slc
logo
Home   |    News
පෙබරවාරි 19, 2021
ධම්මික ප්‍රසාද් ජාත්‍යන්තර පිටියෙන් සමුගනියි

sinhala editor

වේග පන්දු යවන්නකු වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන ලද ධම්මික ප්‍රසාද් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත නිල වශයෙන් දැනුම් දී තිබේ.

සමුගන්නා විටත් 37 හැවිරිදි වියේ පසු වූ ධම්මික ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් තරග 25 කට සහ ජාත්‍යන්තර එක්දින තරග 32 කට ක්‍රීඩා කර තිබේ. 2001 වසරේදී  පළමු පෙළ වරම් දිනා ගන්නා ධම්මික ජාත්‍යන්තර ක්‍රිකට් දිවියෙන් සමුගැනීම ප්‍රකාශයට පත් කරන විටත් එස්. එස්. සී. පිල නියෝජනය කළේය.

බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව 2015 වසරේ පැවැති ටෙස්ට් තරගාවලියේදී ටෙස්ට් තරගයකට ක්‍රීඩා කිරීමෙන් අනතුරුව සිය සමුගැන්ම ප්‍රකාශ කරන තෙක් ටෙස්ට් කණ්ඩායමේ ස්ථානයක් දිනා ගැනීමේ අවස්ථාව ධම්මිකට හිමි නොවීය.

කඳාන ද මැසනොද් විදුහලේ ආදි සිසුවකු වන ධම්මික ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි-20 ජාත්‍යන්තර තරගයකටද ක්‍රීඩා කර ඇත. බංග්ලාදේශයට එරෙහිව 2006 වසරේ පැවැති තරගයකදී එක්දින වරම් දිනා ගත් ධම්මික කඩුලු 32 ක් ද 2008 වසරේදී ටෙස්ට් වරම් දිනා ගනිමින් කඩුලු 75 ක්ද දවා ගැනීමට සමත්ව තිබේ.

පළමු පෙළ තරග 130 කට ක්‍රීඩා කර ඇති දකුණත් වේග පන්දු යවන්නා කඩුලු 351 ක්ද එක්දින තරග 119 කදී කඩුලු 154 ක් දවා ගැනීමට සමත්ව සිටින්නේය. විස්සයි-20 තරග 21 කටද ක්‍රීඩා කර ඇති ධම්මික එහිදී කඩුලු 19 ක් බිඳ හෙළීමට සමත්ව තිබේ.

Active filters

Recent Posts

  • ගාල්ලට පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ලකුණු 145ක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ගාල්ල පිලට […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තායිලන්තය පරාජය කරයි
    මීළඟ කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පැවැති ප්‍රථම තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා […]
  • ගාල්ල පිලේ ඔෂධ ප්‍රනාන්දුගෙන් ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ අද (24) දෙවැනි දිනයේදී ගාල්ල […]
  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee