slc
Home   |    News
පෙබරවාරි 19, 2021
වේග පන්දු පුහුණු තනතුර චමින්ද වාස්ට

sinhala editor

මෙම මස 23 වැනිදා බටහිර ඉන්දීය කොදෙව් දූපත් බලා පිටත්ව යන ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස හිටපු වේග පන්දු යවන්නකු වූ චමින්ද වාස්ව පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට සූදානම් වෙමින් සිටියදී වේග පන්දු පුහුණුකරු තනතුරේ කටයුතු කරන ලද ඩේවිඩ් සේකර්, එම තනතුරින් ඉල්ලා අස්වීමත් සමඟ වාස්ව එම තනතුරට පත්කෙරිණ.

මෙම තනතුරට පත්වීමට ප්‍රථම චමින්ද වාස් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය උසස් කාර්යය සාධන මධ්‍යස්ථානයේ වේග පන්දු පුහුණුකරු ලෙසින්, නැගීඑන කණ්ඩායමේ සහ ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින් සමඟ කටයුතු කළේය.

47 වැනි වියේ පසුවන චමින්ද වාස් වමතින් වේග පන්දු යවමින් ටෙස්ට් තරග 111 කදී කඩුලු 355 ක්ද එක්දින තරග 322 කදී කඩුලු 400 ක් ද බිඳ හෙළීමට සමත්වූවේය. පන්දු යවන්නකුට අමතරව පිත්තෙන්ද දස්කම් දක්වා ඇති වාස් ටෙස්ට් තරගවලදී ශතකයක් සහ අර්ධ ශතක 13 ක් සමඟින් ලකුණු 3089 ක් ද එක්දින අංශයෙන් අර්ධ ශතකයක් සමඟ ලකුණු 2025 ක් රැස් කිරීමට සමත්ව තිබේ.

1994 වසරේ පාකිස්තානයට එරෙහිව අස්ගිරියේදී ටෙස්ට් වරම් දිනා ගත් වාස් 2009 පාකිස්තානයට එරෙහිව කොළඹ එස්. එස්. සී. හි සිය අවසන් ටෙස්ට් තරගයට ක්‍රීඩා කර තිබේ. වසර 15 කට ආසන්න වාස්ගේ ජාත්‍යන්තර තරග දිවියේ 2003 වසරේ දකුණු අප්‍රිකාවේ පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී කඩුලු 23 ක් බිඳ හෙළමින් වැඩිම කඩුලු ලාභියා බවට පත්වීමට සමත්වූවේය. එම තරගාවලිය යටතේ බංග්ලාදේශයට එරෙහිව පැවැති තරගයේ පළමු පන්දු 3 දී කඩුලු ත්‍රිත්වයක් දවා ගත් වාස් ටෙස්ට් හෝ එක්දින තරගවල පළමු පන්දු 3 දී කඩුලු ත්‍රිත්වයක් දවා ගැනීමට සමත්වූ ලොව පළමු ක්‍රීඩකයා වශයෙන් ලෝක වාර්තාවක් තැබීමටද සමත්විය. එම තරගයේදී වාස් ලකුණු 25 කට ප්‍රතිවාදී පිලේ කඩුලු 6 ක් බිඳ හෙළීය.

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest