slc
logo
Home   |    News
අප්‍රේල් 8, 2021
නව තේරීම් කමිටු සභාපති ධුරය ප්‍රමෝද්‍ය වික්‍රමසිංහට

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තේරීම් සම්බන්ධව කටයුතු කිරීම සඳහා 1996 ලෝක කුසලාන දිනූ කණ්ඩායමේ සාමාජිකයකු වූ ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුතුව සාමාජිකයින් හය දෙනෙකුගෙන් සමන්විත තේරීම් කමිටුවක් පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කරන ලද මෙම කමිටුවට වික්‍රමසිංහ මහතාට අමතරව, රොමේෂ් කළුවිතාරණ, හේමන්ත වික්‍රමරත්න, වරුණ වරාගොඩ, එස්. එච්. උවයිස් කර්නයින් යන මහත්වරුන් සහ තිලකා නිල්මිණී ගුණරත්න මහත්මිය ඇතුළත්ව සිටිති.

පත් කරන ලද මෙම නව තේරීම් කමිටුව සඳහා ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ අනුමැතිය හිමිව තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් යවන ලද නිර්දේශයන් වලට අනුව ජාතික තේරීම් කමිටුව විසින් මෙම තේරීම් කමිටුව නම් කර තිබේ.

පත් කරන ලද නව තේරීම් කමිටුව – ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා(සභාපති), රොමේෂ් කළුවිතාරණ මහතා, හේමන්ත වික්‍රමරත්න මහතා, වරුණ වරාගොඩ මහතා, එස්.එච්. උවයින් කර්නයින් මහතා, තිලකා නිල්මිණී ගුණරත්න මහත්මිය.

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee