slc
logo
Home   |    News
පෙබරවාරි 23, 2021
LICC ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල කැෂුවල් ඇඳුම් අනුග්‍රාහකයා ලෙස තවත් වසර 3 ක් සඳහා ගිවිසුමකට

Sri Lanka Cricket

මාධ්‍ය නිවේදනයයි

බටහිර ඉන්දීය කොදෙව් දූපත් බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ සාමාන්‍ය නිල ඇඳුම් (Casual Clothing) අනුග්‍රාහකත්වය යළි අළුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාඩම්බර අනුග්‍රාහකයා බවට ලෝන්ග් අයිලන්ඩ් (Clothing) සමාගම (LICC) පත්ව සිටියි.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම අද (23 දා) අළුයම් කාලයේදී කොදෙව් තරග සංචාරය සඳහා පිටත්ව යන ලද්දේ විවිධ බැක්ටීරියාවන් වලින් ඉහළ ආරක්ෂාවක් සහ ආවරණයක් ලබා දෙන අයුරින් ලෝන්ග් අයිලන්ඩ් ඇඟලුම් සමාගම (LICC) විසින් නිර්මාණය කර ඇති ඩෙනිම් කලිසම්වලින් සහ වර්ණවත් ටී ෂර්ට් වලින් සැරසෙමිනි.

මෙය ශ්‍රී ලංකා ක්‍රිකට් හි සාමාන්‍ය නිල ඇඳුම් සඳහා වන අනුග්‍රාහකත්වයේ කොටසක් ලෙසින් පැමිණෙන අතරම එය 2020 වසරේ සැප්තැම්බර් මස 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ඉදිරි වසර 3 ක කාලය සඳහා බලපැවැත්වෙනු ඇත.

මේ සඳහා වන ගිවිසුමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් එහි ගෞරවනීය ලේකම් මොහාන් ද සිල්වා මහතාත් හයිද්‍රාමනී සමූහයේ අධ්‍යක්ෂ විනෝද් හයිද්‍රාමනී යන මහතාත් අත්සන් තැබූහ.

එහිදී අදහස් දක්වා සිටි හයිද්‍රාමනී සමූහයේ අධ්‍යක්ෂ විනෝද් හයිද්‍රාමනී මහතා, “ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ අපගේ අනුග්‍රාහකත්වය අඛණ්ඩව පවත්වාගෙන යමින් Casual ඇඳුම් සඳහා නිල අනුග්‍රාහකයා වීම ගැන අප සතුටු වෙනවා. ගෝලීය වසංගත තත්ත්වය හේතුවෙන් 2020 වසර අප සැමට අභියෝගාත්මක වසරක් වුණා. සැම විටම ඇඟලුම් ක්ෂේත්‍රයේ ඉදිරියෙන් සිටින LICC, බැක්ටීරියා වලින් හොඳින් ආරක්ෂා කරන ආවරණයකින් සහ ක්ෂුද්‍රජීවී විරෝධී නිමාවක් සහිත කලිසම් හඳුන්වාදීමට හැකිවීම පිළිබඳව අප ඉතා සතුටට පත් වෙනවා. මෙම නව්‍යකරණ නිමාව අපගේ ක්‍රිකට් කණ්ඩායමේ සෞඛ්‍ය හා ආරක්ෂාව ඉහළ නැංවීම සඳහා විශාල ලෙසින් දායක වනු ඇතැයි අප තදින් විශ්වාස කරනවා. අපගේ ජාතික ක්‍රිකට් කණ්ඩායමට අප ඉත සිතින් සුබ පතනවා” යනුවෙන් සඳහන් කර සිටියේය.

අළුත් කරන ලද ඒම ගිවිසුම යටතේ ලෝන්ග් අයිලන්ඩ් ඇඟලුම් සමාගම ශ්‍රී ලංකා ජාතික පිරිමි සහ කාන්තා කණ්ඩායම්වල, ‘ඒ’ කණ්ඩායම, සංවර්ධන කණ්ඩායම සහ අවුරුදු 19 න් පහළ කණ්ඩායම් සඳහා ටී ෂර්ට් සහ ඩෙනිම් කළිසම් සපයනු ඇත.

අනුග්‍රාහකත්වය ලබා දීම පිළිබඳව අදහස් දක්වා සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා මහතා, “ශ්‍රී ලංකා ක්‍රිකට් සන්නාමය කෙරෙහි අඛණ්ඩව විශ්වාස තබා තිබීම ගැනත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ කැෂුවල් ඇඳුම් සහකරුවා ලෙසින් නැවත වරක් පැමිණීම ගැනත් අප ලෝන්ග් අයිලන්ඩ් ඇඟළුම් සමාගමට ස්තූතිවන්ත වෙනවා” යනුවෙන් සඳහන් කර සිටියේය.

සංචාර වල නියැළීමේදී ‌භාවිතයට ගැනෙන මෙම ටී ෂර්ට් සහ ඩෙනිම් කලිසම් ලබා දීමට අමතරව මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව සඳහා සැලකිය යුතු ආයෝජනයක් LICC සිදු කරනු ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත සිදුකරනු ලබන ඒම  ආයෝජන වෙනුවෙන්, ඒකඟ වුණු කාල සීමාව තුළදී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ සාමාන්‍ය නිල ඇඳුම් (Casual Clothing) අනුග්‍රාහකයා ලෙසින් වූ සන්නාමය, LICC ආයතනයේ  භාවිතයට ගැනෙන සියළු ලිපි ද්‍රව්‍ය, ප්‍රවර්ධන ද්‍රව්‍ය හා ප්‍රචාරණ දැන්වීම් සඳහා යොදා ගැනීමේ අයියිතය හිමිවනු ඇත.

“ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව සමඟ අඛණ්ඩව හවුල්වීමට ලැබීම ගැන අපි මහත් සතුටට පත් වන අතර ඉදිරි වසර තුන ඇතුළතදී එම සම්බන්ධතාව තවත් වර්ධනය කර ගැනීමට අපි අපේක්ෂා කරනවා. වර්තමාන සන්දර්භය තුළ, තිරසාරභාවය යනු හුදෙක්ම වචනයක් නොව යථාර්ථයකි. නවීනතම රිදී අයන තාක්ෂණය මත පදනම් වූ මෙම ක්ෂුද්‍ර ජීවී නාශක රෙදිපිළි භාවිතා කිරීමෙන් අප අනවශ්‍ය ක්ෂූද්‍ර ජීවීන්ගෙන් ආරක්ෂා වනවා පමණක් නොව පරිසරයේ ආරක්ෂාව සඳහාද දායක වනවා” යි LICC හි ප්‍රධාන විධායක නිලධාරී යසෝතරන් පරමානන්තම් මහතා සඳහන් කර සිටියේය.

“මෙම Anti-microbial කලිසම් සාමාන්‍ය කලිසම් මෙන් දිනපතා සේදිය යුතු නොවන අතර ගෘහස්ථ සේදුම් 20 ක් දක්වා එම ඩෙනිම් කලිසම් කල් පවතින බවට ඔප්පු කර තිබේ. ඒ හරහා ජලය ඉතිරි කිරීමේ හැකියාවද උදාවන අතර එය පරිසර හිතකාමීත්වයටද දායකත්වයක් දක්වයි. තවද Anti-microbial ගුණාංගය නිසා එම ඩෙනිම් කලිසම් වයිරස, බැක්ටීරියා සහ දිලීරවලට එරෙහිව සටහන් කරනු ඇත”යි පරමානන්තම් මහතා වැඩිදුරටත් සිය අද්විතීය නිෂ්පාදනය පිළිබඳව වැඩිදුරටත් කරුණු සනාථ කර සිටියේය.

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee