slc
logo
Home   |    News
පෙබරවාරි 11, 2021
වෛද්‍ය කළමනාකරු ඉල්ලා අස්වෙයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව සහ වෛද්‍ය කමනාකරු ලෙසින් කටයුතු කරන ලද පෝල් කෝරි මහතා ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබේ. ඒ අනුව ඒ සම්බන්ධ වූ ඉල්ලා අස්වීමේ ලිපිය ඉකුත් ජනවාරි මස 31 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ඉදිරිපත් කර තිබේ.

2018 වසරේ පෙබරවාරි මස 15 වැනිදා සිට අදාළ ධුරයේ රාජකාරි ඇරඹූ කෝරි මහතා ගෙවී ගිය වසර 3 කට ආසන්න කාලය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවය කළේය. පෞද්ගලික හේතුවක් මත සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව කෝරි මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපියෙන් වැඩිදුරටත් දැනුම් දී තිබේ.  

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee