කෙරෙහි නිරන්තරයෙන් අවධානය යොමු කරන ආයතනයක් වන ‘රෙඩ්බුල්’, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ අනුග්‍රාහකත්වයකට පැමිණීම සතුටට කරුණක්” බව මේ පිළිබඳව අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා මහතා සඳහන් කර සිටියේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි ප්‍රධාන විධායක නිලධාරීවරයා, “මෙම හවුල්කාරීත්වය යටතේ හොඳ වටිනාකමක් එකතු කර ගැනීමට ‘රෙඩ්බුල්’ ආයතනයට හැකියාව ලැබේවි. ඒ හරහා ශක්ති ජනක පාන සැපයුම්කරුවන් අතර ‘රෙඩ්බුල්’ ගොඩනංවාගෙන තිබෙන ස්ථාවරත්වය තවදුරටත් ඉහළ නංවා ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවට අප විශ්වාස කරනවා”යනුවෙනි.

මෙම අනුග්‍රාහකත්වය පිරිනැමීම යටතේ මින් ඉදිරියට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ශක්ති ජනක පාන හවුල්කරුවා යන නාමය භාවිතා කිරීමට රෙඩ්බුල් ට අවස්ථාව හිමිවන අතරම, තරග නැරඹීම සඳහා පැමිණෙන ක්‍රීඩා ලෝලීන් වෙනුවෙන් වන ශක්ති ජනක පාන, අළෙවිය සහ බෙදා හැරීමේ අයිතිය ද ‘රෙඩ්බුල්’ සතු වේ.

1987 වසරේ සිට ශක්ති ජනක පාන අතර ප්‍රචලිතව සිටින ‘රෙඩ්බුල්’ මිනිස් ප්‍රජාවට, මානසිකව සහ ශාරිරිකව උත්තේජනයක් ලබාදෙමින් ඔවුන්ගේ අභිප්‍රායන් කරා යෑමට උපරිම දායකත්වයක් ලබා දෙන පානයක් ලෙසින් ප්‍රචලිතව තිබේ. එපමණක් නොව කාන්තා සහ පිරිමි පාර්ශ්වයන්ගේ මනස සහ ශරීරය ක්‍රීඩා පිටියේදී උත්තේජනය වීමට රෙඩ්බුල් උපයෝගී වනවා පමණක් නොව ඒ හරහා ක්‍රීඩාවේ ගනු ලබන තීරණ නිසියාකාරව ගැනීමට රෙඩ්බුල් සන්නාමය දායකත්වයක් ලබා දෙනු ඇත.

අදාළ ගිවිසුම් ගත වීම පිළිබඳව අදහස් දක්වා සිටින හිටපු ටෙස්ට් ක්‍රීඩක බ්‍රෙන්ඩන් කුරුප්පු මහතා, “ගෙවී ගිය වසර කීපයේදී ශ්‍රී ලංකාව පුරා වූ තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා වැඩි දියුණු කිරීම වෙනුවෙන් රෙඩ්බුල් දායකත්වය ලබා දී තිබෙනවා” යනුවෙනි. ලොව පුරා ඉමහත් ජනප්‍රියත්වයට පත්ව තිබෙන විශ්වවිද්‍යාලාන්තර අතර ක්‍රියාත්මක ක්‍රිකට් තරගාවලියේ ගෝලීය තරගාවලි අධ්‍යක්ෂවරයා ලෙසින්ද කටයුතු කරන කුරුප්පු මහතා, එම තරගාවලියට මෙරටින් ජාත්‍යන්තර වේදිකාවට සාර්ථක ක්‍රීඩකයින් බිහි කිරීම වෙනුවෙන් ‘රෙඩ්බුල්’ කැපී පෙනෙන දායකත්වයක් ලබා දී තිබෙනවා” යැයි වැඩිදුරටත් අදහස් දක්වා සිටියේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉදිරි පෙළ පිතිකරුවකු මෙන්ම කඩුලු රකින්නකු ලෙස කටයුතු කළ කුරුප්පු මහතා, “රෙඩ්බුල් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් යළිත් වරක් අත්වැල් බැඳ ගැනීම සැබැවින්ම විශිෂ්ඨ සම්බන්ධතාවයක් වන අතර එය වෙළෙඳ නාම වල ස්ථාවරත්වය ඉහළ යෑමට මෙන්ම ක්‍රීඩාවෙන් ඉදිරියට යෑමට ප්‍රයෝජනවත වේවි” යනුවෙන් සඳහන් කර සිටියි.

මාධ්‍ය නිවේදනය

ශ්‍රී ලංකා ක්‍රිකට්

Active filters

Recent Posts

  • චමරිගේ පිතිහරඹයෙන් ශ්‍රී ලංකාව රන් පදක්කම් සටනට
    පාකිස්තානයට එරෙහිව කඩුලු 8ක විශිෂ්ට ජයක් – විස්සයි20 ඉතිහාසයේ ඉහළම ලකුණු හඹා යෑම චමරි අතපත්තුගේ විශිෂ්ට නොදැවුණු ලකුණු 83ක ප්‍රහාරාත්මක ඉනිම හමුවේ පාකිස්තානය කඩුලු 8කින් පරාජය කළ ශ්‍රී […]
  • අගෝස්තුවේ ICC ක්‍රීඩකයා සම්මානය සොනාල් දිනූෂට
    එංගලන්තයේ ඔලී රොබින්සන් සහ බංග්ලාදේශයේ හසන් මහ්මුද් අභිබවා යමින් අගෝස්තු මාසයේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ විශිෂ්ටතම ක්‍රීඩකයා ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) මාසික ක්‍රීඩකයා සම්මානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ […]
  • විස්සයි-20 තරගාවලියේ 3-0 ක් ලෙස එංගලන්තය ජය ගනියි
    ඕල්ඩ් ට්‍රැෆර්ඩ්හි පැවැති තෙවැනි විස්සයි-20 තරගයේදී ශ්‍රී ලංකා පිතිකරුවන් ලකුණු 124කට දවාගත් එංගලන්තය, එම ඉලක්කය පන්දුවාර 9යි පන්දු 4කදී කඩුල්ලක් පමණක් වැය කරමින් හඹා ගොස් විස්සයි-20 තරගාවලිය 3-0කින් අද […]
  • බෘක් – බට්ලර් ප්‍රහාරයෙන් විස්සයි-20 එංගලන්තය පෙරමුණට
    එංගලන්ත පිතිකරුවන්ගේ දැවැන්ත ප්‍රහාරය හමුවේ කිසිදු පිළිතුරක් සොයාගත නොහැකි වූ ශ්‍රී ලංකා කණ්ඩායමට සවුත්හැම්ප්ටන්හි යුටිලිටා බෝල් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු විස්සයි-20 ජාත්‍යන්තර තරගයෙන් ලකුණු 119ක දැවැන්ත පරාජයක් අත්විය. ඒ […]
  • එංගලන්ත අභියෝගයට ශ්‍රී ලංකාව සවුත්හැම්ප්ටන්හිදී පිටියට
    එංගලන්තය සමඟ පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි-20 ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම අද (15) සවුත්හැම්ප්ටන්හි යූටිලිටා බෝල් ක්‍රීඩාංගණයේදී මුහුණ දෙයි. කුසල් මෙන්ඩිස් ආබාධයක් හේතුවෙන් T20I තරගාවලියෙන් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee