slc
logo
Home   |    News
අප්‍රේල් 28, 2021
දෙවැනි ටෙස්ට් තරගයට ශ්‍රී ලංකාවෙන් වෙනම සැලසුමක්

sinhala editor

ප්‍රවීන් ජයවික්‍රමට ටෙස්ට් වරම්

Chamila Karawita reporting from Pallakele

ඉහළ ලකුණු වාර්තා වෙමින් විසඳුමකින් තොරව පළමු ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වූ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමට හෙට (29 වැනිදා) ආරම්භ වන ටෙස්ට් තරගයේ ජයග්‍රහණය අතිශයින්ම වැදගත් වනු ඇත. ඒ ටෙස්ට් ශ්‍රේණිගත කිරීමෙහි රැදී සිටින 7 වැනි ස්ථානය තවදුරටත් ආරක්ෂා කර ගැනීමටය.

පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී හෙට ඇරඹෙන  ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වුවහොත් ටෙස්ට් රටවල් ශ්‍රේණිගත කිරීම්හි ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විටත් රැඳී සිටින 7 වැනි ස්ථානයේ සිට 8 වැනි ස්ථානය දක්වා පහත යෑම කිසිවෙකුටත් වළකාලිය නොහැක. එබැවින් මෙම තරගය ජය ගැනීම ශ්‍රී ලංකාවට රැඳී සිටින ස්ථානය ආරක්ෂා කර ගැනීමට බෙහෙවින් ඉවහල් වනු ඇත.

තරගාවලිය ආරම්භයට පෙර ටෙස්ට් රටවල් ශ්‍රේණිගත කිරීම ගත් කළ ශ්‍රී ලංකාව 7 වැනි ස්ථානයේ සිටද බංග්ලාදේශ 9 වැනි ස්ථානයේ රැඳී සිටියහ. ප්‍රසාද ලකුණු 83 ක් ලබා ශ්‍රී ලංකාව එහි රැඳී සිටියද හෙට තරගයද ජය පැරදුමෙන් තොරව අවසන් වුවහොත් ශ්‍රීලංකාවේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 80 දක්වා පහතවැටෙන අතර එම තත්ත්වය මත ප්‍රසාද ලකුණු 81 ක් ලබා 8 වැනි ස්ථානයේ රැඳී සිටින කොදෙව් කණ්ඩායම 7 වැනි ස්ථානය දක්වා පෙරමුණට පැමිණෙනු ඇත.

මෙකී තත්ත්වය හෙට තරගය සසඳීමට ලෑස්තිවන්නේ කෙසේද යන්න ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්නගෙන් කරන ලද විමසීමේදී, සංඛ්‍යා දත්ත පිළිබඳව අවධානය යොමු කිරීමට වඩා තමන් ඇතුළු කණ්ඩායම නිරන්තරයෙන්ම උත්සාහ ගනු ලබන්නේ තරගාවලිය ජයග්‍රහණය කිරීමට බව සඳහන් කර සිටියේය.

“අපි හැම තිස්සමෙ තරගයක් ක්‍රීඩා කරන්නේ ජයග්‍රහණය කරන්න. ඉතිං අපි පුලුවන් උපරිදම දක්ෂතා දක්වලා තරගාවලිය දිනන එක තමයි අපි හැමෝගම සැලසුම. ඒ දේම තමයි අපි කළින් තරගයේදීත් කරන්න සැලසුම් කළේ. නමුත් අපි බලාපොරොත්තු වුණු දේ ඒ තණතීරුවෙන් ලැබුණේ නෑ” යි දිමුත් අදහස් දැක්වීය.

හෙට ඇරඹෙන තරගය ශ්‍රී ලංකාවට වාසිදායක ලෙස හසුරුවා ගැනීමට නම් අනිවාර්යයෙන්ම බංග්ලාදේශ කණ්ඩායම සතු ඉනිම දෙකේ කඩුලු 20 දවා ගැනීම ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට අනිවාර්යය වනු ඇත.”පන්දු යවන්නන්ට කඩුලු 20 ක් අරගෙන ජයග්‍රහණය කරන්න තරම්  ලොකු සපෝර්ට් එකක් ඒ තණතීරුවේ තිබුණේ නෑ. විශේෂයෙන්ම මේ අව් රශ්මියත් එක්ක හරි අමාරුයි වේග පන්දු යවන්නන්ට ගැලපෙන විදියට තණතීරුව සකස් කරන්න. ඒ හින්දා මේ තරගයේදී අපි සැලසුම් කළේ කණ්ඩායමේ ඉන්න දඟ පන්දු යවන්නන් එක්ක තරගය ඉදිරියට අරන් යන්න. අපේ පිතිකරුවන්ගේ ප්‍රශ්නයක් නෑ. ඔවුන් ලකුණු අතර ඉන්න නිසා හොඳ මානසික මට්ටමක් තියෙනවා. අපි බලන්නේ දඟ පන්දු යවන්නන්ට හොඳ අවස්ථාවක් නිර්මාණය කර දෙන්න” යි දිමුත් සඳහන් කර සිටියේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 5000 සීමාව පසුකර යෑම සඳහා තවත් ලකුණු 8 ක් පමණක් අවශ්‍යව සිටින දිමුත් සඳහන් කරන අන්දමට හෙට තරගයේදී බොහෝ විට ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රධාන වේග පන්දු යවන්නන් දෙදෙනකු සහ ධනංජය ද සිල්වාද කැටුව තවත් දඟ පන්දු යවන්නන් දෙදෙනකුද කැටුව තරගයට අවතීර්ණ වනු ඇති බවයි.

“මම අන්තිය තරගයේදීත් කිව්වේ මේ තරගය සඳහා දෙපැත්තටම පනහ – පනහ ඉන්න විකට් එකක් හදනවා කියලා. මේකෙ පළවැනි දවස් කීපය පිතිකරුවන්ට යෝග්‍ය වෙයි. අනෙත් තුන ගොඩක් වෙලාවට දඟ පන්දු යවන්නන්ට සපෝරට් එකක් දෙයි කියලා තමයි අපි බලාපොරොත්තු වෙන්නේ” යි සඳහන් කරන දිමුත් “ඒකට හරියන සංයුතිය තමයි අපි හෙට තරගයට ක්‍රීඩා කරවන්න බලාපොරොත්තු වෙන්නේ” යි වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

ඒ සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විටත් තරගයට යන අවසන් 13 දෙනා කවුරුන්ද යන්න තෝරාගෙන අවසන්ව තිබේ. ඒ අතර සංචිතයට අලුතින් එක්ව සිටින ප්‍රවීන් ජයවික්‍රමද ඇතුළත්ව සිටින බව සඳහන් කරන ශ්‍රී ලංකා නායකයා හෙට තරගයේදී බොහෝ දුරට ඔහුට කණ්ඩායමේ ස්ථානයක් හිමිවනු ඇති බවද සඳහන් කර සිටියේය.

“අපි දඟ පන්දු යවන්න්ගෙන් යන්න බලාපොරොත්තුවක් තියෙන නිසා ඔහුට (ප්‍රවීන්ට) ලොකු අවස්ථාවක් තියෙනවා. කොහොම වුණත් තවම අවසන් 11 දෙනා සිලෙක්ට් කරලා නෑ. 13 දෙනාගේ සංචිතයේ ප්‍රවීන් ඉන්නවා. කිව්වා වගේ ඔහුට ගොඩක් ලොකු අවස්ථාවක් තියේවි හෙට තරගයට ක්‍රීඩා කරන්න” යි පවසන ශ්‍රී ලංකා නායකයා ලක්ෂාන් සඳකැන් සංචිතයට කැඳවුවද ඔහුට ස්ථානය හිමි නොවන බවද වක්‍රාකාරව ඇඟවෙන පරිදි අදහස් දක්වා සිටියේය.

ඒ අනුව හෙට තරගයේදී ප්‍රවීන් ක්‍රීඩා කළ හොත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනාගත් 156 වැනි ක්‍රීඩකයා බවට ඔහු පත්වනු ඇත. මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල නියෝජනය කරමින් ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණවී සිටින ප්‍රවීන් දේශීය පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තරග 10 කට ක්‍රීඩා කරමින් කඩුලු 20 ක් දවා ගැනීමට සමත්ව සිටින්නේය. තවමත් 22 හැවිරිදි ජයවික්‍රමගේ කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 24.57 ක් ලෙස සටහන් වේ.

“අපි මුලින් බලන්න ඕන දඟ පන්දු යවන්නන් යොදාගන්නේ කොහොමද කියලා. අපිට පිට දඟ පන්දු යවන්න රමේෂ් මෙන්ඩිස් ඉන්නවා. අන්තිම 11 තෝරනකොට අපි පන්දුවේ දඟ කැවෙන පැත්තත් බලන්න ඕන, කොයි පැත්තටද දඟ කැවෙන්නේ කියලා. සඳකැන් වමතින් දඟ පන්දු යැව්වත් එයා චයිනමන් කෙනෙක්. ඔහු දඟ කවන්නේ වමත් පිතිකරුවන්ගෙන් එළියට. රමේෂුත් එහෙමයි. ධනංජයත් එහෙමයි. ඒ පැත්තට දඟ කවන දෙන්නෙක් ඉන්න හින්දා ප්‍රවීන්ට තරගය ක්‍රීඩා කරන්න අවස්ථාව තියෙනවා”යි දිමුත්පවසයි.

මේ අතර ප්‍රතිවාදී බංග්ලාදේශ පිලේ ශක්තීන් දෙස අවධානය යොමු කිරීමේදී ආරම්භක පිතිකරු ටමීම් ඉක්බාල් ඉදිරියෙන් සිටින අතර ඔහුවද ඉක්මනින් දවා ගැනීම සදහා ශ්‍රී ලංකා පිල සැලසුමක් දියත් කර තිබේ. පළමු තරගයේ ඉනිම දෙකේදීඹ අර්ධ ශතක දෙකක් ලබා ගැනීමට ටමීම් සමත්වූයේ ශ්‍රී ලංකා පන්දු යවන්නන් ව දැඩි ප්‍රහාරයකට ලක් කරමිනි.

“ඔහු ඉක්මනින් ලකුණු අරගෙන ගොඩක් බෝලර්ලව අන්සෙට්ල් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. දකින විදියට ගොඩාක් වෙලාවට ඔහුගේ ලකුණු ලබා ගැනීමේ වේගය අඩාල කළොත් එයා මිස්ටෙක්ස් කරන චාන්ස්  වැඩියි. අපි පළමු තරගයේදී ඔහුව දවා ගන්න උත්සාහ කළා. ඒත් ඒකට ගොඩක් ලකුණු ගියා. මේ තරගයේදී අපි සැලසුම් කරලා තියෙන්නේ එයාගේ ලොකු පාරවල් ටික වහලා ඩිෆෙන්ස්වූ මූඩ් එකට යවන්න. එතකොට අවස්ථාවක් තියෙනවා එයාව දවා ගන්න”

“අපි ගොඩක් ඇටෑක් කරන්න ගියොත් එයත් ඒ දේම කරනවා. එහෙම වුණොත් ලකුණු යනවා. තරගයට එන්න හරි අමාරුයි. අපි බලන්නේ ඒකෙ අනිත් පැත්ත කරලා විකට් එක ගන්න. පසුගිය සීරිස්වලට බැලුවහම ඔහු පිට දඟ පන්දු යවන්නන්ට හොඳට ක්‍රීඩා කරලා නෑ. රමේෂ් සහ ධනංජය දෙන්නනාගෙන් කෙනෙක් ටමීම්ගේ කඩුල්ල අරන් දෙයි කියලා විශ්වාස කරනවා”යි ශ්‍රී ලංකා නායකයා සිය සැලසුම් පිළිබඳව විග්‍රහ කර සිටියි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන්නන් ලෙසින් සුරංග ලක්මාල් සමඟින් විශ්ව ප්‍රනාන්දු ක්‍රීඩා කරද්දී වනිඳු හසරංගට සිය ස්ථානය අහිමිවනු ඇත. ඉදිරි පෙළ පිතිකරුවන් වෙනුවෙන් වෙන්වී ඇති ස්ථානයවල කිසිදු වෙනසකින් තොරව හෙට තරගයට අවතීර්ණ වනු ඇත.

පළමු තරගයේදී දෙපිළේම පිතිකරුවන්ගේ දක්ෂතා කැපී පෙනෙමින් අවසන් වුවද බංග්ලාදේශ කණ්ඩායමේද වෙනස්කමක් දැකිය හැකි යැයි අනුමාන කළ නොහැක. මන්ද යත් සංචාරක කණ්ඩායම වුවද ඔවුන් පළමු තරගයේ සිටම ප්‍රධාන වේග පන්දු යවන්නන් තිදෙනාට අමතරව ඔවුන්ගේ ප්‍රධානතම දඟ පන්දු යවන්නන් දෙදෙනා වන මෙහෙදි හසන් සහ තයිජුල් ඉස්ලාම් සමඟ තරගයට ගිය බැවිනි.

දෙරට අතර ඉතිහාසයේ මෙතෙක් පවත්වා ඇති ටෙස්ට් තරග 21 න් දොලොස් වතාවක ජය ශ්‍රී ලංකාව ලබා ගනිද්දී 9 වතාවක් ජය පැරදුමෙන් තොරව එක් වතාවක් බංග්ලාදේශ පිල ජය ගැනීමට සමත්ව සිටිති.

ශ්‍රී ලංකා කණ්ඩායම – දිමුත් කරුණාරත්න (නායක), ළහිරු තිරිමාන්න, ඕෂද ප්‍රනාන්දු, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, පැතුම් නිස්සංක, නිරෝෂන් දික්වැල්ල, රමේෂ් මෙන්ඩිස්, සුරංග ලක්මාල්, විශ්ව ප්‍රනාන්දු, ප්‍රවීන් ජයවික්‍රම.

බංග්ලාදේශය කණ්ඩායම – ටමීම් ඉක්බාල්, සයිෆ් හසන්, නජ්මුල් හොසේන් ෂැන්ටෝ, මොමිනුල් හක් (නායක), මුෂ්ෆිකර් රහීම්, ලිටන් දාස්, මෙහෙදි හසන්, තයිජුල් ඉස්ලාම්, ටස්කින් අහමඩ්, අබූ ජායෙඩ්, එබදාත් හොසේන්.

Active filters

Recent Posts

  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]
  • චමරි අතපත්තු ලොව අංක 1ට ශ්‍රේණිගත වේ
    ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුවේ ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව එක්දින තරග පිතිකාරිණියන් අතුරින් ශ්‍රී ලංකාවේ චමරි අතපත්තු ප්‍රථම ස්ථානයට පත්ව සිටී. ශ්‍රී ලංකා පිතිකාරිණියක ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමේදී […]
  • චමරිගෙන් විශිෂ්ට ලකුණු 195ක්. අවසාන තරගය ශ්‍රී ලංකාව පහසුවෙන් ජය ගනී
    දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව චමරි අතපත්තු එහි පැවැති තෙවැනි හා අවසාන එක්දින තරගයේදී විශිෂ්ට පිතිහරඹයක නියැළෙමින් නොදැවී රැස් කළ ලකුණු 195ක […]
  • දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම කඩුලු හතකින් ජය ගනී
    දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සෙනසුරාදා (13) කිම්බර්ලි නගරයේ ඩයමන්ඩ් ඕවල් ක්‍රීඩාංගණයේදී දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම සමඟ පැවැති දෙවැනි එක්දින තරගයේදී සත්කාරක දකුණු […]

Pin It on Pinterest

USD United States (US) dollar