slc
logo
Home   |    News
පෙබරවාරි 19, 2021
වේග පන්දු පුහුණු තනතුර චමින්ද වාස්ට

sinhala editor

මෙම මස 23 වැනිදා බටහිර ඉන්දීය කොදෙව් දූපත් බලා පිටත්ව යන ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස හිටපු වේග පන්දු යවන්නකු වූ චමින්ද වාස්ව පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට සූදානම් වෙමින් සිටියදී වේග පන්දු පුහුණුකරු තනතුරේ කටයුතු කරන ලද ඩේවිඩ් සේකර්, එම තනතුරින් ඉල්ලා අස්වීමත් සමඟ වාස්ව එම තනතුරට පත්කෙරිණ.

මෙම තනතුරට පත්වීමට ප්‍රථම චමින්ද වාස් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය උසස් කාර්යය සාධන මධ්‍යස්ථානයේ වේග පන්දු පුහුණුකරු ලෙසින්, නැගීඑන කණ්ඩායමේ සහ ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින් සමඟ කටයුතු කළේය.

47 වැනි වියේ පසුවන චමින්ද වාස් වමතින් වේග පන්දු යවමින් ටෙස්ට් තරග 111 කදී කඩුලු 355 ක්ද එක්දින තරග 322 කදී කඩුලු 400 ක් ද බිඳ හෙළීමට සමත්වූවේය. පන්දු යවන්නකුට අමතරව පිත්තෙන්ද දස්කම් දක්වා ඇති වාස් ටෙස්ට් තරගවලදී ශතකයක් සහ අර්ධ ශතක 13 ක් සමඟින් ලකුණු 3089 ක් ද එක්දින අංශයෙන් අර්ධ ශතකයක් සමඟ ලකුණු 2025 ක් රැස් කිරීමට සමත්ව තිබේ.

1994 වසරේ පාකිස්තානයට එරෙහිව අස්ගිරියේදී ටෙස්ට් වරම් දිනා ගත් වාස් 2009 පාකිස්තානයට එරෙහිව කොළඹ එස්. එස්. සී. හි සිය අවසන් ටෙස්ට් තරගයට ක්‍රීඩා කර තිබේ. වසර 15 කට ආසන්න වාස්ගේ ජාත්‍යන්තර තරග දිවියේ 2003 වසරේ දකුණු අප්‍රිකාවේ පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී කඩුලු 23 ක් බිඳ හෙළමින් වැඩිම කඩුලු ලාභියා බවට පත්වීමට සමත්වූවේය. එම තරගාවලිය යටතේ බංග්ලාදේශයට එරෙහිව පැවැති තරගයේ පළමු පන්දු 3 දී කඩුලු ත්‍රිත්වයක් දවා ගත් වාස් ටෙස්ට් හෝ එක්දින තරගවල පළමු පන්දු 3 දී කඩුලු ත්‍රිත්වයක් දවා ගැනීමට සමත්වූ ලොව පළමු ක්‍රීඩකයා වශයෙන් ලෝක වාර්තාවක් තැබීමටද සමත්විය. එම තරගයේදී වාස් ලකුණු 25 කට ප්‍රතිවාදී පිලේ කඩුලු 6 ක් බිඳ හෙළීය.

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee