slc
logo
Home   |    News
මැයි 4, 2024
LPL පස්වැන්නේ ක්‍රීඩක වෙන්දේසිය මැයි 21 වැනිදා

sinhala editor

ජාත්‍යන්තර සන්නාමයක් හිමි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛත දේශීය පන්දුවාර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලිය වන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පස්වැන්න හෙවත් 2024 අදියර හි ක්‍රීඩක වෙන්දේසිය මේ මැයි මස 21 වැනිදා මධ්‍යාහ්නයේදී පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විධි විධාන යොදා තිබේ.

කොළඹ ෂංග්‍රිලා හොටල් පරිශ්‍රෙය්දී පැවැත්වෙන මෙම ක්‍රීඩක වෙන්දේසිය අඛණ්ඩවම පවත්වනු ලබන දෙවැනි අවස්ථාව වේ. 2020 වසරේදී පළමු වතාවට ආරම්භ වුණු ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගාවලිය ත්‍රිත්වයම ක්‍රීඩක කෙටුම්පත් කිරීමක් හරහා තෝරා ගැනීම සිදුකරන ලද නමුත් ගෙවුණු වසරේදී පළමු වතාවට ක්‍රීඩක වෙන්දිසියකින් ක්‍රීඩකයින්ගේ තේරීම සිදුකෙරිණ.

සෑම කණ්ඩායමකටම උපරිම වහයෙන් ක්‍රීඩකයින් 24 දෙනෙකු සංචිතයේ රඳවා ගැනීමේ අවස්ථාව උදාවන අතර එහි අවමය ක්‍රීඩකයින් 20 දෙනෙකුවේ. ඒ අතරට විදේශීය ක්‍රීඩකයින් හය දෙනෙකු අනිවාර්ය වී තිබේ.

මීට අමතරව ක්‍රීඩා කරනු ලබන ක්‍රීඩකයින් 11 දෙනා අතර වයස අවුරුද 23 න් පහළ ක්‍රීඩකයකු ක්‍රීඩා කරවීම අනිවාර්ය කරුණක් බවට පත්ව තිබීමද කැපී පෙනෙයි.

මෙම ක්‍රීඩක වෙන්දේසීය රූපවාහිනිය ඞඔස්සේ සජීවීව විකාශනය කරනු ලබන අතර ඊට අමතරව ඩිජිටල් වේදිකා හරහාද සජීවීව විකාශනය කෙරෙනු ඇත.

මෙවර එල්.පී.එල්. තරගාවලිය ජූලි මස 01 වැනිදා සිට 21 වැනිදා පැවැත්වෙන අතර එහි පළමු අදියර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදීත්, දෙවැන්න රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදීත් පැවැත්වෙන අතර අවසන් අදියර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

Active filters

Recent Posts

  • චිලව් මේරියන්ස් – මුවර්ස් ජය ලබති
     අන්තර් සමාජ මේජර් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (17) පැවැති තරග අතුරින් චිලව් මේරියන්ස් සහ මුවර්ස් කණ්ඩායම් ජයග්‍රහණ අත්කර ගත්හ.  චිලව් මේරියන්ස් කඩුලු හතරකින් බදුරලිය පරාජය කළ අතර […]
  • අවුරු. 23 න් පහළ කාන්තා ක්‍රිකට් දෙවැනි දිනය වැස්සට සේදෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වයස අවුරුදු 23 න් පහළ කාන්තා පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ අද (17 දා) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබූ තරග 2 ම අයහපත් කාලගුණය […]
  • ක්‍රීඩකයින් 420 ක් LPL වෙන්දේසියට සුදුසුකම් ලබති
    මෙරට පැවැත්වෙන මහා ක්‍රිකට් සැණකෙළිය හේවත් ලංකා ප්‍රිමියර් ලීග් (LPL) පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය එළැඹෙන මැයි 21 වැනිදා ප.ව. 12.00 සිට කොළඹ හිල්ටන් හෝටල් පරිශ්‍රෙය්දී පැවැත්වෙන අතර […]
  • පුහුණු තරගවලට පෙර කුසල්ට කණ්ඩායම සමඟ එකතුවේවි – ඈෂ්ලී ද සිල්වා
    ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය වෙත යෑමට වීසා ඇයැදුම් කර ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉදිරි පෙළ පිතිකරු කුසල් මෙන්ඩිස්ගේ වීසා බලපත්‍රය එම තානාපති කාර්යාලය […]
  • කුසල් ජනිත්ගෙන් ප්‍රහාරාත්මක ඉනිමක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (16) පැවැති ශ්‍රී ලංකා පොලීසිය සහ නුගේගොඩ අතර තරගයේදී පොලීසියේ කුසල් ජනිත් පෙරේරා පන්දු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee