slc
logo
Home   |    News
ජනවාරි 6, 2021
ශ්‍රී ලංකාවට හිමි වාසියක් ගැන ඇන්ඩර්සන්ගෙන් ඉඟියක්

sinhala editor

තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය දකුණු අප්‍රිකානු පිල හමුවේ පරාජයට පත් වුවද ලබන 14 වැනිදා එංගලන්තයට එරෙහිව ආරම්භ වන ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම සතුව ‘සුළු වාසියක්’ තිබිය හැකි බව එංගලන්ත කණ්ඩායම සතු පරිණතම වේග පන්දු යවන්නා වන ජේම්ස් ඇන්ඩර්සන් සඳහන් කර සිටියි.

ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසුව එංගලන්ත කණ්ඩායම සිය පළමු පුහුණු සැසිය සඳහා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී අද (06 දා) සහභාගිවූ අතර අන්තර්ජාල තාක්ෂණය භාවිතයෙන් ඊට පෙර පැවැති මාධ්‍ය හමුවකදී ඇන්ඩර්සන් ඉහත අදහස් දක්වා සිටියේය.

එංගලන්ත කණ්ඩායම ඉකුත් අගෝස්තු මාසයේ සිට රතු පන්දුව භාවිතයෙන් කෙරෙන එකම තරගයකට හෝ ක්‍රීඩා නොකළ නමුත්, ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රබල දකුණු අප්‍රිකානු පිලට එරෙහිව ටෙස්ට් තරග 2 කට ක්‍රීඩා කර තිබීම එකී සිළු වාසියට හේතුවී තිබෙන බව ඇන්ඩර්සන් පෙන්වා දෙයි. ඒ පිළිබඳව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරගාවලියේදී සිය කණ්ඩායමේ සූදානම එතරම්ම සුදුසු නොවන බවයි.

“මේ තියෙන තත්ත්වය අපිට එතරම්ම සුදුසු නෑ. අපිට මේ තරගාවලිය සඳහා දීර්ඝ කාලීන සූදානමක් නොමැති නිසා පළමු තරගයට පිවිසෙන්නේ වැඩි පුහුණුවක් නොමැතිවය. එය තරමක් අසාමාන්‍ය තත්ත්වයක්” යැයි ඇන්ඩර්සන් සඳහන් කර සිටියි.

“අපි නීරෝධායන කාල සීමාව අවසන් කරලා ක්‍රීඩාංගණයට යනවා කියන්නේ එහි උපරිම ප්‍රයෝජනය ලබාගත යුතුයි. නමුත් එය එතරම්ම ප්‍රමාණවත් නෑ. අපි කොහොමත් දන්නවා ශ්‍රී ලංකාව ටෙස්ට් තරග 2 කට ක්‍රීඩා කරලා තියෙන නිසා එහිදී ඔවුන්ට සුළු වාසියක්තියෙන බව. ඒ නිසා මේ තරගාවලියේදී අපි අපේ උපරිම ශක්තියෙන් ක්‍රීඩා කළ යුතුයි” යැයි දකුණතින් මඳ වේග පන්දු යවන ඇන්ඩර්සන් වැඩිදුරටත් අදහස් දක්වයි.

ඇන්ඩර්සන් එසේ සඳහන් කර සිටියද දකුණු අප්‍රිකානු තරග සංචාරය හැරුණු විට ශ්‍රී ලංකාව අවසන් වරට ටෙස්ට් තරගවල සහභාගීත්වය පිළිබඳව අවධානය යොමු කිරීමේදී සැබැවින්ම වාසියක් ශ්‍රී ලංකා පිල සතුද යන්න විවාදයට තුඩුදිය යුතුය. ශ්‍රී ලංකා කණ්ඩායම ගෙවී ගිය 2020 වසරේදී ටෙස්ට් තරග 3 කටද 2021 වසරේ එක් ටෙස්ට් තරගයකටද ක්‍රීඩා කර තිබේ. 2019 අගෝස්තු මස පැවැති නවසීලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයෙන් පසු එකම ටෙස්ට් තරගයක් හෝ ශ්‍රී ලංකා පිල සිය මව්බිමේදී තරග වැදී නොමැත.

“ඇත්තටම ගත්තොත් මේ තරගාවලිය වේග පන්දු යවන්නන්ට ටිකක් දුෂ්කර තරගාවලියක්. එය වෙනස්ම අභියෝගයක්. නමුත් පසුපස දෝලනය, නව පන්දුවේ දෝලනය භාවිතයෙන් ඔභට කඩුලු ලබා ගැනීමේ හැකියාව පවතිනවා” යි ශ්‍රී ලංකාවේදී තරග වැදීම පිළිබඳව අදහස් දක්වන ඇන්ඩර්සන්, “ගාල්ල තණතීරුව ගත්තහම වේග පන්දු යවන්නන්ට හිතම තරම්ම නරක නැහැ. මොකද මම මෙහි සාර්ථකව පන්දු යවලා තියෙන නිසා. මම වගේම අනිත් පන්දු යවන්නන් ගාල්ලේදී සාර්ථක වෙලා තියෙනවා” යි සඳහන් කර සිටියි.

Active filters

Recent Posts

  • පෙර පුහුණු තරගයෙන් යෙලෝ පිල ජය ලබයි
    අමෙරිකාවේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවැත්වෙන මීළඟ පිරිමි විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමට පෙර පුහුණුවීිම් සිදුකිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය […]
  • LPL පස්වැන්නේ ක්‍රීඩක වෙන්දේසිය මැයි 21 වැනිදා
    ජාත්‍යන්තර සන්නාමයක් හිමි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛත දේශීය පන්දුවාර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලිය වන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පස්වැන්න හෙවත් 2024 අදියර හි ක්‍රීඩක වෙන්දේසිය මේ මැයි මස […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රීඩකයෝ එක්දින තරගාවලියත් කළින්ම ජය ගනිති
    ශ්‍රී ලංකා ‘ඒ ‘ – ඇෆ්ගනිස්තාන ‘ඒ ‘ කණ්ඩායම් අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවන තරගයෙන් ද අද (03) කඩුලු හතරක පහසු ජයග්‍රහණයක් අත්කර ගත් ශ්‍රී ලංකා ‘ඒ […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අමෙරිකාවත් පරාජය කරයි
    අබුඩාබිහි පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සිකුරාදා (03) අමෙරිකාව සමඟ පැවැති තරගයෙන් ලකුණු 18ක ජයක් ලැබීය. […]
  • නැෂනල් සුපර් ලීග් සිවුදින ක්‍රිකට් ශූරතාව ගාල්ලට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ශූරතාව ගාල්ල කණ්ඩායම දිනා ගැනීටම සම්තවිය.  පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee