slc
logo
Home   |    News
පෙබරවාරි 19, 2021
චන්දිමාල් සහ මැතිව්ස් ශතක වාර්තා කරති

sinhala editor

බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට පෙර ඊට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින්ට අවශ්‍ය රිද්මය ගොඩ නඟා ගැනීම වෙනුවෙන් කොළඹ ක්‍රිකට් සමාජ (සී.සී.සී.) පිටියේ පැවැති එක්දින ක්‍රිකට් තරගය පිතිකරුවන්ගේ දක්ෂතා කැපී පෙනෙමින් අද විසඳුමකින් තොරව (19 දා) නිමාවට පත්විය.

පන්දු යවන්නන්ට වඩා පිතිකරුවන්ගේ දක්ෂතා කැපී පෙනුණු මෙම තරගයේදී දිනේෂ් චන්දිමාල් සහ ඇන්ජලෝ මැතිව්ස් දිනයේ සුවිශේෂී තරු බවට පත්වූහ. දිනයේ වැඩිම ලකුණු ලාභියා වුණු චන්දිමාල් දසුන් ශානකගේ කණ්ඩායම නියෝජනය කරමින් නොදැවී ලකුණු 149 ක් ලබා ගත්තේය.

අංක 3 පිතිකරණ ස්ථානයෙන් පන්දුවට පහර දීමට පැමිණි දකුණත් පිතිකරුවා කණ්ඩායමේ ඉනිම හමාර වන තෙක්ම පන්දුවට පහර දෙමින් හතරේ පහර 14 කින් සහ හයේ පහර 5 කින් සිය ඉනිම වර්ණවත් කරගනු ලැබුවේ පන්දු 123 ක් පමණක් වැය කරමිනි.

ඔහුට අමතරව වනිඳු හසරංග සහ නායක දසුන් ශානක අර්ධ ශතක වාර්තා කරමින් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට දායකත්වය දැක්වීය. චන්දිමාල්ට එක් වුණු නායක දසුන් ශානක තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 107 ක් රැස් කළහ. පන්දු 58 කට මුහුණ දුන් දසුන් ශානක හයේ පහරක් සහ හතරේ පහර 3 ක් ද සමඟින් ලකුණු 51 ක් රැස් කළේය.

වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ වනිඳු පන්දු 56 කදී නොදැවී ලකුණු 80 ක් රැස් කර ගත්තේය. හතරේ පහර 7 ක් පමණක් ඇතුළත් වුණු වනිඳුගේ ඉනිම ඉතාමත් වෙහෙසකට ඉනිමක් බවට පත්වූයේ ලබා ගත් ලකුණු 52 ක්ම කඩුලු අතර දිව යමින් ලබා ගැනීම හේතුවෙනි.

අනෙක් ශතක ලාභියා වූ මැතිව්ස් පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දිමුත් කරුණාරත්නගේ පිල වෙනුවෙන් ලකුණු 121 ක් ලබා ගනිමින් කැපී පෙනුණි. ඒ සඳහා පන්දු 128 කට මුහුණ දුන් මැතිව්ස් හයේ පහර 4 ක් සහ හතරේ පහර 11 ක් තම ඉනිමට ඇතුළත් කළේය. ඔහුට අමතරව අංක 3 පිතිකරණ ස්ථානයෙන් පන්දුවට පහර දීමට පැමිණි ඕෂද ප්‍රනාන්දු හතරේ පහර 5 ක් සහ හයේ පහරක් සමඟින් පන්දු 71 කදී ලකුණු 57 ක් රැස් කළ අතර තිසර පෙරේරා ලකුණු 33 ක් රැස් කළේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටියදී තරගයට මන්දාලෝකය හරස්වීම මත 45 වැනි පන්දුවාරයේදී තරගය නිමා කරන විට දිමුත් කරුණාරත්නගේ පිල කඩුලු 8 ක් දැවී ලකුණු 258 ක් රැස් කරගෙන සිටියේය.  

දසුන් ශානක XI  පන්දුවාර 50 කදී කඩුලු 5 කට ලකුණු 321 යි – (දිනේෂ් චන්දිමාල් 149*, වනිඳු හසරංග 80*, දසුන් ශානක 51, ළහිරු කුමාර 60/2, රමේෂ් මෙන්ඩිස් 56/2)

දිමුත් කරුණාරත්න XI පන්දුවාර 45 කදී කඩුලු 8 ට ලකුණු 258 යි – (ඇන්ජලෝ මැතිව්ස් 121, ඕෂධ ප්‍රනාන්දු 57, තිසර පෙරේරා 33, පැතුම් නිස්සංක 18, නුවන් ප්‍රදීප් 23/3, වනිඳු හසරංග 64/2)

Active filters

Recent Posts

  • අවිශ්කගේ ශතකයෙන් ශ්‍රී ලංකා ‘ඒ’ට ජයග්‍රාහී ගමනක්
    ජාතික කණ්ඩායමේ ස්ථානය අහිමිවීමෙන් පසු නැවතත් තම දක්ෂතා ඔප්පු කිරීමට අධිෂ්ඨානශීලීව උත්සාහ දරන අවිශ්ක ප්‍රනාන්දු තවත් වරක් තමන්ගේ වටිනාකම අද (13 3දා) පිටියේදීම සනාථ කළේය. රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී […]
  • පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට අහිමිහිරි පරාජයක්
    එංගලන්තයේ බර්මින්හැම්හි එඩ්ග්බැස්ටන් ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ ලෝක කුසලාන කාන්තා විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ආරම්භක තරගයේදී සත්කාරක එංගලන්තය හමුවේ ලකුණු 87ක පරාජයක් අත්විඳීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය. කාසියේ වාසිය දිනාගත් […]
  • හසිනි සහ හංසිමා අතර තේරීම් සටන මැද විශ්මි ඉදිරියට
    ICC කාන්තා විස්සයි20 ලෝක කුසලාන 2026 තරගාවලියේ සමාරම්භක තරගය ලෙස ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගය අද (12) බර්මින්හැම්හි එඩ්ග්බැස්ටන් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර එම තරගය සඳහා නම් […]
  • කමිඳුගේ අර්ධ ශතකය අපතේ යයි
    ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර සබීනා පාර්ක් ක්‍රීඩාංගණයේඅද (12 දා) පෙරවරුවේ (ශ්‍රී ලංකා වේලාවෙන්) පැවති පළමු විස්සයි20 ජාත්‍යන්තර තරගයෙන් කඩුලු 7ක ජයක් වාර්තා කරමින් තරගාවලියේ පෙරමුණ […]
  • අඛණ්ඩ ජයග්‍රහණ පහක විශ්වාසය සමඟ ශ්‍රී ලංකා කාන්තා පිල හෙට ලෝක කුසලාන ගමන අරඹයි
    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හෙට (12 වැනිදා) එංගලන්තයේදී ආරම්භ වන පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට පිවිසෙන්නේ මෑත කාලයේ ලැබූ සාර්ථක ප්‍රතිඵල රැසකින් ගොඩනැගුණු ආත්මවිශ්වාසයත්, අත්දැකීම් සහ තරුණ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee