slc
logo
Home   |    News
මාර්තු 23, 2021
එක්දින කිරුළේ ජයග්‍රාහී ආධිපත්‍ය හලාවත මේරියන්ස් මෙවරත් රැක ගනියිද..?

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ‘අන්තර් සමාජ ප්‍රධානතම සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය 2020/21’ හෙට (24 වැනිදා)  ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. කණ්ඩායම් 26 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙවර තරගාවලිය හෙට සිට ලබන අප්‍රේල් 11 වැනිදා දක්වා වූ කාල සීමාවේදී පැවැත්වෙනු ඇත.

එක්දින තරග අංශය සඳහා දේශීය ක්‍රීඩා සමාජවල ක්‍රීඩකයින් සතු දක්ෂතාවයන් මැන බැලීම වෙනුවෙන් පැවැත්වෙන මෙම තරගාවලිය ඒ, බී. සී. සහ ඩී වශයෙන් කාණ්ඩ 4 ක් යටතේ පැවැත්වෙනු ඇත. ඒ සහ ඩී කාණ්ඩ සඳහා කණ්ඩායම් 7 බැගින්ද බී සහ ඩී කාණ්ඩ සඳහා කණ්ඩායම් 6 බැගින් ඇතුළත් වේ.

අප්‍රේල් 05 වැනිදා දක්වා මූලික වටයේ තරග ක්‍රියාත්මක මෙම තරගාවලියේ ඉහළම ප්‍රසාද ලකුණු ලබා ගන්නා කණ්ඩායම් 2 බැගින් අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබනු ඇත.

අවසන් වරට පැවැති මෙම එක්දින තරගාවලියේදී කොළඹ එන්. සී.සී. පිලට එරෙහිව ලකුණු 91 ක ජයක් වාර්තා කළ හලාවත මේරියන්ස් කණ්ඩායම ශූරතාව දිනා ගැනීමට සමත්විය. ඒ අනුව ඔවුන් මෙවර තරගාවලියට පිවිසෙන්නේ ශූරතා ලාභීන් වශයෙනි.

ඒ කාණ්ඩය – යුද හමුදාව, ගුවන් හමුදාව, සී. සී. සී., බ්ලූම්ෆිල්ඩ්, බදුරලිය, බී.ආර්.සී., කැන්ඩි කස්ටම්ස්

බී කාණ්ඩය – පානදුර, හලාවත මේරියන්ස්, රාගම, ලලන්කන්, ගාල්ල, නාවික හමුදාව

සී කාණ්ඩය – එන්.සී.සී., ටැමිල් යුනියන්, මීගමුව, ඒස් කැපිටල්, කලුතර නාගරික, නුගේගොඩ

ඩී කාණ්ඩය – එස්.එස්.සී., සැරසන්ස්, කෝල්ට්ස්, මුවර්ස්, කුරුණෑගල, පොලිස්, සෙබස්තියනයිට්ස්.

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee