slc
logo
Home   |    News
පෙබරවාරි 11, 2021
පුහුණු සංචිතයේ සියල්ලෝම කොවිඩ් අවධානමෙන් මිදෙති

sinhala editor

බටහිර ඉන්දීය කොදෙව් සංචාරය ඉලක්ක කර ගනිමින් සිදුකරන ලද පුහුණුවීම් සඳහා සහභාගිවුණු ශ්‍රී ලංකා සංචිතයේ ක්‍රීඩකයින් 35 දෙනාගේ කිසිවකුටත් කොවිඩ් – 19 වෛරසය අසාධනය වී නැතැයි සිදුකරන ලද පී. සී. ආර්. පරීක්ෂණවලදී තහවුරු වී තිබේ.

මෙම පිරිසට අමතරව පුහුණුවීම් සඳහා යොදා ගනු ලබන පන්දු යවන්නන් මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානයේ කාර්යය මණ්ඩලයට අයත් පිරිසද ඇතුළත් වූ නමුත් ඔවුන් සියළු දෙනාද යහපත් සෞඛ්‍ය මට්ටමේ පසුවන බව එම පී.සී.ආර්. පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන මිකී ආතර් මහතාට සහ ඉදිරි පෙළ පිතිකරු ළහිරු තිරිමාන්නට කොරෝනා වෛරසය අසාධනය වීම හේතුවෙන් පුහුණුවීම් සියල්ල නවතා දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සිදුවූ අතර එහිදී සියලුදෙනාටම පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමට පියවර ගනු ලැබීය.

මිකී ආතර් සහ ළහිරු තිරිමාන්න තවමත් ප්‍රතිකාර ලබමින් සිටින නමුත්, සෙසු ක්‍රීඩකයින් සියලු දෙනාම හෙට (12 දා) දිනයේදී ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයට මුහුණ දීමට නියමිතය. එම පරීක්ෂණයෙන් අනතුරුව ශ්‍රී ලංකා පිල ලබන 16 වැනිදා යළිත් පුහුණුවීම් ආරම්භ කිරීමට නියමිතය. ඒ අතරතුර කාලයේදී බටහිර ඉන්දීය කොදෙව් පිල සමග පැවැත්වීමට නියමිත තරගාවලියේ දින වකවානුව වෙනස් කිරීම සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සාකච්ඡා කරනු ඇත.  

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee