slc
logo
Home   |    News
මාර්තු 7, 2021
කොදෙව් පිලට එරෙහි ටෙස්ට් සටනට පැතුම් නිස්සංකව නම් කරයි

sinhala editor

විස්සයි-20 සහ එක්දින තරගාවලියෙන් පසු බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට පැතුම් නිස්සංකව ඇතුළත් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

තවත් විස්සයි-20 ජාත්‍යන්තර තරග 2 කට පමණක් ක්‍රීඩා කර ඇති දකුණත් පිතිකරු නිස්සංක, තවමත් 22 හැවිරිදි වියේ පසුවන්නේය. කොදෙව් පිලට එරෙහිව පැවැති පළමු සහ දෙවැනි විස්සයි-20 තරග දෙකේදී ලකුණු 30 සීමාව ඉක්මවාලමින් ලකුණු ලබා ගැනීමට සමත්වූවේ විස්සයි-20 තරග අංශයටද වඩාත් සුදුසු බව පෙන්වා දෙමිනි.

කෙසේ වෙතත් නම් කරන ලද ටෙස්ට් සංචිතයට තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වාද එක්ව සිටියි. ඉකුත් දකුණු අප්‍රිකානු තරග සංචාරය යටතේ පැවැති පළමු ටෙස්ට් තරගය අතරතුරදී ආබාධයකට ලක්වීම හේතුවෙන් ධනංජයට මේ දක්වා පැවැති සියලුම ජාත්‍යන්තර තරග වලට සහභාගිවීමේ අවස්ථාව අහිමිවිය. ඒ අනුව ධනංජය ද සිල්වාට අමතරව ළහිරු තිරිමාන්න, රොෂේන් සිල්වා, ලසිත් ඇඹුල්දෙණිය සහ විශ්ව ප්‍රනාන්දු අද අළුයම බටහිර ඉන්දීය කොදෙව් දූපත් බලා පිටත්ව ගියහ.

මෙම ක්‍රීඩකයන් 5 දෙනා කොදෙව් පිලට එරෙහිව පැවැත්වෙන තරග 2 කින් සමන්විත තරගාවලිය සඳහා එක්වන අතරතුරදී එක්දින සහ විස්සයි-20 තරග සඳහා පිටත්ව ගිය ධනුෂ්ක ගුණතිලක, අෂේන් බණ්ඩාර, තිසර පෙරේරා, කමිඳු මෙන්ඩිස්, නුවන් ප්‍රදීප්, අකිල ධනංජය, ලක්ෂාන් සඳකැන් සහ ඩිල්ෂාන් මදුශංක එක්දින තරගාවලිය අහවර වීමත් සමඟ ශ්‍රී ලංකාව බලා පැමිණීමට නියමිතව සිටිති.  

ටෙස්ට් සංචිතය – දිමුත් කරුණාරත්න (නායක), ඕෂද ප්‍රනාන්දු, දිනේෂ් චන්දිමාල්, ළහිරු තිරිමාන්න, නිරෝෂන් දික්වැල්ල, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, පැතුම් නිස්සංක, දසුන් ශානක, වනිඳු හසරංග, දුෂ්මන්ත චමීර, අසිත ප්‍රනාන්දු, රමේෂ් මෙන්ඩිස්, ලසිත් ඇඹුල්දෙණිය, විශ්ව ප්‍රනාන්දු, රොෂේන් සිල්වා, සුරංග ලක්මාල්.

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee