slc
Home   |    News
පෙබරවාරි 19, 2021
චන්දිමාල් සහ මැතිව්ස් ශතක වාර්තා කරති

sinhala editor

බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට පෙර ඊට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින්ට අවශ්‍ය රිද්මය ගොඩ නඟා ගැනීම වෙනුවෙන් කොළඹ ක්‍රිකට් සමාජ (සී.සී.සී.) පිටියේ පැවැති එක්දින ක්‍රිකට් තරගය පිතිකරුවන්ගේ දක්ෂතා කැපී පෙනෙමින් අද විසඳුමකින් තොරව (19 දා) නිමාවට පත්විය.

පන්දු යවන්නන්ට වඩා පිතිකරුවන්ගේ දක්ෂතා කැපී පෙනුණු මෙම තරගයේදී දිනේෂ් චන්දිමාල් සහ ඇන්ජලෝ මැතිව්ස් දිනයේ සුවිශේෂී තරු බවට පත්වූහ. දිනයේ වැඩිම ලකුණු ලාභියා වුණු චන්දිමාල් දසුන් ශානකගේ කණ්ඩායම නියෝජනය කරමින් නොදැවී ලකුණු 149 ක් ලබා ගත්තේය.

අංක 3 පිතිකරණ ස්ථානයෙන් පන්දුවට පහර දීමට පැමිණි දකුණත් පිතිකරුවා කණ්ඩායමේ ඉනිම හමාර වන තෙක්ම පන්දුවට පහර දෙමින් හතරේ පහර 14 කින් සහ හයේ පහර 5 කින් සිය ඉනිම වර්ණවත් කරගනු ලැබුවේ පන්දු 123 ක් පමණක් වැය කරමිනි.

ඔහුට අමතරව වනිඳු හසරංග සහ නායක දසුන් ශානක අර්ධ ශතක වාර්තා කරමින් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට දායකත්වය දැක්වීය. චන්දිමාල්ට එක් වුණු නායක දසුන් ශානක තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 107 ක් රැස් කළහ. පන්දු 58 කට මුහුණ දුන් දසුන් ශානක හයේ පහරක් සහ හතරේ පහර 3 ක් ද සමඟින් ලකුණු 51 ක් රැස් කළේය.

වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ වනිඳු පන්දු 56 කදී නොදැවී ලකුණු 80 ක් රැස් කර ගත්තේය. හතරේ පහර 7 ක් පමණක් ඇතුළත් වුණු වනිඳුගේ ඉනිම ඉතාමත් වෙහෙසකට ඉනිමක් බවට පත්වූයේ ලබා ගත් ලකුණු 52 ක්ම කඩුලු අතර දිව යමින් ලබා ගැනීම හේතුවෙනි.

අනෙක් ශතක ලාභියා වූ මැතිව්ස් පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දිමුත් කරුණාරත්නගේ පිල වෙනුවෙන් ලකුණු 121 ක් ලබා ගනිමින් කැපී පෙනුණි. ඒ සඳහා පන්දු 128 කට මුහුණ දුන් මැතිව්ස් හයේ පහර 4 ක් සහ හතරේ පහර 11 ක් තම ඉනිමට ඇතුළත් කළේය. ඔහුට අමතරව අංක 3 පිතිකරණ ස්ථානයෙන් පන්දුවට පහර දීමට පැමිණි ඕෂද ප්‍රනාන්දු හතරේ පහර 5 ක් සහ හයේ පහරක් සමඟින් පන්දු 71 කදී ලකුණු 57 ක් රැස් කළ අතර තිසර පෙරේරා ලකුණු 33 ක් රැස් කළේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටියදී තරගයට මන්දාලෝකය හරස්වීම මත 45 වැනි පන්දුවාරයේදී තරගය නිමා කරන විට දිමුත් කරුණාරත්නගේ පිල කඩුලු 8 ක් දැවී ලකුණු 258 ක් රැස් කරගෙන සිටියේය.  

දසුන් ශානක XI  පන්දුවාර 50 කදී කඩුලු 5 කට ලකුණු 321 යි – (දිනේෂ් චන්දිමාල් 149*, වනිඳු හසරංග 80*, දසුන් ශානක 51, ළහිරු කුමාර 60/2, රමේෂ් මෙන්ඩිස් 56/2)

දිමුත් කරුණාරත්න XI පන්දුවාර 45 කදී කඩුලු 8 ට ලකුණු 258 යි – (ඇන්ජලෝ මැතිව්ස් 121, ඕෂධ ප්‍රනාන්දු 57, තිසර පෙරේරා 33, පැතුම් නිස්සංක 18, නුවන් ප්‍රදීප් 23/3, වනිඳු හසරංග 64/2)

Recent Posts

  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලියට සාර්ථක ප්‍රවේශයක් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest