slc
logo
Home   |    News
දෙසැම්බර් 21, 2020
දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින්ගේ කොවිඩ් පරීක්ෂණ සුභදායී වෙයි

sinhala editor

Chamila Karawita

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියට සඳහා නම් කරන ලද දකුණු අප්‍රිකානු කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයින්ගේ කොවිඩ් 19 පරීක්ෂණ ප්‍රථිඵල සුභ දායක තත්ත්වයක පවතින බව එරට ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි.

මෙම තරගාවලියට ප්‍රථම එංගලන්තය සමඟ පැවැති තරගාවලිය අතරතුරදී දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුටම කොවිඩ් 19 වෛරසය ආසාධනය වීම මත එම තරගාවලිය අතර මඟ නවතා දමා නැවතත් එංගලන්ත පිල සිය රට බලා ගියේය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය ජෛව සුරක්ෂිත පරිසරයක් නිර්මාණය කරමින් මෙහෙයුම් කටයුතු සිදු කිරීමට දෙරටේ ක්‍රිකට් බලධාරීන් කැමැත්ත පළ කර සිටීම නිසා මේ වන විට ක්‍රීඩකයින් සියල්ල එම ජෛව පරිසරය තුළ සිට සිය නීරෝධායන කාල සීමාව ගත කරමින් සිටිනු ඇත. ඒ අනුව ජෛව සුරක්ෂිත පරිසරයට පිවිසීමෙන් පසු සත්කාරක කණ්ඩායමේ ක්‍රීඩකයින් වෙනුවෙන් සිදු කරන ලද පරීක්ෂණ වල ප්‍රතිඵල සුභදායක වී තිබේ.

‘බෙට්වේ’ කුසලාන වෙනුවෙන් දෙරට අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය ලබන 26 වැනිදා සෙන්චූරියන්හි සුපර් ස්පෝර්ට්ස් පාක් පිටියේදීද දෙවැන්න ජනවාරි 02 වැනිදා ජොහැන්නස්බර්ග් නුවර වොන්ඩරස් පිටියේදීද ආරම්භ වනු ඇත.

මේ අතර දෙරට අතර ටෙස්ට් තරගාවලිය සඳහා නම් කරන ලද දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායකත්වය ආරම්භක පිතිකරුවකු සහ කඩුලු රකින්නා ලෙසින් කටයුතු කරනු ලබන කුවින්ටන් ඩි කොක් වෙත ලබා දීමට එම තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ඒ අනුව ඩි කොක් ටෙස්ට් තරගයකදී දකුණු අප්‍රිකානු පිල මෙහෙයවනු ලබන පළමු තරගය බවට පත් වන්නේ මෙම මස 26 වැනිදා ආරම්භ වන පළමු ටෙස්ට් තරගය වේ. ඩි කොක් මීට පෙර දකුණු අප්‍රිකානු එක්දින කණ්ඩායම වෙනුවෙන් අවස්ථා 8 කදී නායකයා ලෙසින් කටයුතු කර තිබේ.

ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් සමන්විත දකුණු අප්‍රිකානු කණ්ඩායම සඳහා ඉදිරි පෙළ පිතිකරුවකු වන රේනාඩ් වැන් ටොන්ඩර් සහ වේග පන්දු යවන ක්‍රීඩක ලූතෝ සිපම්ලාට පළමු වරට දකුණු අප්‍රිකානු කණ්ඩායම සඳහා කැඳවීම් ලැබ සිටිති. ඔවුන් දෙපළට අමතරව ආබාධයක් හේතුවෙන් එංගලන්තයට එරෙහිව සුදු පන්දු භාවිතයෙන් පැවැති තරගාවලිය සඳහා ඇතුළත් නොවුණු ඩ්වේන් ප්‍රිටෝරියන්ද දකුණු අප්‍රිකානු ටෙස්ට් කණ්ඩායමට කැඳවා තිබේ.

දකුණු අප්‍රිකානු කණ්ඩායම – ක්වින්ටන් ඩි කොක් (නායක), ටෙම්බා බවුමා, ඒඩියන් මාක්‍රම්, ෆෆ් ඩු ප්ලෙසිස්, බියුරන් හෙන්ඩ්‍රික්ස්, ඩීන් එල්ගාර්, කේෂව් මහරාජ්, ලුංගි න්ගිඩි, රාසී වැන්ඩර් ඩුසේන්, සරෙල් අර්වී, ඇන්රික් නෝර්ට්ජ්, ග්ලෙන්ටන් ස්ටූර්මන්, වියාන් මුල්ඩර්, කීගන් පීටර්සන්, කයිල් වෙරේයින්, මිගෙල් ප්‍රෙටෝරියස්, ඩ්වයින් ප්‍රෙටෝරියස්, ලුතෝ සිපම්ලා, රිනාඩ් වැන් ටොන්ඩර්.

Active filters

Recent Posts

  • කොළඹ ලැබූ 386ට යාපනයේ පිළිතුර කඩුලු 7ක් දැවී 227යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් සිව්වැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ කොළඹ පිල පළමු ඉනිමට ලබාගත් ලකුණු 386ට පිළිතුරු ලෙස […]
  • ගාල්ල පළමු ඉනිමට ලකුණු 602යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් සිව්වැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගයේ දෙවැනි දිනයේදී ගාල්ල පිලේ […]
  • මල්කිගේ මංගල දක්ෂතා ශ්‍රී ලංකාවට ජය විවර කර දෙයි
    තමන් සහභාගිවූ මංගල පන්දුවාර විස්සයි-20 ජාත්‍යන්තර තරගයේදීම දක්ෂතා අතරට පැමිණීමට සමත් මඳ වේග පන්දු යවන්නියක වන මල්කි මදරා ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ දක්ෂ පන්දු යැවීම ප්‍රධාන කොට නවසීලන්ත කාන්තා […]
  • අවිශ්කගේ ප්‍රහාරයෙන් කොළඹ ලකුණු පුවරුව ඉහළ යයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් සිව්වැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ යාපනය පිලට එරෙහිව පන්දු 164කදී හයේ 2ක් හා හතරෙ […]
  • ගාල්ල පිල කඩුලු 4කට ලකුණු 336ක් ලබා ප්‍රබල තත්ත්වයක
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් සිව්වැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගයේ පළමු දිනය නිමාවෙද්දී මුලින් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee