slc
logo
Home   |    News
පෙබරවාරි 28, 2021
විස්සයි-20 තාවකාලික නායකත්වය මැතිව්ස්ට

sinhala editor

බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩ බලන නායකයා ලෙස හිටපු ටෙස්ට් නායක තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් පත් කිරීමට තේරීම් වලදී පියවර ගෙන තිබේ.

පැරණි ගුවන් ගමන් බලපත්‍රය අස්ථානගත වීම හේතුවෙන් ඇමරිකාව හරහා කොදෙව් දූපත් බලා යෑමට වීසා අවසරය නොලැබීම මත ශ්‍රී ලංකා විස්සයි-20 නිත්‍ය නායක දසුන් ශානකට තවමත් කණ්ඩායමට එක්වීමට නොහැකි වී තිබේ. මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් කොදෙව් පිලට පැවැත්වෙන විස්සයි-20 තරගාවලියේදී පමණක් ශ්‍රී ලංකා පිල මෙහෙයවීමේ වගකීම ඇන්ජලෝ මැතිව්ස්ට පැවැරීමට ජාතික තේරීම් කමිටුව තීරණය කර තිබේ.

ඇමරිකා එක්සත් ජනපදයට ඇතුළුවීම සඳහා මීට පෙර වීසා අවසරය ලැබී තිබුණද එය මුද්‍රා තබා තිබූ කළින් විදේශ ගමන් බලපත්‍රය දසුන් ශානක අතින් අස්ථානගතවීම නිසා මෙම අවාසනාවන්ත ගැටළුවට මුහුණ දීමට ඔහුට සිදුව තිබේ. මේ වන විටත් නැවත වීසා අවසරය ලබා ගැනීම සඳහා සියලු කටයුතු යොදා තිබෙන අතර එම ගැටළුව විසඳුණු වහාම ශානක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්වනු ඇත.

බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැත්වෙන විස්සයි-20 සහ එක්දින තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විටත් කොදෙව් දූපත් වෙත ගොස් තිබේ. එම තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම මාර්තු මස 03 වැනිදා පළමු විස්සයි-20 තරගයට කූලිජ්හිදී සහභාගිවනු ඇත.

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee