slc
Home   |    News
අප්‍රේල් 7, 2021
වර්තමාන ක්‍රීඩකයින් සහ හිටපු ක්‍රීඩකයින් මැයි 04 වැනිදා හමුවෙති

sinhala editor

By Chamila Karawita

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙරටට කීර්තියක් අත්කර දුන් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් සහ වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් අතර ප්‍රදර්ශනාත්මක ක්‍රිකට් තරගයක් ලබන මැයි මස 04 වැනි දින පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට තීරණය කර තිබේ.

සමාජ සත්කාරක (චැරිටි) ක්‍රිකට් තරගයක් ලෙසින් පැවැත්වෙන මෙම තරගයේදී ලැබෙන සියළුම මුදල්  සමාජ සත්කාරක අරමුදල් වෙනුවෙන් යොමු කෙරෙනු ලබන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කලමනාකරණ කමිටු ප්‍රධානී මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා සඳහන් කර සිටියේය.

අද පස්වරුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවේදී කරුණු අනාවරණය කර සිටි මහාචාර්යවරයා, එම තරගයට ක්‍රීඩා කිරීම වෙනුවෙන් තමන් වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටුවේ ප්‍රධානියා ලෙසින් කටයුතු කරනු ලබන අරවින් ද සිල්වා මහතාටද ආරාධනා කර සිටියේය. ඒ මහතා එසේ සඳහන් කරන විට අරවින්ද ද සිල්වා මහතා ඊට යාබද පුටුවේ අසුන් ගනිමින් එම මාධ්‍ය හමුවට එක්ව සිටියේය.

හිටපු ටෙස්ට් නායකයකු වන ටී. එම්. ඩිල්ෂාන්ගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල ඉකුත්දා ඉන්දියාවේදී නිමාවට පත් වුණු ‘රෝඩ් සේෆ්ටි වර්ලඩ් සීරීස්’ තරගාවලියට ක්‍රීඩා කරමින් බොහෝ දෙනාගේ අවධානයට පාත්‍රවූ අතර එහිදී  අනුශූරතාවයෙන්ද පිදුම් ලැබීම එම තරගාවලිය වැඩි දුරටත් ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින් වැළඳ ගැනීමට හේතුකාරකයක් වීය.

රූපවාහිනිය හරහා සජීවී විකාශනයක්ද කිරීමට නියමිත මෙම තරගය, කොරෝනා වසංගතයෙන් පසු ක්‍රීඩා ලෝලීන්ගේ සහභාගිත්වයෙන් මෙරටදී පවත්වනු ලබන පළමු ක්‍රිකට් තරගය ලෙසින් බොහෝ දුරට මෙම තරගාවලිය සටහන් වනු ඇත. මීට එල්.පී.එල්. සහ එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාර ශ්‍රී ලංකාවේ පවත්වා ඇතත් ඒ කිසිවක් නැරඹීමේ අවස්ථාව ප්‍රේක්ෂකයින්ට හිමි නොවීය. කෙසේ වෙතත් මෙම තරගාවලිය ක්‍රීඩා ලෝලීන්ට විවෘත වනවාද නැද්ද යන්න සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් සමඟ ඉදිරියේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවෙන් පසුවන බවද මහාචාර්යවරයා මෙහිදී සඳහන් කර සිටියේය.

ලෙජන්ඩ්ස් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන මෙම තරග සඳහා වර්තමාන ජාතික කණ්ඩායම නියෝජනය කරනු ලබන ක්‍රීඩකයින් අතරින් කිහිප දෙනෙකුම ක්‍රීඩා කිරීමට නියමිත අතර ඉතිරි සියල්ල ශ්‍රී ලංකා ‘ඒ’,  නැගී එන සහ සංවර්ධිත සංචිත වල මෙන්ම පාසල් මට්ටමේ දක්ෂතා ඇති ක්‍රීඩකයින්ගෙන් සමන්විත වන බව මෙම මාධ්‍ය හමුවේදී අනාවරණය විය.

“නැෂනල් ටීම් එක කියලා නොවෙයි. එහෙම කියන්නේ නෑ අපි. ඒ කණ්ඩායමේ ක්‍රීඩකයින් කීප දෙනෙක් අරගෙන තවත් සංචිත පසුවන නවක ක්‍රීඩකයින් යොදා ගනිමින් මේ තරගාවලිය සඳහා වන වර්තමාන කණ්ඩායම සකස් වෙනවා” යි මේ පිළිබඳව අදහස් දක්වා සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විධායක නිලධාරී සහ වත්මන් කලමනාකරණ කමිටුවේ ලෙකම් ඈෂ්ලී ද සිල්වා මහතා කරුණු දක්වා සිටියේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මීළඟ නිලවරණය පැවැත්වෙන තෙක් එහි එදිනෙදා කටයුතු පවත්වාගෙන යෑම වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් අර්ජුන් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු කලමනාකරණ කමිටුවක් පත්කරනු ලැබූ අතර, එම කමිටුව මේ පිළිබඳව සියලු අධීක්ෂණ කටයුතු සිදුකරනු ලබනු ඇත.

Recent Posts

  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර අද (20 දා) ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
  • ශ්‍රී ලංකාව ඉනිමකින් පරාජය කළ නවසීලන්තයට පූර්ණ ටෙස්ට් තරගාවලි ජයක්
      දෙවැනි ඉනිමේදී පිතිකරුවන් ධෛර්යවන්ත පිතිහරඹයක නිරත වූවත් පළමු ඉනිමේ වූ අතපසුවීම මඟහරවා ගැනීමට නොහැකිවීම නිසා වෙලිංටන් නුවරදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමක […]
  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest