slc
Home   |    News
අප්‍රේල් 8, 2021
නව තේරීම් කමිටු සභාපති ධුරය ප්‍රමෝද්‍ය වික්‍රමසිංහට

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තේරීම් සම්බන්ධව කටයුතු කිරීම සඳහා 1996 ලෝක කුසලාන දිනූ කණ්ඩායමේ සාමාජිකයකු වූ ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුතුව සාමාජිකයින් හය දෙනෙකුගෙන් සමන්විත තේරීම් කමිටුවක් පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කරන ලද මෙම කමිටුවට වික්‍රමසිංහ මහතාට අමතරව, රොමේෂ් කළුවිතාරණ, හේමන්ත වික්‍රමරත්න, වරුණ වරාගොඩ, එස්. එච්. උවයිස් කර්නයින් යන මහත්වරුන් සහ තිලකා නිල්මිණී ගුණරත්න මහත්මිය ඇතුළත්ව සිටිති.

පත් කරන ලද මෙම නව තේරීම් කමිටුව සඳහා ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ අනුමැතිය හිමිව තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් යවන ලද නිර්දේශයන් වලට අනුව ජාතික තේරීම් කමිටුව විසින් මෙම තේරීම් කමිටුව නම් කර තිබේ.

පත් කරන ලද නව තේරීම් කමිටුව – ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා(සභාපති), රොමේෂ් කළුවිතාරණ මහතා, හේමන්ත වික්‍රමරත්න මහතා, වරුණ වරාගොඩ මහතා, එස්.එච්. උවයින් කර්නයින් මහතා, තිලකා නිල්මිණී ගුණරත්න මහත්මිය.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest