slc
Home   |    News
දෙසැම්බර් 29, 2020
දකුණු අප්‍රිකාව ඉනිමක සහ ලකුණු 45 ක ජයක් ලබයි

sinhala editor

තෙවැනි දිනයේදී සත්කාරක පිල දක්වන කැපී පෙනෙන දක්ෂතාවය හේතුවෙන් අපේක්ෂිත පරිදි සෙන්චූරියන්හි පැවැති බොක්සිං දින ටෙස්ට් තරගයෙන් සම්පූර්ණ දිනයක් ඉතිරිව තිබියදීම ශ්‍රී ලංකාවට එරෙහිව ඉනිමක සහ ලකුණු 45 ක ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම අද (29 දා) සමත්විය. ඒ අනුව තරග 2 කින් සමන්විත දෙරට අතර ටෙස්ට් තරගාවලිය 1-0 ක් ලෙස සත්කාරකයෝ පෙරමුණ ගත්හ.

දකුණු අප්‍රිකානුවන්ට සිව්වැනි ඉනිමේදී පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා දීමට නම් ලකුණු 160 ක් ලබා ගැනීමේ අභියෝගය ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ කර මත පැටවී තිබූ නමුත් දිවා විවේකයෙන් මිනිත්තු කීපයකට පසු ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ලකුණු 180 කට දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ සීමා කළහ.

දකුණු අප්‍රිකාවට පැමිණ තරග කිරීමේදී මෙතෙක් ඉනිමක වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව පළමු ඉනිමේ වාර්තා කරමින් තරගයට සාර්ථක අවතීර්ණ වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුණත්, තරගය අතරතුර ක්‍රීඩකයන් වැඩි සංඛ්‍යාවක් ආබාධ වලට ලක්වීම නිසා සියලු වාසි දකුණු අප්‍රිකානු පිල වෙත පහසුවෙන් දෝලනය වන්නට විය. එම ඉනිමේදී කැපී පෙනෙන ඉනිමක් ක්‍රීඩා කළ ධනංජය ද සිල්වා සිව්වැනි ඉනිමේදී එකම පන්දුවකට හෝ පහර දීමට නොපැමිණීමද මෙතරම් ඉක්මනින් තරගය අවසන් වීමට හේතු කාරණාවක් වීය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් කුසල් පෙරේරා සහ වනිඳු හසරංග අර්ධ ශතක ලබා ගැනීමට සමත් වූ නමුත් ඉන් ඔබ්බට බරපතල සටනක් දැක බලා ගැනීමේ අවස්ථාවක් නොමැති විය. කෙසේ වෙතත් කුසල් පෙරේරා සමග දිනය ඇරැඹි දිනේෂ් චන්දිමාල් පිළිබඳව බොහෝ දෙනා තුළ වැඩි බලාපොරොත්තුවක් රැඳවී තිබූ නමුත්, වියාන් මෝල්ඩර් විසින් චන්දිමාල්ව දවා ගැනීමට සමත්වීමත් සමඟ එම බලාපොරොත්තුවද ගහගෙන ගියේය. කිසියම් වේදනාවක් දරාගෙන පස්දුවට පහර දුන් චන්දිමාල් කෙළින්ම පන්දුව කඩුල්ලේ වැදී දැවී යන විට ලකුණු 25 ක් ලබා සිටියේය.

චන්දිමාල් සමඟ අනෙක් කෙළවරෙන් පන්දුවට පහර දුන් කුසල් පෙරේරා ආක්‍රමණශීලී පිතිහරඹයක නිරත වෙමින් කොහෙන් හෝ වාසියක් ලැබෙන අන්දමින් පන්දුවට පහර දෙමින් ලකුණු 64 ක් ලබා ගත්තේය. එය මෙම ඉනිමේදී ශ්‍රී ලංකා පිතිකරුවකු ලද ඉහළම ලකුණු සංඛ්‍යාව විය.

මංගල තරගයට සහභාගි වුණු වනිඳු හසරංග දෙවැනි ඉනිමේදී මංගල අර්ධ ශතකයට හිමිකම් කීවේය. හතරේ පහර 12 ක් සහ එක් හයේ පහරකින් අලංකාර වුණු වනිඳුගේ ඉනිම සඳහා ඔහු පන්දු 53 කට පමණක් මුහුණ දුන්නේය. පළමු ඉනිමේදී අර්ධ ශතකයක් ලබා ඉනිම හමාර වන තෙක්ම කඩුල්ල ආරක්ෂා කරගත් දසුන් ශානකද පිටිය මැද වූ රංගණයට අවතීර්ණ වුවත් ලුතෝ සිපම්ලාගේ පන්දුවක් දසුන්ගේ පිටත දාරයේ වැදී කඩුලු රැකි ඩි කොක්ගේ අත්වැසුම් තුළ ආරක්ෂිතව රැඳීම මත ඔහුගේ ඉනිම ලකුණු 06 කට සීමා විය. ඊට පෙර නිරෝෂන් දික්වැල්ලට සිදුවූයේද දසුන්ට අත් වූ ඉරණමම වූ අතර වෙනසකට සිපම්ලා වෙනුවට පන්දු යවන ලද්දේ මල්ඩර් වීම පමණි.

තරගයේ වීරයා සම්මානයෙන් දකුණු අප්‍රිකානු පිල වෙනුවෙන් ලකුණු 199 ක් රැස් කළ ෆෆ් ඩු ප්ලෙසිස් සම්මාන දිනා ගත්තේය. දෙරට අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය ලබන ජනවාරි 03 වැනිදා ජොහැනස්බර්ග්හි වොන්ඩර්ස් ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිතය.

ශ්‍රී ලංකාව පළමු ඉනිම පන්දුවාර 96 කදී ලකුණු 389 යි –  (දසුන් ශානක 66*, දිනේෂ් චන්දිමාල් 85, දිමුත් කරුණාරත්න 22, කුසල් පෙරේරා 16, කුසල් මෙන්ඩිස් 12, ධනංජය ද සිල්වා (පිටියෙන් ඉවත් විය) 79, නිරෝෂන් දික්වැල්ල 49, වනිදු හසරංග 18, ලුතෝ සිපම්ලා 76/4, වියාන් මල්ඩර් 69/3) සහ දෙවැනි ඉනිම පන්දුවාර 46.1 කදී සියලු දෙනා දැවී ලකුණු 180 යි – (දිමුත් කරුණාරත්න 06, කුසල් පෙරේරා 64, කුසල් මෙන්ඩිස් 00, දිනේෂ් චන්දිමාල් 25, නිරෝෂන් දික්වැල්ල 10, දසුන් ශානක 06, වනිඳු හසරංග 59, විශ්ව ප්‍රනාන්දු 00, කසුන් රජිත 00, ළහිරු කුමාර 00, ලුතෝ සිපම්ලා 24/2, ලුංගි න්ගිඩි 38/2, එන්රිච් නෝර්ට්ජ් 39/2, වියෑන් මල්ඩර් 39/2)

දකුණු අප්‍රිකාව පළමු ඉනිම පන්දුවාර 142.1 කදී ලකුණු 621 යි – (ඩීන් එල්ගාර් 95, ඒයිඩන් මාක්‍රම් 68, වැන්ඩර් ඩුසේන් 15, ඩු ප්ලෙසිස් 199, කුවින්ටන් ඩි කොක් 18, 71, වියාන් මල්ඩර් 36, කේෂව් මහරාජ් 73, ඇන්රිච් නෝර්ට්ජ් 00, ලුතෝ සිපම්ලා 00, ලුංග් න්ගිඩි 02*, විශ්ව ප්‍රනාන්දු 129/3, දසුන් ශානක 98/2, වනිඳු හසරංග 171/4, ළහිරු කුමාර 103/1)

Active filters

Recent Posts

  • යුද හමුදාවේ අසේල ගුණරත්න නැවත ලකුණු අතරට
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (31) පැවැති යුද හමුදාව සහ පොලීසිය අතර තරගයේදී යුද හමුදාව නියෝජනය කරන හිටපු ශ්‍රී ලංකා […]
  • ඉසුරු උදානගේ ප්‍රහාරයෙන් ටැමිල් යුනියන්ට ජය
    ටැමිල් යුනියන් සහ එස්.එස්.සී. අතර අද (30) එන්.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැති ‘සී‘ කොටසේ තියුණුම මුහුණුවරක් ගත් තරගයේ අවසාන පන්දුවාරයේ පන්දුවක් ඉතිරිව තිබියදීම කඩුලු 4 ක ජයක් වාර්තා කර ගැනීමට […]
  • දිමුත් කරුණාරත්න යළිත් එක්දින පිලට
    ඇෆ්ගනිස්තානු පිලට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරග 2 සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායමට දිමුත් කරුණනාරත්නව එක් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ක්‍රීඩකයින් […]
  • ලෝක ටෙස්ට් ශූරතාවලියෙන් ශ්‍රී ලංකා පිලට කෝටි 6ක තෑග්ගක්
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙහයවූ ලෝක ටෙස්ට් ශූරතාවලියේ පස්වැනි ස්ථානයට පත් වූ දිමුත් කරුණාරත්න ප්‍රමුඛ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට ත්‍යාග මුදල ලෙස ඇමෙරිකානු ඩොලර් 200,000 ක් පිරිනැමීමට ජාත්‍යන්තර ක්‍රිකට් […]
  • පළමු කඩුලු 5 චමෝද්ගෙන්
    එන්.සී.සී. ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල යුද හමුදාව සමඟ අද (29) පැවැති අන්තර් සමාජ විස්සයි 20 තරගයේදී පන්දු 11කදී හයේ පහර තුනක් හතරේ පහර තුනක් සමඟ ලකුණු 34ක් රැස් […]
USD United States (US) dollar

Pin It on Pinterest