slc
logo
Home   |    News
පෙබරවාරි 11, 2021
පුහුණු සංචිතයේ සියල්ලෝම කොවිඩ් අවධානමෙන් මිදෙති

sinhala editor

බටහිර ඉන්දීය කොදෙව් සංචාරය ඉලක්ක කර ගනිමින් සිදුකරන ලද පුහුණුවීම් සඳහා සහභාගිවුණු ශ්‍රී ලංකා සංචිතයේ ක්‍රීඩකයින් 35 දෙනාගේ කිසිවකුටත් කොවිඩ් – 19 වෛරසය අසාධනය වී නැතැයි සිදුකරන ලද පී. සී. ආර්. පරීක්ෂණවලදී තහවුරු වී තිබේ.

මෙම පිරිසට අමතරව පුහුණුවීම් සඳහා යොදා ගනු ලබන පන්දු යවන්නන් මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානයේ කාර්යය මණ්ඩලයට අයත් පිරිසද ඇතුළත් වූ නමුත් ඔවුන් සියළු දෙනාද යහපත් සෞඛ්‍ය මට්ටමේ පසුවන බව එම පී.සී.ආර්. පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන මිකී ආතර් මහතාට සහ ඉදිරි පෙළ පිතිකරු ළහිරු තිරිමාන්නට කොරෝනා වෛරසය අසාධනය වීම හේතුවෙන් පුහුණුවීම් සියල්ල නවතා දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සිදුවූ අතර එහිදී සියලුදෙනාටම පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමට පියවර ගනු ලැබීය.

මිකී ආතර් සහ ළහිරු තිරිමාන්න තවමත් ප්‍රතිකාර ලබමින් සිටින නමුත්, සෙසු ක්‍රීඩකයින් සියලු දෙනාම හෙට (12 දා) දිනයේදී ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයට මුහුණ දීමට නියමිතය. එම පරීක්ෂණයෙන් අනතුරුව ශ්‍රී ලංකා පිල ලබන 16 වැනිදා යළිත් පුහුණුවීම් ආරම්භ කිරීමට නියමිතය. ඒ අතරතුර කාලයේදී බටහිර ඉන්දීය කොදෙව් පිල සමග පැවැත්වීමට නියමිත තරගාවලියේ දින වකවානුව වෙනස් කිරීම සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සාකච්ඡා කරනු ඇත.  

Active filters

Recent Posts

  • ලකුණු 16 ක ජයක් සමගින් බංග්ලාදේශය එක්දින තරගාවලිය සම කරයි
    බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 248 කට නවතාලීමට පන්දු යවන්නන්ට හැකියාව ලැබුණද පිතිකරුවන් යැයි නම් දරූ බහුතරයකගෙන් බලාපොරොත්තු වූ සේවය ඉටු නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අකමැත්තෙන් වුවද දෙවැනි එක්දින තරගයේදී ලකුණු […]
  • මුවර්ස් ක්‍රීඩා සමාජයෙන් සුපිරි හඹා යෑමක්
    සිතාර ගිම්හාන සහ රමේෂ් මෙන්ඩිස් දෙදෙනා එකව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද නොබිඳුණු ලකුණු 228 ක සම්බන්ධතාව ප්‍රධාන කොට අන්තර් සමාජ ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රබල […]
  • පල්ලියගුරුගේ ‘ශතකයට‘ ක්‍රිකට් ආයතනයෙන් උපහාර
    පුරා වසර 13 ක කාලයක් තිස්සේ අන්තර්ජාතික එක්දින තරග බිමේ විනිසුරුවරයකු වශයෙන් සුවිශාල මෙහෙවරක යෙදුණු අන්ර්ජාතික ක්‍රිකට් සභාවේ විනිසුරුවරයකු වන රුචිර පල්ලියගුරුගේ මහතාගේ 100 වැනි එක්දින තරග විනිශ්චය […]
  • දෙවැනි එක්දින තරගයේදී දෙපිළේම වෙනස්කම් දෙකක්
    ඉතිහාසය පිළිබඳව අවධානය යොමු කිරීමේදී හඹා යෑම අතිශය අසීරු ක්‍රීඩාංගණයක් ලෙසින් ප්‍රචලිත කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී, කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ නායක මෙහෙදි හසන් මිරාස්  පළමුව පන්දුවට පහර දීමට තීරණය […]
  • පළමු තරගයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ පිලට අමිහිරි පරාජයක්
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සහභාගිවුණු පළමු තරගයෙන්ම ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම හමුවේ ලකුණු 198 ක අමිහිරි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee