slc
Home   |    News
පෙබරවාරි 23, 2021
උපුල් තරංගත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

sinhala editor

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකයකු ලෙසින් කටයුතු කරන ලද ආරම්භක පිතිකරු උපුල් තරංග ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර සිටියි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලිපියක් යොමු කරමින් සිය සමුගැනීම පිළිබඳව දැනුම් දී සිටින තරංග සිය වසර 16 ක ජාත්‍යන්තර ක්‍රිකට් තරග දිවියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ලබා දුන් සහයෝගය සහ මඟ පෙන්වීම පිළිබඳව සිය ස්තූතිය පුද කර තිබේ.

මීට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතේ වන පුහුණුකරුවන්, ක්‍රීඩකයින්, පරිපාලකයින්, කලමනාකරණ සහ සහාය කාර්යය මණ්ඩලයද සිය ලිපිය හරහා ස්තූතිය පුද කිරීමට තරංග අමතක කර නොමැත.

තරංගගේ සමුගැනීමේ තීරණය පිළිබඳව අදහස් දක්වා සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා මහතා, “උපුල් තරංග සිය ක්‍රීඩා දිවිය තුළ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට විශිෂ්ටසේවයක් ඉටු කර ඇති අතර ඔහුගේ දක්ෂතා ජාතික කණ්ඩායමේ බොහෝ ජයග්‍රහණවලට ඉවහල් වී තිබෙනවා” යැයි පැවැසීය.

ඉකුත් 2019 වසරේදී දකුණු අප්‍රිකාවට එරෙහිව කේප්ටවුන් හිදී අවසන් වරට ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩා කර ඇති තරග ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 31 කට සහ එක්දින තරග 235 කට ක්‍රීඩා කර තිබේ. ටෙස්ට් තරග වලදී ලකුණු 1754 ක් සහ එක්දින තරග වලදී ලකුණු 6951 ක් රැස් කර ගැනීමට සමත්ව සිටින තරංග දෙඅංශයේම ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය ලකුණු 31 කට වැඩියෙන් පවත්වාගෙන යෑමට සමත්ව තිබේ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරග 22 කදී නායකයා ලෙසින් කටයුතු කර ඇති තරංග විස්සයි-20 තරග 6 කදී ශ්‍රී ලංකාව මෙහෙයවා තිබේ. ටෙස්ට් අංශයේදී ලබාගෙන තිබෙන ශතක 3 ට අමතරව එක්දින තරග අංශයෙන් ශතක 15 ක් වාර්තා කිරීමට තරංග සමත්ව සිටියි. ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරග වලදී වැඩිම ශතක ලාභී පිතිකරුවන් අතර පස්වැනි ස්ථානය තරංගට වෙන්ව තිබේ. ඔහුට ඉදිරියෙන් සනත් ජයසූරිය, කුමාර් සංගක්කාර, තිලකරත්න ඩිල්ෂාන් සහ මහේල ජයවර්ධන වැඩිම ශතක ලාභීන් බවට පත්ව සිටිති.

Active filters

Recent Posts

  • යුද හමුදාවේ අසේල ගුණරත්න නැවත ලකුණු අතරට
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (31) පැවැති යුද හමුදාව සහ පොලීසිය අතර තරගයේදී යුද හමුදාව නියෝජනය කරන හිටපු ශ්‍රී ලංකා […]
  • ඉසුරු උදානගේ ප්‍රහාරයෙන් ටැමිල් යුනියන්ට ජය
    ටැමිල් යුනියන් සහ එස්.එස්.සී. අතර අද (30) එන්.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැති ‘සී‘ කොටසේ තියුණුම මුහුණුවරක් ගත් තරගයේ අවසාන පන්දුවාරයේ පන්දුවක් ඉතිරිව තිබියදීම කඩුලු 4 ක ජයක් වාර්තා කර ගැනීමට […]
  • දිමුත් කරුණාරත්න යළිත් එක්දින පිලට
    ඇෆ්ගනිස්තානු පිලට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරග 2 සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායමට දිමුත් කරුණනාරත්නව එක් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ක්‍රීඩකයින් […]
  • ලෝක ටෙස්ට් ශූරතාවලියෙන් ශ්‍රී ලංකා පිලට කෝටි 6ක තෑග්ගක්
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙහයවූ ලෝක ටෙස්ට් ශූරතාවලියේ පස්වැනි ස්ථානයට පත් වූ දිමුත් කරුණාරත්න ප්‍රමුඛ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට ත්‍යාග මුදල ලෙස ඇමෙරිකානු ඩොලර් 200,000 ක් පිරිනැමීමට ජාත්‍යන්තර ක්‍රිකට් […]
  • පළමු කඩුලු 5 චමෝද්ගෙන්
    එන්.සී.සී. ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල යුද හමුදාව සමඟ අද (29) පැවැති අන්තර් සමාජ විස්සයි 20 තරගයේදී පන්දු 11කදී හයේ පහර තුනක් හතරේ පහර තුනක් සමඟ ලකුණු 34ක් රැස් […]
USD United States (US) dollar

Pin It on Pinterest