slc
Home   |    News
අප්‍රේල් 24, 2021
දිමුත් – ධනංජය ශ්‍රී ලංකාව ඔසවා තබති

sinhala editor

Chamila Karawita reporting from Pallakele

බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය වූ අද (24 දා) දිවා ආහාරය සඳහා තරගය නිමා කරන විට කඩුලු රැක ගත් දිමුත්කරුණාරත්න සහ ධනංජය ද සිල්වා අවධානම් කළාපය හේවත් පිට පිටම දෙවැනි වරටත් පන්දුවට පහර දීමේ අවධානමෙන් ශ්‍රී ලංකා කණ්ඩායම මුදවා ගත්හ. උදෑසන වරුවේ තරගය ක්‍රියාත්මක මිනිත්තු 135 ක කාලය තුළදී කඩුලු ආරක්ෂා කරගත් වමත් – දකුණත් පිතිකරු යුගලය තෙවැනි එම කාල සීමාව ඇතුළතදී තවත් ලකුණු 102 ක් එක් කරමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 3 ට ලකුණු 331 ක් දක්වා රැගෙන ආහ.

ඉනිමක පරාජයෙන් බේරීම සඳහා ශ්‍රී ලංකා පිලට තවත් අවශ්‍ය වන්නේ ලකුණු 12 ක් පමණි. උදෑසන කාලයේ සිදුවූ විශේෂතම සිදුවීම බවට පත්වූයේ ශ්‍රී ලංකා නායකයා සිය 11 වැනි ශතකය වාර්තා කර ගැනීමට සමත්වීමය. බංග්ලාදේශයට එරෙහිව වාර්තා කරන ලද දෙවැනි ශතකය බවට පත්වූ කරුණාරත්නගේ ශතකයත් ධනංජය ද සිල්වා ලබා ගත් ලකුණු 74 ත් හේතුවෙන් සිව්වැනි කඩුල්ලේ සම්බන්ධතාවය 141 ක් දක්වා ඉහළ නැංවිණ.

පළමු පන්දුවේදීම ලකුණු 3 ක් ලබා ගනිමින් දිනය ඇරැඹූ කරුණාරත්න සහ ධනංජය කඩුලු අතර දිව යමින් ලකුණු රැස් කළහ. ලකුණු 99 ක් ලබා සිටි අවස්ථාවේදී තරමක් සංසුන් වුණු දිමුත් ශතකය ලබා ගැනීම සඳහා තවත් පන්දු 9 ක් වැය කළේය. මුහුණ දුන් 274 වැනි පන්දුවේදී ශ්‍රී ලංකා නායකයා ශතකය සම්පූර්ණ කරගන්නා විට ලකුණු 32 ක් පමණක් හතරේ පහර වලින් ලබාගෙන තිබූ ඒවා වූ අතර ඉතිරි ලකුණු 68 ම කඩුලු අතර දිව යමින් ලබාගත් ඒවා විය.

දිමුත්ට පෙර බංග්ලාදේශ නායක මොමිනුල් හක්ද මෙම තරගයේදී 11 වැනි ටෙස්ට් ශතකය වාර්තා කළ බැවින් එකම තරගයකදී දෙපිළේ නායකයින් 11 වැනි ශතකය වාර්තා කිරීමට සමත්වීම මෙම තරගයේ විශේෂත්වයක් ලෙසින් හැඳින්විය හැක.

දිවා ආහාරය සඳහා තරගය නිමා කරන විට දිමුත් කරුණාරත්න ලකුණු 139 ක්ද ධනංජය ද සිල්වා ලකුණු 74 ක්ද ලබා සිටිති.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest