slc
logo
Home   |    News
පෙබරවාරි 22, 2021
අන්තර් සමාජ විස්සයි-20 මාර්තු මුල සිට

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය එළැඹෙන මාර්තු මස මුල් සතියේ සිට පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. කණ්ඩායම් 26 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙවර තරගාවලිය මාර්තු මස 04 වැනිදා ආරම්භ වේ.

දේශීය ක්‍රීඩා සමාජවල ක්‍රීඩකයින් සතු විස්සයි-20 දක්ෂතාවයන් මැන බැලීම වෙනුවෙන් පැවැත්වෙන මෙම තරගාවලිය ඒ, බී. සී. සහ ඩී වශයෙන් කාණ්ඩ 4 ක් යටතේ පැවැත්වෙනු ඇත. ඒ සහ ඩී කාණ්ඩ සඳහා කණ්ඩායම් 7 බැගින්ද බී සහ ඩී කාණ්ඩ සඳහා කණ්ඩායම් 6 බැගින් ඇතුළත් වේ.

මාර්තු 14 වැනිදා දක්වා මූලික වටයේ තරග ක්‍රියාත්මක මෙම තරගාවලියේ ඉහළම ප්‍රසාද ලකුණු ලබා ගන්නා කණ්ඩායම් 2 බැගින් අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබනු ඇත.

මෙම තරගාවලිය ඉකුත් වසරේදී පැවැත්වීමට නියමිතව තිබුණද කොවිඩ්-19 වෛරසයේ දෙවැනි ව්‍යාප්තියත් සමඟ මෙම තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය. තරගාවලියේ අවසන් මහ තරගය මාර්තු 20 වැනිදා පැවැත්වෙනු ඇත.

ඒ කාණ්ඩය – බදුරලිය, සී.සී.සී. බී.ආර්.සී, මීගමුව, ගාල්ල, නුගේගොඩ, කැන්ඩි කස්ටම්ස්       

බී කාණ්ඩය – එන්.සී.සී., කෝල්ට්ස්, ගුවන් හමුදාව, ලන්කන්, වරාය අධිකාරිය, බ්ලූම්ෆීල්ඩ්

සී කාණ්ඩය – හලාවත මේරියන්ස්, එස්.එස්.සී., මුවර්ස්, පොලිස්, කලුතර, කුරුණෑගල තරුණ

ඩී කාණ්ඩය – රාගම, ගුවන් හමුදාව, සැරසන්ස්, පානදුර, ටැමිල් යුනියන්, නාවික හමුදාව, සෙබස්තියනයිට්ස්

Active filters

Recent Posts

  • යොවුන් පිලේ නායකත්වය විමත් දින්සරට
    බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට එරෙහිව අප්‍රේල් මසදී පැවැත්වෙන තරග 6 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ නායකයා ලෙස කොළඹ […]
  • සදීරගේ ශතකයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ දෙවැනි ජයත් ලබයි
    නායක සදීර සමරවික්‍රමගේ අගනා ශතකය හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ පිලට එරෙහිව පැවැති තරගයෙන්ද කඩුලු 6 ක පහසු ජයක් වාර්තා කර ගැනීමට ශ්‍රී ලංකා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රීඩකයෝ ජයග්‍රහණයකින් වැඩ අරඹති
    සහන් ආරච්චිගේ සහ තරිඳු රත්නායකගේ තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් අබුඩාබි නුවර අද (13 දා) ආරම්භ වුණු ‘ඒ‘ කණ්ඩායම් අතර තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ‘ඒ‘ පිල සහභාගිවූ පළමු තරගයෙන්ම අයර්ලන්ත ‘ඒ‘ […]
  • සුපුරුදු රිද්මයට එන්න බලාපොරොත්තු වෙනවා – සධීර
    ශ්‍රී ලංකාව වෙනුවෙන් නැවත වතාවක් තරග දිනවා දිය හැකි ක්‍රීඩකයකු බවට පත්වීම තම අපේක්ෂාව යැයි ශ්‍රී ලංකා ‘ඒ ‘ ක්‍රිකට් කණ්ඩායමේ නායක සධීර සමරවික්‍රම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ […]
  • අරමුණු කිහිපයක් ඉටු කර ගැනීම අපේක්ෂාවයි – අවිශ්ක
     එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවරදී දී මේ මස පැවැත්වෙන ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන – අයර්ලන්ත ‘ඒ ‘ කණ්ඩායම් අතර තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම […]

Pin It on Pinterest

USD United States (US) dollar