slc
logo
Home   |    News
පෙබරවාරි 22, 2021
ළහිරු කුමාරටත් කොවිඩ් ආසාධනය වෙයි

sinhala editor

බටහිර ඉන්දීය කොදෙව් සංචාරය යටතේ සුදු පන්දුව භාවිතයෙන් පැවැත්වීමට නියමිතව තිබෙන විස්සයි-20 සහ එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටි වේග පන්දු යවන ළහිරු කුමාරට කොවිඩ් – 19 වෛරසය ආසාධනය වී ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

සංචාරයට පෙර ඊයේ (21 දා) දිනයේදී සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණයේදී ළහිරු කුමාරට කොවිඩ් ආසාධනය වී තිබෙන බවට තහවුරු වී තිබේ. ඒ අනුව වහාම ක්‍රියාත්මක වුණු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කොරෝනා ආසාධනය වීමේදී රජය විසින් අනුගමනය කරනු ලබන සෞඛ්‍ය නීති මාලාව අනුගමනය කරන ලෙස ළහිරු කුමාරව දැනුවත් කිරීට පියවර ගනු ලැබීය.

ඒ අනුව කොවිඩ්-19 ආසාධනය වුණු දෙවැනි ක්‍රීඩකයා වන්නේ ළහිරු කුමාර වන අතර ඔහුට පෙර ළහිරු තිරිමාන්නට එම වෛරසය ආසාධනය වී සුවය ලබා සිටියි. මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාන්‍ය මෙහෙයුම් සියල්ල අඛණ්ඩව සිදුකරගෙන යනු ඇත.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee