slc
Home   |    News
අප්‍රේල් 21, 2021
දෙපිළම වේග පන්දු යවන්නෝ ගැන විශ්වාසය තබති

sinhala editor

Chamila Karawita reporting from Pallekele

පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ අද (21 දා) ආරම්භ වුණු පළමු ටෙස්ට් තරගයේදී කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ නායක මොමිනුල් හක් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය. වේග පන්දු යවන්නන්ට උචිත වෙතැයි අනුමාන කෙරෙන පල්ලකැලේ තණතීරුවේදී දෙපිළම වේග පන්දු යවන්නන් තිදෙනා බැගින් කැඳවමින් තරගයට අවතීර්ණ ව සිටියි.

ශ්‍රී ලංකා කණ්ඩායම සුරංග ලක්මාල්, ළහිරු කුමාර සහ විශ්ව ප්‍රනාන්දු කැඳවමින්ද, බංග්ලාදේශ කණ්ඩායම අබූ ජායෙඩ්, ටස්කින් අහමඩ් සහ එබදාත් හොසේන් කැඳවමින් තරගයට අවතීර්ණව සිටිති. කෙසේ වෙතත් සත්කාරකයින් විශේෂඥ දඟ පන්දු යවන්නා ලෙස වනිඳු හසරංග කැඳවමින් තරගයට අවතීර්ණ වද්දී සංචාරක පිල මෙහෙදි හසන් සහ ටයිජුල් ඉස්ලාම් දඟ පන්දු යවන්නන් ලෙස යොදා ගනිමින් අවතීර්ණ වී සිටියි.

බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය අතරතුරදී ඉවත් වුණු ඇන්ජලෝ මැතිව්ස් කණ්ඩායමට පැමිණීම නිසා දිනේෂ් චන්දිමාල්ට අද තරගයේදී ස්ථානය අහිමිවී තිබේ. අවසන් වරට කොදෙව් කණ්ඩායමට ක්‍රීඩා කරන ලද කණ්ඩායමේ සිටි ලසිත් ඇඹුල්දෙණිය වෙනුවට වනිඳු හසරංගද දුෂ්මන්ත චමීර වෙනුවට ළහිරු කුමාරවද කැඳවා තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම – 1. දිමුත් කරුණාරත්න (නායක), 2. ළහිරු තිරිමාන්න, 3. ඕෂද ප්‍රනාන්දු, 4. පැතුම් නිස්සංක, 5. ඇන්ජලෝ මැතිව්ස්, 6. ධනංජය ද සිල්වා, 7. නිරෝෂන් දික්වැල්ල, 8. වනිඳු හසරංග, 9.සුරංග ලක්මාල්, 10. ළහිරු කුමාර, 11. විශ්ව ප්‍රනාන්දු.

බංග්ලාදේශ කණ්ඩායම – 1.ටමීම් ඉක්බාල්, 2.නයිෆ් හසන්, 3.නජ්මුල් හොසේන්, 4. මොමිනුල් හක් (නායක), මුෂ්ෆිකර් රහීම්, 6. ලිටන් දාස්, 7. මෙහෙඩි හසන්, 8. ටයිජුල් ඉස්ලාම්, 9. ටස්කින් අහමඩ්, 10. අබූ ජායෙඩ්, 11. එබාදාත් හොසේන්.

Active filters

Recent Posts

  • මදුෂ්ක සහ මදුශංක ශ්‍රී ලංකා ‘ඒ’ පිල දිනවති
    Chamila Karawita reporting from Pakkekele නිශාන් මදුෂ්කගේ විශිෂ්ඨ ශතකයත් (107) සහ ඩිල්ෂාන් මදුශංකගේ සුපිරි පන්දු යැවීමත් (44/4) නිසා දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායමට එරෙහිව පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (06 […]
  • ලංකා ප්‍රිමියර් ලීග් 2023 තරගාවලියේ තාක්ෂණික කමිටුව නම් කරයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිව්වැනි වතාවටත් පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් – 2023 පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ තාක්ෂණික කමිටුව සඳහා සිව් දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර තිබෙන […]
  • ඒස් කැපිටල් සහ කුරුණෑගල යූත්ට ජය
    ක්‍රිකට් ආයතනය මෙහෙය වන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (05) පැවැති තරග දෙක අතුරින් එස්.එස්.සී. සහ ඒස් කැපිටල් තරගය තියුණු මුහුණුවරක් ගත් අතර ඒස් කැපිටල් […]
  • එක්දින ගමන් මග පිළිබඳ සතුටුවිය හැකියි – ක්‍රිස් සිල්වර්වුඩ්
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ එක්දින ගමන් මඟ සම්බන්ධයෙන් පුහුණුකරු ලෙස තමන් වඩාත් සතුටට පත්වන බව ක්‍රිස් සිල්වර්වුඩ් මහතා පැවැසීය. තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන එක්දින ක්‍රිකට් […]
  • ඕෂදගෙන් නායකත්වයේ ඉනිමක්
    ගාලු ක්‍රීඩා සමාජ නායක ඕෂද ප්‍රනාන්දු නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කිරීමට සමත්වීම නිසා අද (04) නිගම්බු ක්‍රීඩා සමාජයට එරෙහි තරගයේදී පන්දු 55කදී ලකුණු 72ක් ලබා ගැනීමෙන් පිත්තෙන් කැපී පෙනිණ. […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest