slc
logo
Home   |    News
පෙබරවාරි 22, 2021
ළහිරු කුමාරටත් කොවිඩ් ආසාධනය වෙයි

sinhala editor

බටහිර ඉන්දීය කොදෙව් සංචාරය යටතේ සුදු පන්දුව භාවිතයෙන් පැවැත්වීමට නියමිතව තිබෙන විස්සයි-20 සහ එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටි වේග පන්දු යවන ළහිරු කුමාරට කොවිඩ් – 19 වෛරසය ආසාධනය වී ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

සංචාරයට පෙර ඊයේ (21 දා) දිනයේදී සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණයේදී ළහිරු කුමාරට කොවිඩ් ආසාධනය වී තිබෙන බවට තහවුරු වී තිබේ. ඒ අනුව වහාම ක්‍රියාත්මක වුණු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කොරෝනා ආසාධනය වීමේදී රජය විසින් අනුගමනය කරනු ලබන සෞඛ්‍ය නීති මාලාව අනුගමනය කරන ලෙස ළහිරු කුමාරව දැනුවත් කිරීට පියවර ගනු ලැබීය.

ඒ අනුව කොවිඩ්-19 ආසාධනය වුණු දෙවැනි ක්‍රීඩකයා වන්නේ ළහිරු කුමාර වන අතර ඔහුට පෙර ළහිරු තිරිමාන්නට එම වෛරසය ආසාධනය වී සුවය ලබා සිටියි. මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාන්‍ය මෙහෙයුම් සියල්ල අඛණ්ඩව සිදුකරගෙන යනු ඇත.

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee