slc
logo
Home   |    News
මාර්තු 7, 2021
NPL මංගල කිරුළ කොත්මලේ කිංග්ස් දිනාගනියි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පූර්ණ සවිබල ගැන්වීමෙන් නුවරඑළිය දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය විසින් පළමු වතාවට සංවිධානය කරන ලද ‘රේහා ස්ටීල් නුවරඑළිය ප්‍රිමියර් ලීග් පන්දුවාර-20 තරගාවලිය හෙවත් NPL-2021 ක්‍රිකට් තරගාවලියේ අභිනව ශූරයින් ලෙස කිරුළු පැළඳීමට කොත්මලේ කිංග්ස් කණ්ඩායම අද (07 දා) සමත්විය.

රදැල්ල ක්‍රීඩාංගණයේ පැවැති මෙම අවසන් මහ තරගයේදී මස්කෙළිය සන්රයිසස් පිලට එරෙහිව කඩුලු 5 ක ජයක් වාර්තා කළ කොත්මලේ කිංග්ස් කණ්ඩායම ශූරතා කුසලානට අමතරව මුදලින් එක්ලක්ෂ පනස්දාහක (150,000/=) මුදලක්ද දිනා ගනු ලැබීය. අනුශූරතාවයට පත් මස්කෙළිය සන්රයිසස් පිලට මුදලින් රුපියල් ලක්ෂයක ත්‍යාග මුදලක් හිමිවිය.

නුවරඑළිය දිස්ත්‍රික්කය ඇතුළත ක්‍රීඩා සමාජ 17 කින් ක්‍රීඩකයින් සිව් දෙනෙකු බැගිනුත් තවත් ක්‍රීඩා සමාජ 3 කින් ක්‍රීඩකයින් දෙදෙනා බැගිනුත්, වයස අවුරුදු 19 න් පහළ තරගාවලිය නියෝජනය කරනු ලබන ක්‍රීඩකයින් 8 දෙනෙකු බැගිනුත් ගෙන කණ්ඩායම් 5 බැගින් ගෙන කණ්ඩායම් 5 ක් තරගාවලිය නියෝජනය කරනු ලැබීය. ශූරතා ලාභී කොත්මලේ කිංග්ස්, අනුශූරතාවට පත් මස්කෙළිය සන්රයිසස් කණ්ඩායම් වලට අමතරව, හඟුරන්කෙත ටස්කර්ස්, නුවරඑළිය ග්ලැඩියේටර්ස් සහ වලපනේ නයිට් රයිඩර්ස් යන කණ්ඩායම් තරගාවලිය නියෝජනය කළහ.

ලීග් ක්‍රමයට පැවැති මූලික වටය යටතේ සෑම කණ්ඩායමක්ම තරග 4 බැගින් තරග වැදි අතර වැඩිම ප්‍රසාද ලකුණු හිමිකරගත් කණ්ඩායම් 4 අර්ධ අවසන් තරග වටය සඳහා සුදුසුකම් ලැබූහ. ප්‍රසාද ලකුණු සටහනේ පළමු සහ දෙවැනි ස්ථානය සඳහා පැමිණි කණ්ඩායම් අතර තරගයෙන් නුවරඑළිය ග්ලැඩියේටර්ස් පිල පරාජය කරමින් කොත්මලේ කිංග්ස් අපරාජිතව අවසන් මහ තරග වරම උදා කරගත් අතර එලිමිනේටර් තරග වටයද ඇතුළුව පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී නුවරඑළිය ග්ලැඩියේටර්ස් පිල පරාජය කරමින් මස්කෙළිය සන්රයිසස් පිල අවසන් මහ සටනට සුදුසුකම් ලැබීය.

නුවරඑළිය දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සභාපති වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය සී.බී. රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම ජය සංකේත ප්‍රදානයේදී  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන උප සභාපති රවීන් වික්‍රමරත්න, ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා, එම භාණ්ඩාගාරික ලසන්ත වික්‍රමසිංහ සහ නුවරඑළිය දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ ලේකම් ජගත් ජයසුන්දර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. මීට අමතරව තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහක ආයතනය වශයෙන් කටයුතු කරනු ලබන රේහා ස්ටීල් ආයතනයේ අධිපති එස්. තිරිචෙල්වම් මහතාද මෙම අවස්ථාවට සහභාගිවිය.

පන්දුවාර 20 තරගයක් ලෙසින් පැවැති මෙම අවසන් මහ තරගයේ කාසියේ වාසිය දිනූ කොත්මලේ කිංග්ස් ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් මස්කෙළිය සන්රයිසස් පන්දුවාර 18.2 කදී සියලුදෙනා ලකුණු 106 කට සීමා විය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොත්මලේ කිංග්ස් පිල පන්දුවාර 19 ක් අවසනදී කඩුලු 5 ක් දැවී එම ඉලක්කය සපුරා ගනිමින් අභිනව රේහා ස්ටීල් එන්.පී.එල්. කුසලාන දිනා ගත්හ.

කොත්මලේ කිංග්ස් පිල වෙනුවෙන් ලකුණු 14 ට කඩුලු 3 ක් සහ පන්දුවට පහර දෙමින් ලකුණු 22 ක් ලබා ගිනිමින් තුන් ඉරියව්වෙන් දක්ෂතා දැක්වූ චන්දන වසන්ත බණ්ඩාර තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය. ඊට අමතරව තරගාවලියේ නැගී එන ක්‍රීඩකයා සම්මානය නුවරඑළිය ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ දිනූක සඳරුවන්ද, තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා නුවරඑළිය ග්ලැඩියේටර්ස් පිලේ ගයාන් බෝපිටිය, තරගාවලියේ දක්ෂතම පිතිකරු මස්කෙළිය සන්රයිසස් පිලේ මයුර විජේසිංහ සහ තරගාවලියේ වීරයා ලෙසින් ජෙගනාදන් සමිතන් කුසලතා සම්මාන වලට අමතරව මුදලින් ත්‍යාග දිනාගත්හ.

Active filters

Recent Posts

  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]
  • කණ්ඩායම් දෙකක් ජය පෙනි පෙනී පරදියි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තවත් තරග පහක් අතුරින් තරග දෙකක් ඉතාමත් තියුණු මුහුණුවරකින් පසුව නිමාවට පත්විණි. උණුසුම් මුහුණුවරක් […]
  • ලෝක කුසලානෙට පෙරසූදානම හෙට සිට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය හෙට (10 දා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙය ද්වීපාර්ශ්වික තරගාවලියක් වුවත් ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ ඇති […]
  • නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ කැපවීම අපේ සාර්ථකත්වය හේතුවයි – කුසල් මෙන්ඩිස්
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ සහයෝගයත් කැපවීමත් හේතුවෙන් එක්දින පිල දිනෙන් දින සාර්ථකත්වයට පත්වෙමින් ඇති බව කුසල් මෙන්ඩිස් පැවැසීය. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ගෙවී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee