slc
Home   |    News
මාර්තු 16, 2021
ශ්‍රී ලංකා පිලට දඩයක්

sinhala editor

බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ඇන්ටිගුවාහි පැවැති තෙවැනි එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යැවීමට අපොහොසත්වීම මත ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ තරග ගාස්තුවෙන් 40% ක මුදලක් දඩ වශයෙන් ගෙවීමට නියම කර තිබේ.

නියමිත පන්දුවාර 50 යවා අවසන් වීමට නියමිත කාලයට වඩා පන්දුවාර 2 ක කාලයක් ඒ සදහා ගත කිරීම මත දිමුත් කරුණාරත්න ඇතුළු පිරිවරට එරෙහිව එම දඩ මුදල පැනවීමට එම තරගයේ තීරකවරයා ලෙසින් කටයුතු කරන ලද රිචී රිචර්ඩ්සන් මහතා පියවර ගෙන තිබේ.

එළැඹෙන 2023 වසරේදී පැවැත්වෙන පන්දුවාර 50 ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීම වෙනුවෙන් පැවැත්වෙන ලෝක කුසලාන සුපිරි ලීග් තරග වටයේ කොන්දේසිවලට අනුව, ප්‍රමාදවන සෑම පන්දුවාරයක් වෙනුවෙන් ක්‍රීඩකයින්ගේ තරග මුදලින් 20% ක් දඩ වශයෙන් ගෙවීමට සිදුවනු ඇත. ඒ අනුව පන්දුවාර 2 ක් ප්‍රමාද වීම මත ක්‍රීඩකයින්ගේ තරග මුදලින් 40% ක් දඩ වශයෙන් ගෙවීමට සිදුව තිබේ.

එම දඩයට අමතරව ලෝක කුසලාන තරගාවලිය සඳහා වන සුපිරි ලීගයේදී ප්‍රමාද වන සෑම පන්දුවාරයක් සඳහාම කණ්ඩායමක් උපයා ගනු ලබන ප්‍රසාද ලකුණු වලින් ලකුණක් අඩු කරනු ලැබේ. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවන ප්‍රසාද ලකුණු වලින් මේ වන විටත් ලකුණු 2 ක් අහිමිවී තිබේ.

මේ අතර එම තරගය අතරතුරදී ක්‍රීඩක චර්යාධර්ම පද්ධතියේ පළවැනි මට්ටමේ වගන්තියක් උල්ලංඝණය කළේ යැයි ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකට තදින් අවවාද කිරීමටද තරග තීරකවරයා පියවර ගෙන තිබේ.

නිකලස් පූරාන් දැවී යෑමෙන් පසු ක්‍රීඩකය චර්යාධර්ම පද්ධතිය උල්ලංඝණය වන අයුරින් හැඟ වෙන ලෙස ක්‍රියා කළේ යැයි හැඟී යෑම නිසා ගුණතිලකට අවවාද කිරීමට තරගතීරක පියවර ගෙන තිබේ.

Active filters

Recent Posts

  • නිමේෂ් විමුක්තිට ‘ඒ’ කණ්ඩායමේ දොරටු විවර වෙයි
    දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ හෙට (03 දා) ආරම්භ වන තරග 3 කින් සමන්විත නිල නොවන එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා […]
  • පළමු ශතකය උපුල් තරංගගෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රථම ශතක ලාභියා බවට පත්වීමට  එන්. සී. සී. කණ්ඩායමේ උපුල් තරංග අද (02 දා) සමත්වූවේය. […]
  • ඇෆ්ගනිස්තානය එක්දින තරගාවලියේ පෙරමුණට
    පසුගිය වසර කීපය පුරාවටම පිතිකරුවන් දක්වන ලද අසාර්ථක භාවය අද (02) දිනයේදිත් පෙන්නුම් කිරීම නිසා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති පළමු එක්දින තරගයෙන් ඇෆ්ගනිස්තානය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම […]
  • ශ්‍රී ලංකාවෙන් ලකුණු 269 ක ඉලක්කයක්
    මුල් පෙළ පිතිකරුවන් අසාර්ථක්තවයට පත් වුවද පස්වැනි කඩුල්ලට එක් වුණු චරිත් අසලංක සහ ධනංජය ද සිල්වා ගොඩනංවන ලද ලකුණු 99 ක සම්බන්ධතාව පෙරමුණු කොට ඇෆ්ගනිස්තානයට එරෙහිව හම්බන්තොට මහින්ද […]
  • දුශාන් සහ මතීෂට එක්දින වරම්!
    By Chamila Karawita ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර හෙට (02 දා) ආරම්භ වන එක්දින තරගාවලිය එක්දින ලෝක ශූරතාවට අයත් නොවන්නකි. එහෙත් මෙම තරගාවලියේදී ඇෆ්ගනිස්තානට කෙසේ වෙතත්ට ශ්‍රී ලංකාවට […]
USD United States (US) dollar

Pin It on Pinterest