slc
logo
Home   |    News
පෙබරවාරි 22, 2021
චමින්ද වාස් අවසන් මොහොතේදී ඉල්ලා අස්වෙයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙසින් කටයුතු කළ හිටපු ටෙස්ට්  ක්‍රීඩකයකු වන චමින්ද වාස් මහතා සිය ධුරයෙන් ඉවත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත අද (22 දා) දැනුම් දී තිබේ. ඒ අනුව ඒ මහතා ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයටද සහභාගි නොවන බව දැනුම් දී තිබේ.

බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද රාත්‍රියේ පිටත්ව යෑමට නියමිතව තිබෙන අතර ඊට පැය කීපයකට පෙර වාස් මහතා සිය ඉල්ලා අස්වීම ප්‍රකාශ කර තිබේ. මේ වන විට මුලු ලෝකයම ආර්ථික  අර්බුදයකට මුහුණ දී සිටින අවස්ථාවක පුද්ගලික මූල්‍ය වාසි මත පදනම්ව වගකීම් විරහිතව යමින් හදිසියේම ධුරයෙන් ඉවත්වීම කණගාටුවට කරුණක් වී තිබේ.

කෙසේ වෙතත් රට වෙනුවෙන් විශිෂ්ඨ දක්ෂතා දැක්වූ ක්‍රීඩකයක් ලෙස සැලකෙන චමින්ද වාස් මහතා වසර ගණනාවක් පුරා රට නියෝජනය කරමින් කළ සේවය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කළමනාකාරීත්වය අගය කොට සලකනු ඇත. එවැනි වාතාවරණයක් තුළ දැනටමත් ලබා දෙනු ලබන වේතනයට අමතරව වැඩි පුර මුදලක් ඉල්ලමින් සිදුකරන ලද අසාධාරණ ඉල්ලීම පරිපාලනය විසින් ප්‍රතික්ෂේප කිරීමේදී මෙවැනි ආකාරයේ හැසිරීම කිසිසේත් අනුමත කළ නොහැකි කරුණක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් දැනුම් දී සිටියි.

Active filters

Recent Posts

USD United States (US) dollar

Pin It on Pinterest