slc
logo
Home   |    News
ජනවාරි 2, 2021
උපරිම ශක්තිය නැති වුණත් නවකයින් වෙනසක් කරාවි – දිමුත් කරුණාරත්න

sinhala editor

2021 වසරේ උදාවත් සමඟ ශ්‍රී ලංකාව මෙන්ම දකුණු අප්‍රිකාව සහභාගිවන පළමු ටෙස්ට් තරගය හෙට (03 දා) ජොහැන්නස්බර්ග් නුවර වොන්ඩරස් ක්‍රීඩා පිටියේදී ආරම්භ වේ. තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු ටෙස්ට් තරගය ඉනිමකින් ජය ගැනීමට සමත්වීමත් සමඟ තරගාවලියේ 1-0 ක් ලෙස පෙරමුණ ගෙන සිටින සත්කාරක පිල ශ්‍රී ලංකාවට එරෙහිව පූර්ණ තරගාවලි ජයග්‍රහණයක් අපේක්ෂාවෙන් තරගයට අවතීර්ණ වද්දී සංචාරක ශ්‍රී ලංකා පිල හෙට තරගය ජය ගනිමින් ජය පැරදුමෙන් තොරව තරගාවලිය අවසන් කිරීමේ අපේක්ෂාවෙන් තරග බිමට පිවිසෙනු ඇත.

පළමු තරගය ඉනිමකින් ජය ගැනීම, දේශීය තත්ත්වයන් යටතේ ක්‍රීඩා කිරීම, පිතිකරුවන් ලකුණු අතරට පැමිණීම, කණ්ඩායම සතු ප්‍රබලම වේග පන්දු යවන්නා වන කාගිසෝ රබඩා  සංචිතයට පිවිසීම මෙන්ම වේග පන්දු යවන්නන් සියල්ලම රිද්මයට පැමිණීමට සමත්වීම ආදී තරගයක ජයග්‍රහණය සඳහා සෘජුවම බලපාන සාධක සියල්ලම දකුණු අප්‍රිකානු කණ්ඩායමේ වාසියට හේතු වී තිබේ. කෙසේ වෙතත් අවසන් වරට පැවැති තරගාවලිය 2-0 ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා පිල සමත්වීම මත ඕනෑම අවස්ථාවක තරගයක් ජය ගැනීමට ඇති හැකියාව ශ්‍රී ලංකා පිල සතුවීම කිසි විටෙකත් අමතක කළ නොහැක්කකි.

එබැවින් ශ්‍රී ලංකා කණ්ඩායම සිය උපරිම ශක්තියෙන් හෙට තරග වැදීම ඒකායන අපේක්ෂාව වී තිබුණත් ශ්‍රී ලංකාව හමුවේ ලද 2-0 ක තරගාවලි පරාජයේ වාඩුව ලබා ගැනීමේ උත්සාහයද දකුණු අප්‍රිකානුවන්ගේ සිත් තුළ තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ අවධානයට ලක්විය යුත්තකි.

හෙට තරගයේදී ශ්‍රී ලංකා පිල මුහුණ දී සිටින දැවැන්තම ගැටළුව බවට පත්ව තිබෙන්නේ ක්‍රීඩකයින් රැසක් ආබාධිත තත්ත්වයට පත්ව සිටීමයි. එම තත්ත්වය මත හෙට තරගයේදී කණ්ඩායම තුළ වෙනස් කම් ගණනාවක් සිදුවීම අනිවාර්යය බැවින් හෙට ඇරඹෙන තරගය ජය ගැනීමට ආදේශ වන ක්‍රීඩකයින් දැඩි සටනක් දිය යුතු වේ.

පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ ධනංජය ද සිල්වාට සමස් තරගාවලියම අහිමිව තිබෙන අතර, කසුන් රජිත, ළහිරු කුමාර සහ දිනේෂ් චන්දිමාල් ආබාධිත ලැයිස්තුවට එක්ව සිටිති. දෙවැනි ටෙස්ට් තරගය ඉලක්ක කර ගනිමින් සිදුකරන ලද පුහුණුවීම් අතරතුරදී තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග සහ සුරංග ලක්මාල් හෙට තරගයට සහභාගිත්වය තවමත් වැට උඩය. එමෙන්ම එල්.පී.එල්. තරගාවලිය අතරතුරදී වළලු කර ආබාධයකට ගොදුරු වුණු ඕෂද ප්‍රනාන්දුගේ සහභාගිවීමේ අවස්ථාවද සුභදායී නොවේ.

මෙම තත්ත්වය මත දකුණු අප්‍රිකානු සංචාරය සඳහා සහභාගිවුණු ක්‍රීඩකයින් 21 දෙනාගෙන් සංචිතය 14 දෙනෙකු පමණක් හෙට තරගය සඳහා වන තේරීම් වලට සුදුසුකම් ලබා සිටිති. එම තත්ත්වය මත හෙට තරගයේදී බොහෝ විට මිනෝද් භානුක සහ අසිත ප්‍රනාන්දු ටෙස්ට් වරම් ලබනු ඇත. එහිදී සංචිතයේ පසුවන ළහිරු තිරිමාන්න, ලසිත් ඇඹුල්දෙණිය මෙන්ම දුෂ්මන්ත චමීරද හෙට තරගය සඳහා වන අවසන් 11 දෙනා අතරට එක්වනු ඇත.

“කණ්ඩායමේ ක්‍රීඩකයින් කීප දෙනෙක්ම ආබාධ වලට ලක් වෙලා තියෙනවා. විශේෂයෙන් ධනංජ ද සිල්වා,  ලහිරු කුමාර, කසුන් රජිත සහ දිනේෂ් චන්දිමාල්. ඔවුන්ට හෙට තරගයට ක්‍රීඩා කරන්න කොහොමත් හැකියාවක් නෑ, අපි බලනවා සුරංග ලක්මාල්ව ක්‍රීඩා කරවන්න. නමුත් ඔහුට තිබ්බ යෝග්‍යතා පරීක්ෂණයෙන් ඔහු අසමත් වුණා. නමුත් අපි අදත් උත්සාහ කරනවා එයාව හෙට තරගයට ක්‍රීඩා කරවන්න පුලුවන්ද කියන එක. ඔහු වගේම වනිඳු හසරංගටත් අද පරීක්ෂණයක් තියෙනවා. සෙල්ලම් කරන්න පුලුවන් නම් අනිවාර්යයෙන්ම ඒ දෙන්නා ක්‍රීඩා කරනවා. එතැනදී වනිඳු ක්‍රීඩා නොකළොත් ලසිත් ඇඹුල්දෙණියට හෙට තරගයට ක්‍රීඩා කරන්න අවස්ථාව තියෙනවා” යි තරගය පිළිබඳව අදහස් දැක්වූ ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න සඳහන් කළේය.

“තරගය ගැන කතා කළොත් ඇත්තටම අපිට හෙට තරගයේදී අපේ උපරිම ශක්තිය නෑ. ක්‍රීඩකයින් ආබාධ වලට ලක් වෙලා තියෙන නිසා මට හෙට තරගයේදී හොඳම ක්‍රීඩකයින් 11 දෙනා නෑ. නමුත් මම හිතනවා නවකයෝ හෙට තරගයේදී හොඳ දෙයක් කරයි කියලා. අපිට හොඳ අවස්ථාවක් ඔවුන්ගේ දක්ෂතා බලන්න වගේම ඔවුන්ටත් හොඳ අවස්ථාවක් ඔවුන්ගේ දක්ෂතා පෙන්වන්න” යැයි දිමුත් වැඩිදුරටත් අදහස් දැක්වීය.

Active filters

Recent Posts

  • ගාල්ලට පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ලකුණු 145ක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ගාල්ල පිලට […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තායිලන්තය පරාජය කරයි
    මීළඟ කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පැවැති ප්‍රථම තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා […]
  • ගාල්ල පිලේ ඔෂධ ප්‍රනාන්දුගෙන් ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ අද (24) දෙවැනි දිනයේදී ගාල්ල […]
  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]

Pin It on Pinterest

USD United States (US) dollar