slc
logo
Home   |    News
පෙබරවාරි 23, 2021
කොදෙව්වන්ට එරෙහි විස්සයි-20 පිලේ නායකත්වය දසුන් ශානකට

sinhala editor

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි-20 ක්‍රිකට් තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායමේ නායකත්වය සඳහා තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානකව පත් කර තිබේ. එම තරගාවලිය සඳහා නම් කරන ලද ක්‍රීඩකයින් 20 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයටද දසුන් ශානක ඇතුළත්ව සිටින නමුත් එක්දින කණ්ඩායමේ නායකයා ලෙස දිමුත් කරුණාරත්ව පත් කිරීමට තේරීම් වලදී පියවර ගෙන තිබේ.

විස්සයි-20 අංශයේ නායකත්වයට පත් දසුන් ශානක මීට පෙර 2019 වසරේ පාකිස්තානයේ පැවැති තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලියේදී ශ්‍රී ලංකා පිල මෙහෙයවූ අතර එම තරගාවලිය 3-0 ක් වශයෙන් ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය කරා රැගෙන යෑමට සමත්වූවේය.

තරුණ ක්‍රීඩකයින් රැසකගෙන් සමන්විත මූලික සංචිතය සඳහා වේග පන්දු යවන ළහිරු කුමාර ඇතුළත්ව සිටියද කොවිඩ් වෛරසය ආසාධනය වීම මත තරගාවලියට සහභාගිවීමේ අවස්ථාව ඔහුට අහිමි වී තිබේ. කෙසේ ළහිරු කුමාර වෙනුවට වේග පන්දු යවන සුරංග ලක්මාල්ව ඇතුළත් කිරීමට තේරීම් වලදී පියවර ගෙන තිබේ.

නම් කරන ලද සංචිතයට දේශීය ක්‍රිකට් තරගාවලිය යටතේ පිතිකරුවකු ලෙස දක්ෂතා දක්වන ලද පැතුම් නිස්සංක සහ දේශීය තරග පිටියේ දක්ෂතම පන්දු රකින්නා ලෙසින් සැලකෙන අෂේන් බණ්ඩාරවද මෙම තරග සංචාරය සඳහා ඇතුළත් කිරීම විශේෂත්වයක් වේ.

ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායම – දසුන් ශානක (නායක), දිමුත් කරුණාරත්න, ධනුෂ්ක ගුණතිලක, පැතුම් නිස්සංක, අෂේන් බණ්ඩාර, ඕෂද ප්‍රනාන්දු, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල, තිසර පෙරේරා, කමිඳු මෙන්ඩිස්, වනිඳු හසරංග, රමේෂ් මෙන්ඩිස්, නුවන් ප්‍රදීප්, අසිත ප්‍රනාන්දු, දුෂ්මන්ත චමීර, අකිල ධනංජය, ලක්ෂාන් සඳකැන්, ඩිල්ෂාන් මදුශංක, සුරංග ලක්මාල්.

එක්දින කණ්ඩායම – දිමුත් කරුණාරත්න (නායක), දසුන් ශානක, ධනුෂ්ක ගුණතිලක, පැතුම් නිස්සංක, අෂේන් බණ්ඩාර, ඕෂද ප්‍රනාන්දු, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල, තිසර පෙරේරා, කමිඳු මෙන්ඩිස්, වනිඳු හසරංග, රමේෂ් මෙන්ඩිස්, නුවන් ප්‍රදීප්, අසිත ප්‍රනාන්දු, දුෂ්මන්ත චමීර, අකිල ධනංජය, ලක්ෂාන් සඳකැන්, ඩිල්ෂාන් මදුශංක, සුරංග ලක්මාල්.

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee